සින්දුගේ සිංදු – ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ

ඔබ එන්න හිතට ඉඩ තියේ මගේ මල් විලට කිරි ඕලු මලක් වගේ පෙර සසර පුරුද්දට වගේ දැනේ නුඹ හිනාවුණා අද උදෑසනේ නුඹ නොකී කතා නෙතු ඇත සඟවා හැම බැල්මකින්ම සෙනෙහස කීවා හැම විරාමයක නව පණ නංවා මට හිනාවෙන් අවසර දුන්නා අතැඟිලි ගැටුණා මතකයි රහසේ නව හීන ගොඩක් එක විට පොකුරේ ඔබ ඇවිදින් නව හිමිදිරිය වගේ…

තොටගමුව පාන්බේකරියෙන් පටන්ගෙන ඇමරිකාවේ ඖෂධ නිශ්පාදනය කරන අපේ විද්‍යාඥයා

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රොෂාන් ලියනගේ මහතාගේ ජීවත ගමනෙන්… ජීවිතය ජයගන්නවා කියන්නෙ අභියෝග ජයගන්නවා කියන එක.ලෝකය වෙනස් කරන්න දායක වෙලා තියෙන්නෙ, සමහරවිට අපටත් වඩා ජිවිතයට අභියෝග ආපු මිනිස්සු. මේ කතාවත් ඒ වගේ කතාවක්. ලෝකෙටම  නව ඖෂධ හදුන්වාදෙන ඇමෙරිකාවේ ඉහළ ඖෂධ සමාගමකට නැතිවම බැරි පුද්ගලයකු වෙන්න අපේ රටෙන් බිහිවුණ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු  සමත්වෙලා තියෙනවා. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ  ආදි ශිෂ්‍යකුවන…

දශක දෙකකට පෙර මිය ගිය මත් රජු එස්කොබාර්ගේ බලපෑමෙන් අදටත් පීඩා විදින කොලොම්බියාව

පැබ්ලෝ එස්කොබාර් කියන නාම නොදන්නා කෙනෙක් නැති තරම්. කෙකේන්  රජු ලෙසින් හැදින් වූ ඔහු කොලොම්බියාවේ මෙන්ම මුළු ලෝකය කතා බහට ලක්වූ අතර අසූව දශකයේ සිටි මිහිමත විසූ බලවත්ම පුද්ගලයකු ලෙසය සැලකෙන්නේ. එවකට ඇමරිකාව තුල සංසර්ණය වූ මත් ද්‍රව්‍ය වලින් සියයට අසූවකට වැඩි ප‍්‍රතිශතයක් සැපයීමට සමත් වූ ඔහුගේ වාර්ෂික අදායම ඇමරිකානු ඩොලර් බිලියන විසි දෙකකට ආසන්න…

සෑම මිනිත්තුවකම දරුවන් 14ක් මරුට

ලොව පුරා සෑම දිනකම ළමුන් 21,000ක් මියයන බවට හෙළිවී තිබේ. ජාත්‍යන්තර වශයෙන් කලින් කලට කරනු ලබන සමීක්ෂණවලදී මේ බව අනාවරණය වී ඇත. සෑම තත්ත්පර 4කටම එක් දරුවකු මියයන අතර සැම මිනිත්තුවකටම ළමා මරණ 14ක් සිදුවේ. බරපතළ ලෝක අර්බුදයක් වී ඇති මෙම ළමා මරණ වැඩිවීම, 2011 වසරේදී ලිබියාවේ සිදුවු උග‍්‍ර ගැටුම් සෑම දිනකම සිදුවනවා සේ අතිවිශාල…

ඉන්දීය රජය ලොවට වසන් කළ ටජ්මහලේ අඳුරු පැතිකඩ

බිම් මහලින් මතු වුන හින්දු චිත‍්‍ර වසන් කළේ ඇයි? වසා දැමූ රහස් උමං මාර්ග හින්දු ජාතිකයින් එරෙහිව කළ ද්‍රේහී කමක් ද? ටජ් මහල කියූ සැනින් නොදන්න කෙනෙක් නැති තරම්ය. ආදරයේ සංඛේතය ලෙස සැලකෙන මේ මහා නිර්මාණයේ පවතින කලාත්ම භව සහ එයට පසුබිම්ව ඇති කතාන්දර එයට එක්කරන්නේ මිල කළ නොහැකි වටිනාකමක් .ඓතිහාසික සටහන් වලට අනුව 1631…

ත්‍රිපිටකය ජාතික උරුමයක් වුණාය කියන්නෙ මොකක්ද?

ත්‍රිපිටක දහම කිසිවෙකුට හෝ අවශ්‍ය අයුරින් විකෘති කිරීම හෝ අර්ථ ගැන්වීම නැවැත්වීම ත්‍රිපිටකය ජාතික උරුමයක් නැතිනම් ජාතික වස්තුවක් බවට පත්කිරීමෙන් තහවුරු වූ බව මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ පවසති. ජාතික උරුමයක් බවට ත්‍රිපිටකය පත්කිරීමෙන් තවදුරටත් උතුම් බුදු දහම අනාගත පරපුරට ආරක්ෂා කර දීම සිදුවන බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ලංකාව කියන්නෙ ශ්‍රේෂ්ඨ යථිවරු විසු රටක්. කවදාවත් ධර්මය…

ඩොලර් මිලියන දෙකක් වටින ලංකාවේ හදපු මල්ටි බැරල් අවිය මෙන්න EXCLUSIVE INTERVIEW

මෙරට ප්‍රථම වරට නිපදවන ලද මිසයිල පද්ධතියක් ඇතුළු යුධ උපකරණ කිහිපයක් පසුගියදා පවතී 71 වැනි ජාතික නිදහස් දින උළෙලේ ආචාර පෙළපාළියේදී ප්‍රදර්ශනය කෙරුණු අතර එහිදී ඒ පිලිබඳ විශාල අවධානයක් හා කතාබහක් රට තුල ඇතිවිය . ඇත්තෙන්ම රටේ බහුතරයක් දෙනා මෙම අවි ආයුධ දැක මවිතයට පත්විය . ශ්‍රී ලංකාව තුල මෙවැනි නවීන යුධ උපකරණ නිෂ්පාදනය කරන…

මධූෂ් ඇල්ලූ මෙහෙයුම ගැන ආරක්ෂක බුද්ධි කණ්ඩයම් 3ක් ගැටුමක

ප්‍රභල පාතාල නායක මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේ ගෞරවය දිනා ගැනීම උදෙසා මෙරට ක්‍රියාත්මක ආරක්ෂක බුද්ධි මෙහෙයුම් කරන කණ්ඩායම් 3 ක් ගැටුමකට මුල පුරා ඇති බව thecolomboexpress.com වෙත වාර්තා වේ. මේවන විට එම ගැටුම් මඩ ගසා ගැනීම දක්වා වර්ධනය වී ඇති අතර එක් කණ්ඩායමක් පවසන්නේ තමන් මාස 3 තිස්සේ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිට ඔත්තුකරුවන් යවා…

දියවැඩියාවද? එන්නත් නැතිව කරලක් ගන්න

ලොව පුරා මිලියන ගණනක් දියවැඩියාවෙන් පෙළෙයි. මෙම රෝගීන්ට ඔවුන්ගේ සිරුර තුළ ඉන්සියුලින් නිපදවීමට හෝ කි‍්‍රයාවලියෙහි යෙදවීමට හැකියාවක් නොවේ. මේ නිසා ඔවුන්ට සිදුවී ඇත්තේ දෛනිකව ශීතකළ-වියළන ලද ඉන්සියුලින් එන්නත් මගින් සිරුරට ලබාදීමයි. අමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් විසින් මේ සදහා අනාගතයට සරිලන, එන්නත් ඉවතලිය හැකි ආකාරයේ වෙනත් විකල්පයක් සොයාගෙන තිබේ. අධිතාක්ෂණික ඖෂධ කරලකි. එය නම් කර…

අනියම් බිරිඳ පිනවන්න ගිහින් හසුවූ මධූෂ් කොටුකළ මෙහෙයුම

නාවල නිහාල්ගෙන් පසු පාතාලයේ ගෝඩ් ෆාදර් කිරුළට හිමිකම් කී මාකදුරේ මධුෂ් ඩුබායි හීදී එරට පොලිසියට කොටුවීමත් සමග මෙරට පාතාලය හෙල්ලී ගියේය. ඒත් එක්කම මධුෂ්ගේ ප්‍රතිවාදීන් මත්පැන් සාද පවා පවත්වමින් එකී සතුට සමරන්නට වූහ. එවන් සාද හිර ගෙදරදී පවා පවත්වා තිබීම විශේෂත්වයකි. මාකදුරේ මධුෂ් ඩුබායි පොලිසියට කොටුවන්නේ පසුගිය 05 වෙනිදා අලුයම් කාලයේදීය. ඒ සිය අනියම් බිරිදට…

වෙනිසියුලාවේ අර්බුදය: දේශපාලන තත්ත්වය උත්සන්න වූයේ කෙසේද?

සිය සමාජවාදී ජනාධිපති නිකොලොස් මධුරෝ අසුනින් පහකිරීමේ දැඩි ප‍්‍රයත්න මධ්‍යයේ වෙනිසියුලානු දේශපාලන අර්බුදය වඩාත් උණුසුම් තත්වයකට පත්වෙමින් ඇතැයි පෙනෙන්නට තිබේ. දකුණු අමෙරිකානු රටක් වූ වෙනිසියුලාවේ වසර ගණනක් තිස්සේ වැඩෙමින් ආ දේශපාලන අතෘප්තිකර බවට හසුවූ රටම උඩුයටිකුරු වෙමින් පවතී. අහස උසට නැගෙන අධිඋද්ධමනය, විදුලි කප්පාදුව, ආහාර හා ඖෂධ හිගය මෙම දේශපාලන අර්බුදය නමැති ගින්නට තව තවත්…

චීනයේ ආර්ථික පසුබැස්ම ලෝකයම දෙදරවයි

චීනයේ ආර්ථික පසුබැස්ම එරට වෙළෙද හවුල්කරුවන් වෙත ද ඇතිකර ඇත්තේ කම්පනයකි. මේ තත්වය ඇමෙරිකාව, යුරෝපය මෙන්ම ආසියාවට ද එල්ල කර ඇත්තේ අතිමහත් බලපෑමකි. විශාල වශයෙන් වන ණය, පමණ ඉක්මවූ ආයෝජන, පුද්ගලික ව්‍යාපාර සදහා එල්ල කරන ලද බාධාවන් ආදී ස්වදේශික දුර්වලතාවන් එරට ආර්ථිකය මන්දගාමී කිරීමට හේතු වී ඇතැයි ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි. ලොව දෙවැනි විශාලතම ආර්ථිකය හිමි…