කොවිඩ් නිසා ජාතික රෝහලේ හෘද සැත්කම් නවතී !

කොළඹ ජාතික රෝහලේ උරස් හා හෘද රෝග ශෛල්‍ය ඒකකයේ සැත්කම් සඳහා යොමු කිරීමට නියමිතව සිටි රෝගීන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ හේතුවෙන් එම රෝගීන් නැවත නිවෙස් වෙත පිටත් කර හැරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. හෘද සැත්කම් සඳහා රෝගීන් 15 දෙනෙකු පමණ ඉකුත් දිනවල කොළඹ ජාතික රෝහලේ උරස් හා හෘද රෝග ශෛල්‍ය ඒකකයේ නේවාසිකව…

කොවිඩ් මරණ වැඩිවේවි – රැල්ලක් අතළඟ

රට තුළ කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ. කොවිඩ් එන්නත්කරණය සම්පූර්ණ නොකර සිටින වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව ඉදිරියේදී ඉහළ යා හැකි බව ද එම සංගමය සඳහන් කරයි. දිනකට කොවිඩ් රෝගීන් 100ත් 150 ත් අතර ප්‍රමාණයක් හමුවුවද සැබෑ රෝගීන්ගේ සංඛ්‍යාව දහස් ගණනක් විය හැකි බවට…

කොවිඩ් යළි වේගයෙන් පැතිරේ – මරණ ගණනත් ඉහළ යයි

කොවිඩ්-19 වසංගතය යළිත් වේගයෙන් පැතිරෙන බවට නිරීක්ෂණය වී ඇති බැවින් නොපමාව 4 වැනි එන්නත් මාත්‍රාව ලබාගන්නා ලෙස වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. කොවිඩ් එන්නත්වල කල් ඉකුත්වීමක් සිදුව නොමැති බවත් එහි කල් පිරෙන දින දීර්ඝ කර ඇති බවට අදාළ සමාගම් දන්වා ඇති බවත් හෙතෙම කියා සිටී. අද (26) දිනයේදී පමණක් රට තුළ කොවිඩ්…

කොවිඩ් එන්නත්වල කල් ඉකුත්වීමේ දිනය දීර්ඝ කරයි !

මෙම මස අවසානයේ කල් ඉකුත් වීමට නියමිතව තිබූ ෆයිසර් කොවිඩ් මර්දන ඵන්නත්වල කල් ඉතුත් වීමේ දිනය දීර්ඝ කර තිබෙනවා. ඵ් අදාල සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මතයි. ඵ් අනුව ඵම ඵන්නත්වල කල් ඉකුත් වීමේ දිනය මාස තුනකින් දීර්ඝ කර ඇති බවයි සෞඛය අමාත්‍යාංශය සදහන් කළේ. මෙරටට ආනයනය කර තිබූ කාණ්ඩ 04කට අයත් මිලියන 07කට…

කොවිඩ් ආසාධිතයින් වාර්තාවීම 30%කින් ඉහළට !

විකෘති කිහිපයක් සහිත කොවිඩ් වෛරසයේ නව අනු ප්‍රභේදයක් ඉන්දියාව ඇතුළු රටවල් 10 කින් හඳුනා ගැනීමට හැකිවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් ලෙස සැලෙකන BA.2.75 ලෙස හැඳින්වෙන මෙම අනු ප්‍රභේදය ස්පයික් ප්‍රෝටීන වලින් යුක්ත වන බවත් එහි විකෘති තාවයන් කිහිපයක් පෙන්නුම් කරන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා…

අද සිට මාස්ක් ඕනම නෑ

අද(10) සිට ක්‍රියාත්මක වන පරිදි මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කරයි. ගෝලීය වසංගත තත්ත්වයක් වූ කොවිඩ්-19 ට ශ්‍රී ලංකාවද ගොදුරු වූ දා සිට වයිරසය පැතිරීම වැළැක්වීම උදෙසා මුඛ ආවරණ අනිවාර්ය විය. කෙසේවෙතත් ශ්වසන රෝග ගැටලු ඇති අය මුඛ ආවරණය තවදුරටත් පැළඳීම සුදුසු බවද හෙතෙම කියා සිටී.

කොවිඩ් එන්නත්කරණය අද සිට යළි ඇරඹේ !

කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි යුද හමුදා කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩපිළිවල අද සිට නැවත ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා යුද හමුදාව නිවේදනය කර සිටිනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කළේ සඳුදා සිට සෙනසුරාදා දක්වා වන දින 06 පුරාවට පෙරවරු 8.00 සිට සවස 4.00 දක්වා කොවිඩ් එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි. අවුරුදු…

නැවතත් කොවිඩ් අවදානමක් මතුවේ !

කොවිඩ් 19 වයිරසය ගෝලීයව තුරන්ව නැතිකම හේතුවෙන් මෙරට නැවතත් වයිරසය ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. මේ දිනවල පවතින තත්ත්වය අනුව පැහැදිලිවම කොවිඩ් ආසාදිතයන්ගේ අඩුවක් පවතින බවත් ආසාදිතයන් වාර්තා වීම අඩු වුවද රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවත් ඒ මහතා පැවසුවේය. ජනතාව ඒකරාශී…

මේ මාසයේ තවත් එන්නතක්

කොරෝනා වෛරසයට එරෙහි 4 වන එන්නත් මාත්‍රාව මේ මාසය තුළ ලබාදීමට පියවර ගන්නා බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසා තිබේ. මේ අතර කොවිඩ්-19 වැළැක්වීමේ පියවර යටතේ පනවා තිබූ මුඛ ආවරණ අනිවාර්ය කිරීමේ නීතිය පොදු ස්ථාන සඳහා ලිහිල් කළා සේම අද සිට ක්‍රියාත්මක වන පරිදි පරිශ්‍රයට ඇතුළු වන විට ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය…

මුහුණු ආවරණ නීතිය වෙනස් වෙයි !

පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ ඒකරාශීවීම්වලදී හැර සෙසු ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නොවන බව නව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

ඊයේ කොරෝනා මරණ නැහැ !

කොවිඩ් ආසාදිත මරණ කිසිවක් ඊයේ (4) දින වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. මෙරටින් කොරෝනා ආසාදිත පළමු මරණය වාර්තාවූයේ 2020 මාර්තු 28 වැනිදාය. පසුගිය කාලයේ දිනපතා කොවිඩ් මරණ වාර්තා වූ අතර කොවිඩ් මරණ එකක් හෝ වාර්තා නොවූයේ බොහෝ කලකට පසුවය. මේ වන විට මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,485 ක්‍…