අද දිනයේ කොරෝනා ආසාදිතයන් 1688 ක් සහ මරණ 48 ක්

අද තවත් කොරෝනා ආසාදිතයන් 503 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.ඒ අනුව අද දිනයේ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,688 ක්

මෙරට කොවිඩ් මර්දන එන්නත් ලබාගත් ගණන ලක්ෂ 19 ක්

මෙරට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සහ පුර්ණ එන්නත්කරණයට ලක්ව සිටින පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ වන විට ලක්ෂ 19ක්ව තිබු බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි

වැටුප් විෂමතා ගැන ලබන සතියේ යලි සාකච්ජාවට !

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී යළි සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයන් සමඟ අද(27) පෙරවරුවේ පැවති සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් විය යුතු බව මෙන්ම ගුරු සේවය වෙනම සේවාවක් බවට…

මෙරට අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම්

එන්නත්කරණයත් සමග රට  සාමාන්‍යකරණයට එළැඹෙත්ම අපනයන සහ සංචාරක ඇතුළු ක්ෂේත්‍ර රැසක් ප්‍රවර්ධනයට සූදානම් බව ලංකා වාණිජ මණ්ඩලය, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  සමග පවසයි.

ලිට්‍රෝ සමාගමේ 18L ගෑස් සිලින්ඩරය අත්හිටුවයි

වෙළඳපොළට අලුතෙන් හඳුන්වාදුන් ලීටර් 18 ගෑස් සිලින්ඩරය වෙළඳපොළට නිකුත් කිරීම නුදුරු අනාගතයේදීම අත්හිටුවන බව ලි ට්‍රෝ සමාගමේ සභාපතිවරයා සමූපකාර සේවා

මෙරට කොරෝනා රෝගීන්ගෙන් 10% ක පිරිසක් ඔක්සිජන් මත යැපෙනවා !

රෝහල්වල ඔක්සිජන් මත යැපෙන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කර සිටී මේ තත්වය කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල කැපී පෙනෙන බවද හෙතෙම මාධ්‍ය වෙත  සඳහන් කළේය. මෙය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය පැතිරීමෙන් පසුව ඇතිවුණු තත්වයක් විය හැකි යැයි පැවසූ ජයසුමන…

රටවල් 20ක්ම, ශ්‍රී ලංකාවේ සංචාරය තහනම් කරලා !

කොවිඩ් තත්වය හේතුවෙන් මේ වන විට රටවල් 20 ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරිම තහනම් කර තිබෙන බව වාර්තාවේ ., කුවේට්, එක්සත් අරාබී එමීර් රාජ්‍යය, ලාඕස්, මැලේසියාව, මියන්මාරය, සිංගප්පුරුව, පිලිපීනය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ඉතාලිය, ජර්මනිය, නොර්වේ, බහරේන්, නේපාලය, ජපානය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කටාර්, වියට්නාමය රටවල් මෙලෙස සිය වැසියන්ට ලංකාවට පැමිණිමට තහනම් කර ඇති බවද සංචාරක අමාත්‍යංශ…

කෘනාල් පාන්ඩියාට කොරෝනා – අද තරඟය කල් දැමේ!

පසුගිය ඉරිදා පැවති පළමු විස්සයි 20 තරගය සඳහා ක්‍රීඩා කළ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල්  පාන්ඩ්යා හට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අද පැවැත්වීමට නියමිත දෙවන විස්සයි 20 තරගය කල් දැමීමට තීරණය කර තිබෙ. කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින්ගේ සිදුකරනු ලබන PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව දෙවන විස්සයි 20 තරගය හෙට දිනයේදී ක්‍රීඩා…

ලොවි විශාලතම නිල් ආරනූල් මැණික් පොකුරු ගල රත්නපුරේ ළිඳකින්

ලොව විශාලතම තරු නිල් මැණික් පොකුර හෙවත් ආරනූල් මැණික් පොකුරු ගලක් රත්නපුර ප්‍රදේශයේ ගෙවත්තකින් හමුවෙයි.

කාබනික කෘෂිකර්මාන්තයට එක්වෙන්න – ජනපතිගෙන් ලොවටම ආරාධනා.

අනාගත පරපුරේ ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම පිණිස කාබනික කෘෂිකර්මාන්තය උදෙසා ශ්‍රී ලංකාව ගන්නා උත්සහයට තවත් රටවල් පෙළඹෙනු ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක නායකයන් හමුවේ විශ්වාසය පළ කර ඇත .. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඉතාලියේ රෝම නගරයේ දී ඊයේ ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ ආහාර සමුළුවේ රාජ්‍ය නායක පූර්ව සැසිය වීඩියෝ තාක්ෂණය ඔස්සේ…

ළමුන් මෙහෙකාර සේවයට යොදාගන්නා ස්ථාන සොයා වැටලීම් ඇරඹේ !

ළමයින් මෙහෙකාර සේවයේ යොදා ගන්නා ස්ථාන සොයා අද (27) සිට මෙහෙයුම් ආරම්භ කිරීමට පොලිසිය තීරණය කර ඇත . පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත  සඳහන් කළේ කොළඹ නගරය හා බස්නාහිර පළාත තුළ අද දිනයේ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවය. ළමයින් මෙහෙකාර සේවයට රැගෙන එන තැරව්කරුවන්ට ද මෙහිදී නීතිය ක්‍රියාත්මක කරන බව…

දේශීය “සේලයින්” ලබන මස මුල සිට !

දීර්ඝ කලක සිට මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ බලාපොරොත්තුවක් වූ “දේශීය සේලයින්” නිෂ්පාදනය සැබෑ කරමින් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ පෞද්ගලික ආයතනයක් බද්ධ ව්‍යාපාරයක් ලෙස ඇරැඹූ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන සැප්තැම්බර් 01 වෙනිදා දින සිට රාජ්‍ය අංශයට මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය අද හිමි වූ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටි. මේ අනුව සැප්තැම්බර් මස 1 දින…