නවතම පුවත්

ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අධි පෝෂණීය හා අධි ගුණැති ඖෂධීය ආහාරයක් ලෙස මුළු ලොවම සලකන මුරුංගා පත්‍ර ප්‍රමුඛ එහි ශාක කොටස් ආහාරයට ගැනීම පිළිබඳ ජනතාවගේ අවධානය දැඩිව යොමු කිරීමේ අරමුණින් මුරුංගා සඳහා ජාතික දිනයක් නම් කිරීමට දේශීය ⁣වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගනී.

ඒ අනුව එළඹෙන සිංහල දෙමල අලුත් අවුරුදු පැල සිටුවීමේ දිනය හා නැකත මෙරට මුරුංගා ජාතික දිනය ලෙස නම් කරන බව දේශීය වෛද්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

ඒ අනුව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව,ආයුර්වේද සංරක්ෂණ මණ්ඩලය සහ Moringa for life ජාත්‍යන්තර සංවිධානය ඒකාබද්ධව අලුත් අවුරුදු පැල සිටුවීමේ නැකතට මුරුංගා පැළයක් නිවෙස්වල සිටුවීමට ජනතාව දිරිගන්වමින් මුරුංගා පැළ සිටුවීමේ ජාතික වැඩ සටහනක් එදින එම නැකතට ක්‍රියාත්මක කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

මේ පිළිබඳ පසුගියදා දේශීය රාජ්‍ය වෛද්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී Moringa for life ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ ප්‍රවීණ සිනමාවේදී වසන්ත කුලතුංග මහතා මුරුංගා ශාක පත්‍රවල පවත්නා පෝෂණ ගුණය පිළිබඳව ඇමරිකාවේ කැලිෆෝනියාවේ පර්යේෂණ කළ ජපානයේ අම්මා” හෙවත් මොරිකෝ ගිල්ෆොඩ්” (Moriko Gilffod) මහත්මිය සහ දැනට තිරිකුණාමලයේ මුරුංගා පර්යේෂණ හා අධ්‍යයන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන දමයන්ති ජෝන් ලී (DamayanthiJoan Lee) මහත්මිය විසින් මුරුංගා ශාකයේ පත්‍රවල අඩංගු පෝෂණ හා ඖෂධිය ගුණය පිළිබඳ කළ පර්යේෂණයට අදාළ රචිත ග්‍රන්ථයක් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට වසන්ත කුලතුංග මහතා විසින් පිරිනමනු ලැබීය.

මෙම සාකච්ඡාවට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය අතිරේක ලේකම් චන්දන තිලකරත්න මහතා,අධ්‍යක්ෂ (සංවර්ධන) පී. තයානන්දන් මහතා,අධ්‍යක්ෂ සැලසුම් විරාජ් ප්‍රියන්ජිත් මහතා, සම්බන්ධීකරණ ලේකම් සංජය සුජීව මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී