සහරාන්ලාගේ සබඳතා ගැන හොයන්න ජාත්‍යන්තර විමර්ශන අංශ සහයත් ගනී
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා
සහරාන් හශීම් ඇතුළු ඇතුලූ ත්‍රස්ත කල්ලියේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පොලීසිය, අමෙරිකානු විමර්ශන කාර්යංශය, ඕස්ට්‍රේලියානු විමර්ශන කාර්යංශය යන ආයතන සමඟ එක්ව තවදුරටත් දීර්ඝ ලෙස විමර්ශන කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.