ePaper – Teuesday, January 28, 2020

́ඔිස්ටේ‍්‍රලියාව කොරෝනා වෛරසය මර්දනය කිරීමේ එන්නතකට ළංවෙයි
වෛරසය ප‍්‍රති නිෂ්පාදනය දැනටම අවසන්
ෂානි-රවීගෙන් රහස පොලිසිය ප‍්‍රශ්න කරයි
මුඛ ආවරණයට උපරිම සිල්ලර මිලක්
ජනපති ගෝඨාභය සිංගප්පුරුවට

බේරුවල දැනටමත් මද්‍රරසා විශ්ව විද්‍යාලයක් – පළමු වරට කොමිසමේ දී හෙළි වෙයි

බේරුවල ප්‍රදේශයේ මේවන විටත් මද්‍රාසා විශ්ව විද්‍යාලයක් ක්‍රියාත්මක වන බව පළමු වතාවට අද අනාවරණය විය.

කොමිසමේ නියෝගය නීතිපති ඉවතලයි

දේශපාලන පලි ගැනීම් පිලිබඳ සොයාබැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසම නියෝගය පරිදි තරුණයන් එකොළොස් දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව තාවකාලිකව අත්හිටුවිය නො හැකි බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා දන්වා තිබේ.

ePaper – Monday, January 27, 2020

කොරෝනා වෛරසය වැළඳුණු මෙරට පළමු රෝගීයා හමුවෙයි
ඇය චීන ජාතික කාන්තාවක් හුබෙයි පළාතේ සිට ඇවිත් – ලංකාවේ විවිධ පළාත්වල දින 10 සංචාරය කරලා
පාර්ලිමේන්තුවේ බහුතර බලය නැති නිසා රටට හිතකර පනත් ගෙනඒම ප‍්‍රමාදයි
වෛද්‍ය ෂාෆි ගැන අල්ලස් කොමිෂමෙන් විමර්ශනයක්
කොරෝනා නිසා වුහාන්වල හිරවු සිසුන් 21 ආපසු එති

ePaper – Sunday, January 26, 2020

ලාංකේයන් 150 ක් කොරෝනා පැතිරෙනවූහාන්වල හිරවෙති
පැය 48 තුළ පළමු කණ්ඩායම ගෙන්න ගන්න – ජනාධිපති – චීනය තවමත්
අවසර දී නැහැ.
හිටපු අගමැති රනිල්ගෙන් රහස් පොලිසිය ප‍්‍රශ්න කරයි
දේශපාලන බලපෑම් නිසා ඇතැම් විමර්ශන පක්ෂග‍්‍රාහීව සිදුවුණා – පොලිස්පති පුජිත් ජයසුන්දර

විනිසුරු ගිහාන් පිලිපිටිය අත්අඩංගුවට ගැනීම නවතී

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සිද්ධිය සම්බන්ධයෙන් දැනට වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට නොගැනීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

ePaper – Friday, January 24, 2020

කොරෝනා වැලදුනු වුහෑන් නගරයේ විශ්ව විද්‍යාලයක ලාංකේය සිසුන් 85 ක්
මාවනැල්ල බුදු පිළිම කැඩු පරීක්ෂණ සීඅයිඞීයේ මාස 4 පල්වුණා – මාවනැල්ල ඒ.එස්.පී ගාමිණී තෙන්නකෝන්
ලාභ අපේක්ෂා නොකරන ආයතනවලට ජනපතිගෙන් ඉලක්කයක්
පාස්කු ජනපති කොමිසම පුජිත්ගෙන් අද ප‍්‍රශ්න කරයි

මාවනැල්ලේ බුදුපිළිම කැඩූ සැකකරුවන් ඇල්ලීම CIDයට මගහැරේ – කොමිසමේදී හෙළිවෙයි

මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් කළ විමර්ශන මාස 4කට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබුණත් ත්‍රස්ත ප්‍රහාරය සිදුවනතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන නොතිබූ බව පාස්කු කොමිසම හමුවේ අද අනාවරණය වී තිබේ.

“පාසල්වලට ජාති ආගම් පදනම වගේම ‘නිකාබ්’ තහනම් කළ යුතුයි”- අසාත් සාලි

ආගම් සහ ජාතිකත්ව පදනම මත ඇති සියලුම පාසල් අහෝසි කළ යුතු බව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනපති කොමිසම හමුවේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඊයේ සඳහන් කළේ ය.

ePaper – Thursday, January 23, 2020

ශානිගෙන් පැය 6ක් සීඅයිඞීය ප‍්‍රශ්න කරයි
විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්න යයි
ශිරන්ති මැතිනිගෙ උපන්දිනයට පන්සිය නමකට සංඝගත දක්ෂිණාවක්
මාවනැල්ලෙ බුදු පිළිම කැඩු සැකකරුවන් භාරදෙනවා කිව්ව ආසාද් සාලි ඒක කළේ නෑ

විනිසුරු ගිහාන් අත්අඩංගුවට ගැනීමේ නීතිපති උපදෙස් ගැන කරුණු හොයන්න කමිටුවක්

වැඩ තහනමට ලක්ව සිටින මහධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් සම්බන්ධයෙන් යම් කරුණු අධ්‍යයනය කිරීමක් සඳහා පංච පුද්ගල කමිටුවක් වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විසින් පත්කරනු ලැබීය.