ePaper – Wednesday, October 27, 2021

🔴ඉල්ලූ පොහොර එපා කිව්වට චීන සමාගමෙන් ලංකාවට ‘තරවටුවක්’
🔴අලුත් කොවිඩ් රැල්ලක ඉඟියක්!
🔴යුගදනවි ගිවිසුමට එරෙහිව ආණ්ඩුවෙම කොටසක් කොළඹදී ජාතික සභාවක් කැඳවයි
🔴සජබය ඇතුළෙත් අවුලක් “පැන්නුවත් ආණ්ඩුවට යන්නේ නෑ” – මන්ත්‍රී හේෂා

අදානි ජනපති සහ අගමැති හමුවෙයි – ඉදිරි අරමුණු ගැනත් සාකච්ඡා

කොළඹ බටහිර පර්යන්තය පමණක් නොව මෙරට යටිතල පහසුකම් හවුල්කාරිත්වයන් පිළිබඳ ඉදිරියේදී අදානි සමූහය විසින් සොයාබලන බව දානි සමූහයේ ප්‍රධානී, ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි පවස

ePaper – Tuesday, October 26, 2021

🔴කොවිඩ් සීමා කීපයක් ලිහිල් වෙයි
🔴ඩෙල්ටා ප්‍ර‍භේදයේ උප පෙළපත් 20ක් ගැන WHO අවධියෙන්
🔴හවුල්කාර පක්‍ෂ කලකිරීමෙන් – ප්‍රශ්නෙ විසඳගන්න හැටි ජනපති දැනුම් දෙයි
🔴රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන්  සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව පැමිණිල්ලක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ බංග්ලාදේශය පරදති

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ ශතකයක් වාර්තා කරන ලද පළමු පිතිකරුවා බවට පත්වූ චමිඳු වික්‍රමසිංහගේ සුපිරි හරඹය හමුවේ පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන්ද ලකුණු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (25 වැනිදා) හැකියාව ලැබිණ. සුපිරි කණ්ඩායම් 12 අතර තරග වටයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ජ්‍යෙෂ්ඨයින් කඩුලු 5 ක…

ලෝක ජනගහනයෙන් බාගයක්ම සමාජ ජාලයේ

වර්තමානයේදී තොරතුරු තාක්‍ෂණය අපගේ ජීවිතයේ ප්‍රධාන අංගයක් ලෙස ගැඹුරට මුල් බැසගෙන තිබේ. පුද්ගලික අවශ්‍යතා සිට ව්‍යාපාරික කටයුතු දක්වා එය නොමැතිව ජීවිතය ගැන සිතීම දුෂ්කර ය. විශේෂයෙන්ම කොවිඩ් වසංගතයෙන් ලෝකය වෙලාගත් දා සිට ඩිජිටල් තාක්ෂණය අන් කවරදාටත් වඩා අපගේ එදිනෙදා ජීවිතවලට බද්ධ වී තිබේ.

සැප්තැම්බරයේදී උද්ධමනය පහළ ගිහින් – මහබැංකුව

අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ඇතුළු සේවාවල පවා නිරන්තරයෙන් මිල ඉහළ යාම හේතුවෙන් පීඩාවිඳින ජනතාව මේ වනවිට රට පුරා විරෝධතා පවත්වමින් සිටින අවධියක මෙරට තුළ භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාම, පසුගිය සැප්තැම්බර්‌ මාසයේදී පහළ ‍ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැකුව පවසයි. සිය මාසික වාර්තාව ඊයේ නිකුත් කරමින් මහබැංකුව විසින් මේ බව සඳහන් කළේය.

වප් පෝදා ධාතූන් වහන්සේලා රැගෙන භික්ෂූහු සියක් නමක් කුසිනාරාවට වැඩම කරති

ඉන්දියාවේ කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපල එරට අගමැති නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ විවෘත වූ අතර එම උත්සවය නිමිත්තෙන් ගුවන්තොටුපළට ගොඩබසින ලද පළමු ගුවන් යානය වූයේ මෙරට සියක් මහා සංඝරත්නය, ධාතූන් වහන්සේලා සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මැති ඇමතිවරු ඇතුළු දූත පිරිස රැගත් ගුවන් යානයයි. මෙම ඓතිහාසික ගමනට බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද…

වප් පුර පොහෝ දිනය අදයි

අසිරිමත් සිදුවීම් රැසක් සිදුවූ වප් පුන් පොහෝ දිනය අදට යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම වීම, මතු බුදුවන මෛත්‍රී බෝසතුන් ගෞතම බුදු සසුනේ පැවිද්ද ලබාගැනීම හා විවරණ ලැබීම, සංඝමිත්තා තෙරණිය හා ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩමවා ගැනීමට අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු දූත පිරිස දඹදිවට පිටත්කර හැරීම, අරිට්ඨ අමාත්‍යතුමා ඇතුළු පිරිස…

කොවිඩ් මැද්දේ ශ්‍රී ලංකාවේ නිවාස ඉල්ලුම නගරයෙන් ගමට තල්ලු වෙයි

ලෝකයේ වේගයෙන් නිවාස මිල ඉහළ යන රටක් වන ශ්‍රී ලංකාවේ නිවාස ඉල්ලුම කොවිඩ් -19 වසංගතය මධ්‍යයේ නගරයේ සිට ග්‍රාමීය ප්‍රදේශ දක්වා මාරු වෙමින් ඇති බවට නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. අගනුවර වූ කොළඹ නිවෙස් මිල ඉහළ යාම තරමක් සාධාරණ බවක් පෙනී යන බව වාර්තාවේ සඳහන් ය. එහෙත් එය ග්‍රාමීයව ඉතාම ඉහළ අගයන් පෙන්නුම් කරන බව…

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂි නිෂ්පාදනවලට ලෝකෙ තියෙන තැන

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට ඔවුන්ගේ සාම්ප්‍රදායික රසායනික නිෂ්පාදනයේ නිරත වන ගොවීන්ට වඩා ඉහළ ප්‍රතිලාභ ලබන බව ජගත් සංවිධානයේ ආහාර හා කෘෂිකර්මාන්ත පිළිබඳ නවතම දත්ත වාර්තාවකින් අනාවරණය වෙයි. ‘කාබනික කෘෂිකාර්මික ලෝකය- 2021’ වාර්තාවේ සංඛ්‍යාලේඛන හා නැගී එන ප්‍රවණතා පිළිබඳ දත්ත විශ්ලේෂණය මගින් මේ බව පැහැදිලි වෙයි. කාබනික නිෂ්පාදන ගොවීන් රසායනික නිෂ්පාදන ගොවීන්ට වඩා නැඩි…

විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (17) වැනිදා නිල වශයෙන්
එය එක්සත් අරාබි එමීර් සහ ඕමාන් රටවල සත්කාරකත්වයෙන් රටවල් 16 කගේ සහභාගිත්වයෙන් ආරම්භ වේ.