ePaper – Monday, May 11, 2020

රට පුරා ආයතන අද පටන් විවෘතයි ! කොළඹ – ගම්පහ ඇදිරිය දිගටම
ඇදිරිය මැද වැඩබිමට ඇරඹුමක් -දිස්ත්‍රික්ක 23කට රෑ 8 ඇදිරිය උදේ 5 අවසන්
කොරෝනා පාලනයට දුන් ජනතා සහය අද ඉඳලත් දෙන්න – අගමැති මහින්ද රාජපක්ෂ
මහ ඡන්දෙ තීන්දුවලට අද මැ.කො.ස හමුවක්
සති 2ක් යනතෙක් බස්-දුම්රිය සාමාන්‍ය ජනතාවට තහනම්

පුත්තලමේ ලොක්ඩවුන් ගමකින් කෝටි 4ක කුඩු මතුවෙයි

වසංගත ත්ත්වය හේතුවෙන් හුදෙකලා කළ පුත්තලමේ කඩුමයන්කුලම ගම්මානයෙන් රුපියල් ලක්ෂ 400 කට අධික වටිනාකමක් ඇති හෙරොයින් තොගයක් සොසොයාගෙන තිබේ.

බණ්ඩාරනායකපුර 300ක් නිරෝධායනය අවසන් කරයි

කොරෝනා වෛරසය ආසාදිතයින් බහුලව හමුවූ කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවන් 298 දෙනෙක් ඊයේ (09) සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කර යාපනයේ තෙන්මාරච්චි හමුදා කදවුරු සංකීර්ණයෙන් පිටත්ව ගොස් තිබේ.

විශ්‍රාමික පොලිස් ලොක්කන්ට ආරක්ෂාව යෙදවීමේ තීරණයක්

විශ්‍රාමික පොලිස්පතිවරුන්ට සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට ආරක්ෂාව ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මහඡන්දේ ගැන තීරණයක් ගන්න මැකො ලබන සතියේ රැස්වේ

මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස්වලට අනුව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ඉදිරි සතියේ රැස්වීමට නියමිත ය.

සෝෂල් මීඩියාවල වීඩියෝ දාන්න දරුවන් පෙළඹවූ අයෙක් අත්අඩංගුවට

දරුවන් ලවා තර්ජනාත්මක වීඩියෝ සමාජ ජාල වෙත යොමු කිරීමට දරුවන් පොළඹවන ලද බව කියන තරුණයෙක් ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබේ.

වෙසක් පෝය දින බල්ලෙක් මැරූ විශ්‍රාමික පොලිස් ලොක්කා අත්අඩංගුවට

සිය නිවස ඉදිරිපිට මලපහ කරන සුනඛයකු සමග උරණ වූ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වෙසක් පොහොය යෙදෙන අද දිනයේ කළ වැඩි තැබීමකින් සුනඛයා මියගොස් තිබේ.

සහරාන්ගේ ගෝලයෝ සටන් පුහුණුව දුන් තවත් පිරිසක් ගැන හෙළිදරව්වක්

මදුරන්කුලියේ මද්‍රසා පාසල පවත්වාගෙන ගිය පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නීතීඥවරයා සභාපතිධුරය දරණ රාජ්‍ය නොවන සංවිධානයට මැදපෙරදිග රටකින් ආධාර ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලින් හෙළිවෙයි.

ඇඳිරිනීතිය නිසා අතරමං වූ 1000ක් නිවෙස් වෙත

ඇදිරි නීතීය හේතුවෙන් සිය නිවෙස්වලට යාමට නොහැකිව නුගේගොඩ පොලිස් කොට්ඨාශයේ රැදී සිටි 1030 දෙනෙක් අද (07) ගම්බ්ම්බලා පිටත් කර තිබේ.