නවතම පුවත්

CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය ලත් සැපයුම් සහකරු ලෙස නැවත වරක් පත්වේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රොෂාන් සිල්වා මහතා

2022 ජනවාරි 30, කොළඹ, ශ්‍රී ලංකාව : 2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) සිය ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස CL Synergy සමාගම පත් කරගෙන ඇත. මින් පෙර 2019 – 2020 වසර සඳහා ද CL Synergy සමාගම SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම් කරුවා ලෙස කටයුතු කර ඇති අතර, එහි දී CL Synergy සමාගම ලබාදුන් අති විශිෂ්ට සේවය පිළිබඳව තෘප්තිමත්භාවය පදනම් කරගනිමින් මෙම පත් කිරීම සිදු කිරීමට SLAMERP කටයුතු ඇත.

2004 දී ස්ථාපිත කෙරුණු CL Synergy සමාගම වර්තමානය වන විට මෙරට සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් ක්ෂේත්‍රය තුළ කේන්ද්‍රස්ථානය බවට පත් කරමින් සිය පාරිභෝගිකයින්ට සහ පාර්ශ්වකරුවන්ට ශක්තියක් වීම CL Synergy සමාගමේ අරමුණයි. පසුගිය වසර කිහිපය තුළ SLAMERP හි ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස සිය සේවා කාලය අතිසාර්ථකව අවසන් කර ඇති CL Synergy සමාගම, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රය වෙත කාර්යක්ෂම, විශ්වසනීය සහ පූර්ණ සැපයුම් සේවාවන් හඳුන්වාදීම වෙනුවෙන් මේ වසරේ දී ද පෙරමුණ ගැනීමට සූදානමෙන් සිටී.

CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා මෙම සහයෝගීතාව පිළිබඳව සිය අදහස් බෙදා ගත්තේ මේ අයුරිණි. “ශ්‍රී ලංකා රබර් නිපැයුම්කරුවන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමයේ ප්‍රසාදය දිනාගත් සැපයුම්කරු ලෙස නැවත වරක් පත් වීමට ලැබීම අප සමාගමට විශාල ගෞරවයක්. CL Synergy සමාගම ශ්‍රී ලංකාවේ

රවී දද්ලානි මහතා

රබර් කර්මාන්තය ස්ථාවරව සංවර්ධනය කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන සමාගමක් විදියට හඳුන්වා දීමට පුළුවන්. SLAMERP සමාගම සමග පවත්නා අපගේ අන්‍යෝන්‍ය සබඳතාව, සාම්ප්‍රදායික භාණ්ඩ ප්‍රවාහන සේවාවන්ගෙන් ඔබ්බට යමින් එම ක්ෂේත්‍රය වෙත නවතම සේවාවන් හඳුන්වා දෙන ප්‍රමුඛතම සමාගමක් බවට පත් වීමට අපට ඉතා ප්‍රයෝජනවත් වුණා. 2022 වසරේදීත් SLAMERP හි ප්‍රසාදය දිනාගත සැපයුම්කරුවා විදියට පත්වීමට ලැබීම අපගේ ස්ථාවරත්වය වගේ ම කැපවීමත් කිහිප ගුණයකින් වර්ධනය කිරීමට සමත් වුනා.”

මෙම සහයෝගීතාව පිළිබඳව අදහස් දක්වමින් SLAMERP හි සභාපති රවී දද්ලානි මහතා මෙසේ ප්‍රකාශ කළේය. “2019 වසරේ සිට 2020 වසර දක්වා CL Synergy සමාගම සැපයූ සේවාව පිළිබඳව අප සිහිපත් කරන්නේ ඉතාමත් සතුටින්. ඒ වගේ ම එම සමාගම 2022 වසරේ දීත් අපගේ ප්‍රසාදය දිනාගත් සැපයුම් කරු විදියට සුවිශේෂී සේවාවක් ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනවලින් එකක් වන රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, 2021 වසරේ දී මේ රටේ සමස්ත අපනයනයන්ගෙන් 9% ක් විදියට වාර්තා වෙනවා. ඉහළ ගුණාත්මක බවකින් යුක්ත සේවාවක් ලබා දෙන විශ්වසනීය සංවිධානයක් විදියට SLAMERP සංවිධානයට CL Synergy වැනි සමාගමක් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම භාග්‍යයක්. ඒ වගේ ම ඉදිරි වසරේ දී CL Synergy සමාගම සමඟ ඉතා සමීපව වැඩ කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

CL Synergy සහ SLAMERP යන ආයතන අතර සහයෝගීතාවය සමගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නඟාසිටුවීමේ ක්‍රියාන්විතය ආරම්භ කරමින්, 2025 වසර වන විට රබර් කර්මාන්තය ඇමෙරිකානු ඩොලර් බිලියන 2 දක්වා වර්ධනය කිරීමේ අරමුණ සාර්ථක කරගැනීම සඳහා ක්‍රියාත්මක වේ. SLAMERP සහ අඛණ්ඩව වසර දෙකක් පුරා එම සංවිධානයේ විශ්වාසය දිනාගෙන සිටින CL Synergy සමාගම, සිය ආයතනික ශක්තීන් උපයෝගී කර ගනිමින් දේශීය රබර් කර්මාන්තය නඟා සිටුවීම සඳහා කැපවන බව අවධාරණය කළ හැකිය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි