යූ ටියුබ් එකෙන් සල්ලි හොයන්නේ මෙහෙමයි …

පැතුම් වික්‍රමරත්න වෘත්තීය මට්ටමින් යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යන තරුණ තරුණියන් ලක්‍ෂ ගණනක් අද ලොව පුරා විසිරී සිටි. “යු ටියුබර්” යන නමින් හඳුන්වන මොවුන් බොහෝ දෙනෙකු තම ප්‍රධානතම අදායම් මාර්ගය බවට පත්කරගෙන ඇත්තේද තම යු ටියුබ් චැනලයයි . “යු ටියුබ චැනලයක් ” ආරම්භ කල පමණිනම කිසිවකුටවත් විශාල ආදායමක් හෝ විශාල ග්‍රාහකයින් පිරිසක් එක් කරගත නොහැකි…

අලුත් අවුරුදු සමයේ ප්‍රවේශමෙන්: දියේ ගිලෙන්නේ වැඩිපුරම දරුවන්

දම්පත් රණසිංහ ගංගා ඇල දොල සහ මුහුදේ දිය නෑමට ගොස් දියේ ගිලී අපේ රටේ වාර්ෂිකව සැලකිය යුතු පිරිසක් මිය යන බව පොලිස් සංඛ්‍යා දත්ත විශ්ලේෂණයේදී පෙනී යන කරුණකි. වැඩි වශයෙන් එසේ දියේ ගිලීම් වලට ලක්වන්නේ වයස අවුරුදු 8 ත් 18 අතර පසුවන දරුවන්ය. ඒ අයගෙන්ද වැඩිම පිරිසක් පිරිමි දරුවන්ය. ඊට පසුව වැඩියෙන්ම දියේ ගිලීම් වලින්…

සිංහ ගලේ සිට රක්වාන උසාවිය තෙක් සිංහරාජයේ රසමුසු තැන් ගැන නි.පොලිස්පතිවරයකුගේ මතක සටහන්

සටහන:- ප්‍රියන්ත ජයකොඩිනියෝජ්‍ය පොලිස්පති මේ දවස්වල විල්පත්තුව වගේම සිංහරාජය සුරැකීම සම්බන්ධව විද්‍යුත්, මුද්‍රිත මෙන්ම සමාජ ජාලා මාධ්‍ය තුලත් විශාල කතිකාවක් ගොඩනැගෙමින් පවතිනවා. මම මුලින්ම සිංහරාජයට පය තිබ්බේ 1987 වර්ෂයේ. ඒ මීට අවුරුදු 31 කට උඩදී. ඒ 1987 ජුලී මස 07 වෙනිදා තමයි මම සිංහරාජ වනයේ වැඩිපුරම අයත් වන කලවාන පොලීසියේ ස්ථානාධිපති හැටියට පත්ව ගියේ. එදා…

මෝඩයාගෙ දිනයෙ පටන්ගත් ජපානෙ අලුත් රජසමය

නුවන් ධනුෂ්ක මකායා – ජපානයේ සිට ජපානය අලුත් මූල්‍ය වසරක් අරඹන්නේ සෑම වසරකම අප්‍රියල් 1 වැනිදාය.ඉදිරි වසර සඳහා අලුත් මූල්‍ය වසර ඊයේ ඇරඹිණි.එය පෙර වසරවල් වලට වඩා සුවිශේෂී වූ කරුණක් විය.එනම් වසර 31 ක් සිහසුනට උරුමකම් කී රජකු තම 31 වසරක් හිස පළඳා සිටි ඔටුන්න ගලවා තම පුතුගේ හිස මත පැළඳීමයි. ජපානයේ පාලනය කරන්නේ අගමැතිවරයකුගේ…

‘ලංකාවේ ටැප් වතුර බොන්න එපා’ – අමෙරිකාවෙන් සංචාරකයන්ට අනතුරු ඇගවීමක්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි නළ ජලය පානය කිරීම සම්බන්ධයෙන් ලොව පුරා සංචාරයේ නියැලෙන්නන්ට අමෙරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඉන් පැවසෙන්නේ ලොව පුරා ප්‍රධාන පෙළේ සංචාරක ස්ථානවලදී නළ ජලය පානයට නොගත යුතු හා ගත හැකි ස්ථාන පිළිබදවයි. එම ලැයිස්තුගත කිරීමට අනුව ශ්‍රී ලංකාවේ නළ ජලය ද සංචාරයකටන් විසින් පානය නොකළ යුතු…

පාඨලීගෙ වජිරගෙ වැය ශීර්ෂ පරාජය කළ හැටි

රමේෂ් වරල්ලෙගම අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශයේ සහ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂ පරාජයවීම මේ වනවිට ආණ්ඩුවේ බරපතල ඉරි තැලීමක පෙරමග ලකුණක්වී හමාරය. මෙසේ තම අමාත්‍යංශ වැය ශිර්ෂ පරාජය වුයේ පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන ඇමැතිවරුන්ය. පාඨලී එක්සත් ජාතික පෙරමුණේ ප්‍රභලම භූමිකාවක් නියෝජනය කරමින් සිටියදිත් වජිර…

යෞවනයන් පිට පන්නන කොන්ත්‍රාත් පුරය – යොවුන් පුරය -2019

රමේෂ් වරල්ලෙගම යොවුන්පුරය 2019 වීරවිලදී ආරම්භවී අදට ගතවන්නේ දෙවැනි දිනයයි. මාධ්‍යයෙන් යොවුන් පුරයට දෙන ඇදහිය නොහැකි ප්‍රචාරයත් සමග සියලු දෙනාගේ සිතට එන්නෙ යොවුන් පුරය මරු වැඩක් කියාය. ඇත්තටම වීරවිලට ගොස් බැලුවීට නම් එහි යථාර්ථය අමිහිරිය. කටුකය. වීරවිලටත් එහා ශුෂ්කය. යෞවනයන්ගේ පුරය බිලිගෙන ඇත්තේ කිසිදු පිළිවෙලක් නොමැති කොන්ත්‍රාක්කරුවන්ගේ හෝ කොමිස් කාක්කන්ගේ පාරාදීසයයි. බැලු බැල්මටම මෙවැනි චෝදනාවක්…

නකල්ස් රක්ෂිතයේ පැල සිටවන්න ඔබටත් අවස්ථාවක්

දුම්බර අධි සංවේදී වන පෙතේ ශාක ගහනය වර්ධනය කිරිමට පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කටයුතු කරමින් සිටි. මේ ව්‍යාපෘත්තිය වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් සිදුකරේ.ඒ සදහා ඔබත් කැමැත්තක් දක්වන්නේ නම් [email protected]  ඊමේල් ලිපිනය මගින් තොරතුරු ලබාගත හැකි බව දුම්බර මිතුරෝ පරිසර සංවිධානය කියා සිටියි.

විල්පත්තුව විතරක් නෙවෙයි සෑම වනාන්තරයක්ම ආරක්ෂා කරනවා

උමංග බණ්ඩාර වනාන්තර, ගස, කොළ, සතා සීපාවා ආරක්ෂා කිරීමට රජය මෙන්ම සෑම පුරවැසියෙකුම බැඳී සිටින බව ජනාධිපතිතුමා පවසයි. රටේ වන පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ වන විට පියවර රැසක් ගෙන තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා අපේක්ෂිත වන ඝනත්වය ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ද පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක බව සඳහන් කළේය. ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා…

සංචාරක ඉලක්ක ජයගැනීම :අපේක්‍ෂා හා අභියෝග

පැතුම් වික්‍රමරත්න විදෙස් සංචාරකයින් ලක්‍ෂ 30 මෙම 2019 වසර තුල මෙරටට ගෙන්වා ගැනීම ශ්‍රී ලංකා සංචාරණයේ නවතම ඉලක්කය හා අපේක්‍ෂාව බවට පත්ව ඇත. කෙසේ වෙතත් මෙවැනි නව ඉලක්ක හා අපේක්ෂා ගැන සිහින මවන විට , අතහැරුණු හා මගහැරුණු ඉලක්ක ගැනද අප අවධානය යොමු කල යුතුමය. 2016 වසර අවසාන වනවිට විදෙස් සංචාරකයින් ලක්ෂ 25ක් මෙරටට ගෙන්වාගැනීමත්…

ඉදිරියට මිස පසු නොබසින ඉන්දු-පාකිස්ථාන සීතල යුද්ධය

කාශ්මීරයේ පුලවාමා ප්‍රහාරය මුල් කරගනිමින් ඉන්දියාව හා පකිස්තානය අතර මේ වනවිට මතුව ඇති ගැටුම්කාරී වාතාවරණය කලාපයට පමණක් නොව සමස්ත ලෝකයටම හානිකර ලෙස බලපාන බිහිසුණු යුධ ගැටුමක් දක්වා වර්ධනය වීමේ අවදානම තවමත් කිසිලෙසකින් පහව ගොස් නැත. මේ වනවිට දෙපාර්ශවයම එකිනෙකාට චෝදනා නගමින් , විවිධ තර්ක විතර්කවලට, වාද විවාද වලට එළඹෙමින් සිටිනවා හැර කිසිවකු එක පියවරක් හෝ…

රැකියා නැති පුද්ගලයන්ගේ සියදිවි හානිකරගැනීම් ඉහළට

දම්පත් රණසිංහ/ප්‍රබෝධා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ සියදිවි නසාගන්නා ලද පුද්ගලයන්ගෙන් 1/3ක්ම රැකියා විරහිත අය බවට අනාවරණය වෙයි. පොලිස් මූලස්ථානයේ දත්ත පිරික්සා බැලීමේදී මේ බව හෙළිවී තිබේ. පසුගිය වසරේදී සියදිවි නසාගන්නා ලද පුද්ගලයන් 3281 දෙනාගෙන් 1155ක්ම රැකියාවක් නොමැති පුද්ගලයන් ය. ඊළගට වැඩිම පිරිසක් සිය දිවි හානි කරගෙන ඇත්තේ ධීවර, කෘෂිකර්ම ආදි ක්ෂේත්‍රවල සේවය කරන පුද්ගලයන් ය. එම…