ඉන්ධන පිරවුම්හල් පුද්ගලික අංශයට පවරන්න, කැබිනෙට්ටුවේ අනුමැතිය හිමිවේ

9Viewsතෙල් නිෂ්පාදනය කරන රටවල්වල පිහිටි සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය  කිරීමට සහ අලෙවි කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට අනුමැතිය හිමිවූ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. මෙලෙස සේවා සැපයීමට ඉදිරිපත් වන සමාගම් තෝරාගනු ලබන්නේ ඉන්ධන ආනයනය කිරීමේ හැකියාව මත සහ අදාළමෙහෙයුම්වල පළමු මාස ​​කිහිපය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ බැංකු වෙතින්…

විදුලි බිල 57%කින් ඉහළට ?

විදුලි ගාස්තුව සියයට 82 කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමෙන් අනුමැති ඉල්ලා ඇති බවත් එම යෝජනාව පිළිබඳව මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට සති තුනක කාලයක් දෙන බවත් මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පැවසීය. බහුතර ගෘහස්ථ විදුලි පාරිභෝගිකයින් සඳහා සහනයක් වශයෙන් අදාල ගාස්තු වැඩිකිරීම සියයට 57 කට නොවැඩි වියයුතු…

ශ්‍රී ලංකාවට උපරිමයෙන් සහය දෙන්න – ජෝ බයිඩන් උපදෙස් දෙයි !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සෑම මට්ටමකදීම අඛණ්ඩව සහාය වන බව මෙරටට පැමිණ සිටින ඉහළ පෙළේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ප්‍රකාශ කර තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නියෝජනය කරන දූත පිරිස සහ ජනාධිපතිතුමා අතර හමුව අද පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී…

දුම්රියත් නවතීවිද ?

ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා නිවේදනය කරයි. ඇතැම් රාජ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීමට පහසුකම් සලසා තිබුණ ද සියලුම පාර්ශවයන්ගේ අත්‍යාවශ්‍ය සේවාවක් වන දුම්රිය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම…

මෙරට ඉන්ධන පිරවුම්හල් විදෙස් සමාගම්වලට !

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සතු ඉන්ධන පිරවුම්හල් ඉන්ධන සැපයුම සඳහා විදේශීය සමාගම්වලට ලබාදීමට කැබිනට් මණ්ඩලයට හෙට (27) කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (26) පැවසීය. මෙහිදී ඉන්ධන නිපදවන රටවල්වල සමාගම්වලට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බවත් එම සමාගම් මාස 6 ක් හෝ වසරක කාලයක් ඔවුන්ගේ මව් සමාගම්වලින් ණය…

අත්‍යාවශ්‍ය භාණ්ඩවලින් සියයට 90ක්ම ඉන්දියාවෙන් !

ඉදිරි මාස 03 දී මෙරටට ගෙන්වන අත්‍යවශ්‍ය භාණ්ඩවලින් සියයට 90 ක් ඉන්දියාවෙන් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. ඔහු සඳහන් කළේ ඉදිරියේදී සහල් හෝ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩයක හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට අමෙරිකානු ඩොලර් මිලියන 180 ක් හිමිවීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ලංකාවට ආධාර දෙන්න , ඇමෙරිකාවේ නියෝජිත පිරිසක් හෙට දිවයිනට .

එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහල මට්ටමේ ධූත පිරිසක් හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.  පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි සහය පිළිබඳ වඩාත් ඵලදායි ක්‍රම සම්බන්ධයෙන් ගවේශනය කිරීම සඳහා එම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි මෙටර පිහිටි ඇමරිකාන් තානාපති කාර්යාලය නිවේදනය කළේ.  ලබන 29 වනදා දක්වා මෙරට…

පාසල් පවත්වන්නේ සතියට දින තුනයි !

ලබන සඳුදා සිට ජූලි 01 වෙනිදා දක්වා වන සතිය තුල පාසල් පැවැත්වීම පහත පරිදි සිදු කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වන ලද සාකච්ජාවකින් පසු ගනු ලැබූ තීරණ සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදුකර තිබෙනවා. පසුගිය සතියේ නොපැවැත්වූ නාගරික ප්‍රාදේශවල පාසල් සතියකට දින 03 ක් එනම් අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින පෙ.ව 07.30 සිට ප.ව 01.30…

ළමා මන්දපෝෂණයට විසඳුමක් – ගෙදරදීම ත්‍රිපෝෂ හදාගන්නේ මෙහෙමයි !

රට තුල ආහාර අර්බුදයක් පවතින මෙම අවස්ථාවේ , ගෙදරදීම ත්‍රිපෝෂ සාදාගන්නා අයුරු , රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියාදුන්නේ මෙලෙසයි –

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලොව 7 තැනට

ළමා මන්දපෝෂණ මට්ටම අනුව ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධාන වාර්තා මගින් පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. පවතින ආර්ථික තත්ත්වය හමුවේ මෙම තත්වය ඉදිරියේදී තවත් නරක අතට හැරීමට ඉඩ ඇතැයි අද පැවති මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කළේ ය. මෙරට තුළ සෑම වයස් ඛාණ්ඩයකටම අයත් පිරිස…

ගෙදර වැඩ නිසා මෙරට කාන්තාවන්ගෙන් 60%කටම ආර්ථික අතින් ක්‍රියාශීලී වෙන්න බැරිවෙලා

මෙරට තුළ වෙසෙන ස්ත්‍රීන් හා පුරුෂයන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට හේතු අනාවරණය කරගැනීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හැකියාව ලැබී තිබේ. ඒ 2020 වසරේදී කරන ලද ශ්‍රම බල සමීක්ෂණය ඔස්සේ ය. මෙම සමීක්ෂණයට අනුව තමන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට ප්‍රධාන හේතූන් දෙක ලෙස පුරුෂ පාර්ශවයත් ස්ත්‍රී පාර්ශ්වයත් දක්වා ඇත්තේ වෙනස් කරුණු…

වරායේ දූෂණ අක්‍රමිකතා රැසක් හෙළිදරව්වේ !

හම්බන්තොට වරාය 2017 වර්ෂයේ දී වසර අනූ නවයකට බදු දීමෙන් ලබාගත් මුදල එම වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවීමට යොදා නොගෙන මහ භාණ්ඩාගාරය රජයේ වෙනත් කටයුතු සඳහා වියදම් කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව ) තොරතුරු අනාවරණයවී ඇත. මේ අනුව හම්බන්තොට වරාය ඉදිකිරීම සදහා ලබා ගෙන ඇති විදේශ ණය ප්‍රමාණය…