ගෙවුණු පැය 24 තුළ 500 දෙනෙක් අත්අඩංගුවට

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අද 27 අළුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 533 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සදහන් කරයි. ඊට අමතරව අත්අඩංගුවට ගත් වාහන ගණන 98 කි.

ePaper – Thursday, March 26, 2020

ජනතාව නිවසේ තබා රටේම නිරෝධායනය රැකගන්න කැබිනෙට්ටුවෙන් තීන්දුවක් –
නිවසටම අත්‍යවශ්‍ය භාණ්ඩ එන වැඩපිළිවෙලක් – දේශිය අහාර නැඹුරුව වැඩි කිරීමටත් අවධානය

දින 14කට පසු කොරෝනා රෝගියෙකු වාර්තා නොවු දිනයක් – සැක රෝගීන් ගණන 255ක් – වෛද්‍ය අනිල් ජාසිංහ කියයි
දිස්ත්‍රික් 17කට ඇඳිරිනීතිය උදේ 6කට ඉවත් කරයි
චාල්ස් කුමරුට කොරෝනා

යාපනේ අයට කොරෝනා නැත්නම් ඇඳිරිනීති කාලය කෙටිවෙන ලකුණු

යාපනයට කොවිඩ් 19 වෛරසය රැගෙන පැමිණි ස්විස් දේවගැතිවරයාට නිරාවරණය වූ පුද්ගලයින්ට වෛරසය ආසාධනය වී නැති බව ලබන 29 වෙනිදා වන විට තහවුරු වුවහොත් යාපනය දිස්ත්‍රික්කයට නැවත දැනුම් දෙන තුරු පනවනු ලැබූ ඇදිරි නීතිය බොහෝ දුරට ලබන 30 වෙනිදා අවසන් කිරීමට හැකිවනු ඇතැයි යාපනයේ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ බලධාරීන් විශ්වාස කරති.

ලීසිං වාරික පොලී මාස 6කට අත්හිටුවයි – තවත් සහන රැසක්

කල්බදු ක්‍රමයට මිලදී ගෙන ඇති ත්‍රී රෝද රථ, යතුරු පැදි, මෝටර් රථ, වෑන් රථ , බස් රථ, ලොරි රථ ආදී සියළුම වාහනවලට අදාල ලීසින් වාරික පොලී ගෙවීම මාස 6 කට අත්හිටුවන්නට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ePaper – Wednesday, March 25, 2020

ජනතාව නිවසේ තබා රටේම නිරෝධායනය රැකගන්න කැබිනෙට්ටුවෙන් තීන්දුවක් –
නිවසටම අත්‍යවශ්‍ය භාණ්ඩ එන වැඩපිළිවෙලක් – දේශිය අහාර නැඹුරුව වැඩි කිරීමටත් අවධානය

දින 14කට පසු කොරෝනා රෝගියෙකු වාර්තා නොවු දිනයක් – සැක රෝගීන් ගණන 255ක් – වෛද්‍ය අනිල් ජාසිංහ කියයි
දිස්ත්‍රික් 17කට ඇඳිරිනීතිය උදේ 6කට ඉවත් කරයි
චාල්ස් කුමරුට කොරෝනා

කොරෝනා වෛරසයෙන් මෙරට පිරිසක් මියගිය බොරුව පැතිරූ අයෙක් අත්අඩංගුවට

කොවිඩ් 19 වෛරසයෙන් මෙරට පුද්ගලයින් 10 දෙනෙක් මියගොස් ඇති බවට ව්‍යාජ තොරතුරක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කළ පුද්ගලයෙක්ව ලබන 01 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 25 නියෝග කරනු ලැබීය.

ඇඳිරිනීතිය කඩකළ 2700ක් අත්අඩංගුවට

ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්දයෙන් අද උදෑසන 6.00 වන විට පොලීසිය පුද්ගලයින් 2700 දෙනෙක් සමග වාහන 715 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් නීති අංශ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා සදහන් කළේය

කොරෝනා යාපනේට ගෙනා දේවගැති ඇදහිලි මගින් ලෙඩ සුවකරන්නෙක්

කොවිඩ් 19 වෛරසය යාපනයට රැගෙන පැමිණි ස්විස් දේවගැතිවරයා අන්තවාදී ආගම්පතුරුවන්නෙක් බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

යාපනයේ තාවඩි ගමම ස්වයං නිරෝධායනයට

ස්විට්සර්ලන්තයෙන් පැමිණි දේවගැතිවරයාගෙන් කොවිඩ් 19 වෛරසය වැලදුණු පුද්ගලයා පදිංචිව සිටින යාපනයේ උඩුවිල් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් තාවඩි ප්‍රදේශයේ ජනතාව නිවාසවලටම කොටුකර තැබීමට සෞඛ්‍ය අංශ සහ පොලීසිය පියවර ගෙන තිබේ.

ePaper – Monday, March 24, 2020

බස්නාහිරම කොරෝනා අධි අවදානම් කලාපයක් – කොළඹ, ගම්පහ, කළුතරට යළි දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය
කොරෝනා වෛරසය ආසාදිතයන් 102ක් ශ්‍රී ලංකාවේ
ලොව මරණ ගණන 17000 ළංවෙයි
ඇඳිරි නීතිය කාලයෙත් ඔසුසැල් විවෘතයි
ඈත්වී හමුවූ පක්ෂ නායකයෝ
කොරෝනා මඬින්න එක්වෙති