හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ගිනිගනී

ප්‍රබෝධා හෙට්ටිආරච්චි හොංකොං ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (15) ගින්නක් ඇතිවී තිබේ. එම ගින්න ඇතිවන අවස්ථාවේ එම ගොඩනැගිලි සංකීර්ණයේ සිටි පුද්ගලයින් 1,200ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා විය. ඒ අනුව ඉන් තුවාල ලැබූ 13 දෙනෙකු රෝහල් ගත කර තිබේ. ඊයේ පස්වරුව වනවිටත් එතුළ තවත් පුද්ගලයින් සිය ගණනක් සිරිවී සිටි බව සඳහන් විය. සිරවී සිටින පිරිස බේරාගැනීම…

කුලපති හිමි නිසා කොළඹ සරසවියේ උපාධි උත්සවයට විද්‍යා ආචාර්යවරු යන්නේ නෑ

ප්‍රබෝධා හෙට්ටිආරච්චි කොළඹ විශ්වවිද්‍යාලයේ ලබන උපාධි ප්‍රදානෝත්සවය සඳහා එහි විද්‍යා ආචාර්යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කර තිබේ. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඊට සහභාගි වන බැවින් උන්වන්සේගේ පත්වීමට අප්‍රසාදය පළකිරීම උදෙසා මෙම තීරණය ගත් බව එම සංගමය පවසයි. කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෑතකදී පත්කළ අතර ඒ සම්බන්ධයෙන්…

ශ්‍රීපාදේ යන අයට එන්නත් කාඩ්පත ඕනමයි මාස්ක් දන්සැල් විතරයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කර තිබේ. ලබන 18 වැනිදා සිට 2022 මැයි 16 වැනිදා දක්වා ශ්‍රීපාද වාරය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. මෙම වාරය තුළ ශ්‍රී පාද වන්දනාවේ නිරතවීමට බලාපොරොත්තු වන අය සඳහා තවත් COVID-19 මාර්ගෝපදේශ කිහිපයක් ක්‍රියාත්මක කර ඇත. වන්දනාවේ යෙදෙන බැතිමතුන් එන්නත්කරණය කළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ…

කොවිඩ් මර්දන එන්නත අනිවාර්ය නෑ

ප්‍රබෝධා හෙට්ටිආරච්චි කොවිඩ් මර්දන එන්නත්  අනිවාර්යයෙන්ම ලබාගත යුතු බවට නීතියක් හෝ රෙගුලාසියක් නිකුත් කර නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ  (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ. අදාළ එන්නත ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් පමණක් යම් පුද්ගලයෙකුට එය ස්වෙච්ඡාවෙන්  ලබාගත හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දැනුම් දී ඇත. එන්නත්කරණය…

උත්සව සමයේ කොවිඩ් නීති දැඩි කරන්න ඉල්ලීමක්

පැතුම් වික්‍රමරත්න එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය රීති පනවන්නැයි සෞඛ්‍ය වෘත්තිය සමිති ආණ්ඩුවෙන් ඉල්ලා සිටි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ මේවනවිට ජනතාවගේ හැසිරීම මත උත්සව සමයෙන් පසු රටේ තත්ත්වය තවත් බරපතල විය හැකි බවයි. ඔහු කියා සිටියේ රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන පරිදි සෞඛ්‍ය රීති පැනවීමට ඕනෑතරම් අවකාශය ඇති බවයි. එසේම රජයේ වෛද්‍ය…

මේ මස අවසානය තෙක් කොවිඩ් සීමා දීර්ඝ කෙරේ

ප්‍රබෝධා හෙට්ටිආරච්චි කොවිඩ් වසංගතය හමුවේ රට තුළ ඊයේ(15) වනතෙක් ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ තවත් දින 15කට දීර්ඝ කර තිබේ. මෙතෙක් පැවති සෞඛ්‍ය මාර්ගෝපදේශනය ඊයේ දිනයෙන් අවසන් වූ අතර එය වෙනස් නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසීය. ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා පැවසුවේ…

දැඩි ආරක්ෂාව පිට උතුරට ගිය චීන තානාපති ඩ්‍රෝන් යවා බැලුවෙ මොනවද?

දම්පත් රණසිංහ ශ්‍රී ලංකා යුද හමුදාවේ දැඩි ආරක්ෂාවක් සහිතව මෙරට චීන තානාපති කුයි ශෙන්හොං මහතා උතුරේ දින තුනක සංචාරයක් ඊයේ (15) ආරම්භ කර තිබේ. වව්නියාවේ සිට ඇරඹුණු සංචාරය පේදුරුතුඩුවේ බොහෝ වේලාවක් ඊයේ දින ගත කළ චීන තානාපතිවරයා යාපනය පුස්තකාලයද නිරීක්ෂණය කළේය. අනතුරුව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ආණ්ඩුකාරවරයා මුණ ගැසුණි. ඊයේ රාත්‍රියේ ඒ මහතා යාපනයේ ගතකරන…

සංයුති ස්ටිකරේ අලවන්න ප්‍රමිතියට ගෑස් දෙන්න ලීට්‍රෝ අද උසාවියට දිවුරයි

ප්‍රබෝධ‍ා හෙට්ටිආරච්චි ගෘහස්ථ ගෑස් සිලින්ඩරය තුළ අන්තර්ගත ගෑස්වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ලීට්‍රෝ සමාගම එකඟ බව අධිකරණයට ඊයේ (15) දැනුම් දී තිබේ. එමෙන්ම ඉදිරි කාලයේදී ප්‍රමිති කාර්යාංශය විසින් සකස් කරනු ලබන ප්‍රමිතීන්ට අනුකූලව වෙළෙඳපොළට ගෑස් මුදාහැරීමට පියවර ගන්නා බවද ලිට්‍රො ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ඊයේ දන්වා ඇත. සිවිල්…

වෘත්තිය සමිති සටන් හරියට කරන හැටි අගමැති කියාදෙයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි වෘත්තිය සටන් සීත කාමරවල සිට කළ නොහැකි බවත් සැබෑ කම්කරු නායකයන් සිය සටන් මෙහෙයවන්නේ පටු දේශපාලන වාසි සඳහා නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. අරලියගහ මන්දිරයේ පැවති “ශ්‍රමයට අභිමන්-ජනතා බුහුමන්’’ 2021 ඇගයීම් උළෙලට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කම්කරු නායකයින් සහ කම්කරුවන්ගේ උන්නතිය උදෙසා තම සේවා කාලය කැප කළ රාජ්‍ය නිලධාරීන්…

ඔමික්‍රෝන් ගැන නොතකන රටවල් නිසා WHO කනස්සල්ලෙන්

පැතුම් වික්‍රමරත්න ලොව බොහෝ රටවල් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳ අවතක්සේරු කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව පළකර සිටී. ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට සූදානම් නොවුනහොත් රෝගීන් සංඛ්‍යාව අනපේක්ෂිතව ඉහළ ගොස් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකට ලක්විය හැකි බවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ආදනම් මහතා මාධ්‍ය වෙත පැවසීය, මෙතෙක් හඳුනා ගැනුණු කොරෝනා ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය…

අලුත් නැවෙත් ගෑස් අවුල්

පැතුම් වික්‍රමරත්න ලිට්‍රෝ සමාගමට ගෑස් තොගයක් රැගෙන ආ නෞකාවේ ඇති ගෑස්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. ගෑස් කාන්දුවකදී ගඳ වහනය වීමට යොදන ”එතිල් මකැප්ටාන්” රසායනිකය මෙම ගෑස් තොගයේ නියමිත ප්‍රමිතියට නොමැති බවට අනාවරණ වී ඇත. මෙම ගෑස් නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ අදට දින 05 ක් වේ.  මෙම ගෑස් නෞකාවේ ඇති ගෑස්වල සාම්පල…

එපා කී චීන පොහොරවලට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න වෙයි

දම්පත් රණසිංහ අහිතකර බැක්ටීරියා අඩංගුවීම හේතුවෙන් ප්‍රතික්ෂේපිත වූ චීන පොහොර වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක් ගෙවීමට පෙරේදා (13) රැස්වූ කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් මත එම ගෙවීම් සිදුකිරීමට එම කැබිනට් ත්‍රිකාව ඉදිරිපත්කර ඇත්තේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ අධිකරණ අමාත්‍ය අලි සබ්ලි මහත්වරු විසිනි. අහිතකර බැක්ටීරියා එම කාබනික පොහොරවල ඇති…