නවතම පුවත්

CID භාරයට ගත් සෝෂල් මීඩියා චණ්ඩිකම් කළ දරුවන් පරිවාස භාරයට

අසංක

අසංක

මහත් ආන්දෝලනයට තුඩු දුන් සමාජ ජාලය ඔස්සේ තර්ජනාත්මක, ප්‍රචණ්ඩත්වය වපුරන වීඩියෝ මුදාහරින ලද දරුවන්ගෙන් දෙදෙනකු පොලිස් භාරයට  ගෙන තිබේ.

ඉන් එක් අයෙකු පන්නල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

අනෙක් දරුවා කඩුගන්නාව ප්‍රදේශයෙන් එහි පොලීසිය මගින් පොලිසිය මගින් අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 15 සහ දාහත් හැවිරිදි මෙම දරුවන් විමර්ශනය සිදුකොට පරිවාස භාරයට පත් කිරීමට කටයුතු කරන බව පොලිසිය පැවසීය.

ප්‍රචණ්ඩකාරී ක්‍රියාවකට මෙම දරුවන් දරුවන් අදාළ වීඩියෝ මගින් ක්‍රමානුකූලව යොමුවෙමින් සිට ඇති බවත් සෙසු දරුවන් එය අනුගමනය කරමින් මෙම තත්ත්වය තත්වය වසංගතයක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බැවින් මොවුන් දැඩිව අවවාද කොට පරිවාස භාරයට ලක් කිරීමට පියවර ගත් බවත් පොලිසිය පවසයි.

විමර්ශනයේ දී හෙළි වී ඇත්තේ මෙම වීඩියෝ ඔවුන් විසින් ම පටිගත කොට ඔවුන් විසින්ම සමාජ ජාලයට මුදා හැර ඇති බවයි.

නමුත් මෙවැනි ක්‍රියාවලට අනුබල දුන් වැඩිහිටියන් සහ මේවා ඉගැන්වූ තරුණ සහ වැඩිහිටියන් සොයා වෙනම විමර්ශනයක් පැවැත්වෙන බවද පොලිසිය සඳහන් කළේය.

පෙරේදා දිනයේ The colombo express ඊ පුවත්පත මගින් සිය ප්‍රධාන සිරස්තලය ඔස්සේ මේ පිළිබඳ පොලිසියේ අවධානයට යොමු කළ අතර ඉතා ඉක්මනින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වමින් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් දී තිබුණි

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්