අ’පුර සිද්ධිය පිටුපස දූෂිත නිලධාරියෙක්! – මැගසින්, වැලිකඩ ඖෂධ ගබඩා සිරකරුවෝ බිඳදමලා

අනුරාධපුර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය පිටුපස දුෂිත නිලධාරියෙක් සිටින බවට බුද්ධි අංශ වෙත තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ‘ද කළම්බෝ එක්ස්ප්‍රස්’ වෙත වාර්තා වේ.

අ’පුර බන්ධනාගාරයේ වෙඩිතැබීමකින් සිරකරුවකු මරුට – ඇතුළේ ගින්නක්

නව කොරෝනා ආසාදිත රෝගියෙකු අනුරාධපුර බන්ධනාගාරය තුළ සිටින බවට සැකපිට ඇතිවූ සිද්ධියක් මුල් කර ගනිමින් සිදුවූ නොසන්සුන්තාවක් පාලනය කිරීමට යාමේදී ඒ තුළ සිටි රැඳවූවකු මියගොස් තිබේ.

විදේශීය පියතුමකු පැවැත්වූ යාපනයේ දේව මෙහෙයකට ගිය 20ක් නිරෝධායනයට

යාපනයේ අරියාලෙයි ප්‍රදේශයේ දේව මෙහෙයක් පැවැත්වීමට ස්විට්සර්ලන්තයේ සිට පැමිණි පියතුමකු හා සමීපව කටයුතු කළ පුද්ගලයන් විසි දෙනකු දෙනකු ස්වයං නිරෝධානයට ලක් කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.

මෙරට කොරෝනා ආසාදිත අනුපාතය පහළට

කොරෝනා රෝගය වැළඳී ඇති බවට සැක කරන පුද්ගලයන් 60 දෙනෙකු ඊයේ පරීක්ෂාකරයි වෛරසය වැළඳුණු බවට අනාවරණය වූයේ එක් රෝගියකු පමණක් බවත් මෙම තත්ත්වය යහපත් බව රජයේ වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධානී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඇඳිරිනීතිය කඩකළ 48ක් අත්අඩංගුවට

දිවයින පුරා ඇඳිරි නීතිය පැනවූ ඇඳිරි නීතිය පැන වූ අවස්ථාවේ සිට මේ දක්වා නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 48 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .

‘පාස්පෝට් ප්‍රශ්න නිසා හැංගිලා ඉන්න එපා සහනයක් දෙන්න ලෑස්තියි’- පොලීසිය

මේ මස පළමුවැනිදා 15 වැනිදා දක්වා ඉතාලිය ඇතුලු යුරෝපීය රටවල සිට මෙරටට පැමිණි ඇතැම් පිරිස් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර වල ඇති ගැටලු මුල්කරගෙන නිරෝධායන කටයුතුවලට සම්බන්ධ නොවී සැඟවී සිටින බවට තොරතුරු ඇති බව පොලිස් නීති කොට්ඨාස ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ePaper – Friday, March 20, 2020

රටටම ඇඳිරි නීතිය සඳුදා උදේ 6 තෙක් ක්‍රියාත්මකයි
කොරෝනා මඩින්න ගත් පියවරක්
කොරෝනා රෝගීන් ගණන 72 යි
විශේෂඥ වෛද්‍යවරයෙකුත් ඒ අතරට
රෝගය වැළදුනු පුද්ගලයෙකු සුව වී පිටවයයි
වරකාපොල ප්‍රා.මන්ත්‍රීලා 7කට
නිවසේදීම නිරෝධායන ඇරඹේ
අර්බුදය බරපතළ වුවත් තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්මයි – ජනපති

කොරෝනා පැතිරීම අතින් ඉතාලියට වඩා ලංකාව තවම යහපත් – GMOA

මෙරට නව කොරෝනා ආසාදිතයින්ගේ පැතිරීම සහ රෝගීන් හමුවීම ඊයේ වන තුරු ඉතාලියට වඩා ඉහළ මට්ටමක පැවතුණත් අද වන විට අප යම් යහපත් ස්ථානයක සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරයි.

මෙරට කොරෝනා රෝගීන්ට ඖෂධයක් සූදානම් – විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොළ

IDH වෛද්‍යවරුන්ගේ අනුමැතිය ලද වහාම කොරෝනා රෝගීන්ට ලබාදීමට යම් ඖෂධ වර්ගයක් සූදානම් කර තිබෙන බව කොරෝනා වැළැක්වීමේ කාර්ය සාධක බළකායේ සාමාජිකාවක් වන විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පවසයි.

FB කැළඹූ අපයෝජන සිද්ධියේ සැකකරු දැරියගේ සමීප ඥාතියෙක්

සමාජ ජාල තුළ මහත් ආන්දෝලනයකට ලක්වූ දැරියක අපයෝජනය කරන සිදුවීමේ සැකකරු වන ඇයගේ පියාගේ නැගණියගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.