ත්‍රස්ත ප්‍රහාරය ගැන මුසල්මානුවන්ට චෝදනා කල මන්ත්‍රීට බිත්තර ප්‍රහාරයක්

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එහි මුස්ලිම් ජනතාවට චෝදනා එල්ල කළ ඕස්ට්‍රේලියානු සෙනෙට් සභිකයකුට එරට බාලවයස්කාර තරුණයකු විසින් බිත්තර ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඉතා පහත් අයුරින් චෝදනා එල්ල කරන සෙනෙට් සභිකයකු ලෙස මොහු ප්‍රකට ය. බිත්තර පහර කෑ සෙනෙට් සභිකයා අනෙක් පස හැරී තරුණයාට පහර දුන් අතර එරට පොලීසිය පරීක්ෂණ…

එජාප ආසන සංවිධායකයන්ට අනතුරු ඇඟවීමක්

පැතුම් වික්‍රමරත්න එක්සත් ජාතික පක්ෂයේ සියලු ශාඛා සංවිධාන , කාන්තා සංවිධාන , හා තරුණ සංවිධාන ලබන මැයි 31 දිනට පෙර ගොඩනැංවීමට අපොහොසත් වන ආසන සංවිධායකයින් එම තනතුරුවලින් ඉවත්කිරීමට එම පක්ෂ නායකත්වය තීරණය කර ඇත. ලබන 21 දින අවත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කිරීමට මෙන්ම මීට අදාළ දැඩි තීන්දු…

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ රිදී පදක්කමක් ශ්‍රී ලංකාවට

පැතුම් වික්‍රමරත්න හොං‍‍කොං හි පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී රිදි පදක්කමක් දිනා ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලේ නවිෂ්ක සන්දීෂ් අද (16) සමත්ව ඇත. නවිෂ්ක මෙසේ රිදී පදක්කම දිනාගෙන ඇත්තේ මීටර් 400 ධාවන ඉසව්ව නියෝජනය කරමින්ය . ඔහුගේ තරග නිමි කාලය තත්පර 48.21ක් වන අතර . මෙය නිවිෂ්කගේ එම ඉසව්වේ හොදම කාලයද…

මුහුදු අපරාධ මැඩලන්න ශ්‍රී ලංකා මුහුදේ ආරක්ෂක අභ්‍යාස ඇරඹේ

පැතුම් වික්‍රමරත්න ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ක්‍රියාත්මක කෙරෙන විශාලතම ද්විපාර්ශවික ආරක්ෂක අභ්‍යස මෙහෙයුම එළඹෙන 23 සිට 29 දින දක්වා වෙනිදින මෙරටදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉන්දු – පැසිෆික් ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම ආරක්ෂක අභ්‍යාසයේ පළමු නැවතුම්පළ ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත. මේ සඳහා ඉදිරියේදී මැලේසියාව, තායිලන්තය, වියට්නාමය, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව…

බදුල්ලේ භූ චලනයක් – හානියක් නෑ

බදුල්ල දිස්ත්‍රික්කය තුළ අද පෙරවරුවේ රිච්ටර් මාපකයේ ඒකක 3.5ක භූ චලනයක් සිදුව තිබේ. මෙමගින් කිසිදු ජීවිත හානි හෝ දේපළ හානි වාර්තා වී නැතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කොළඹට කිලෝමීටර් 220ක් දුරින් කිලෝමීටර් 10ක් ගැඹුරින් එය කම්පන කේන්ද්‍රය සහටන් වී ඇත.