තවත් කළු ජූලියක් ළඟදීම ?

ලබන වසරේ අප්‍රේල් මස 15 වනදාට පෙර ප්‍රමාණවත් තරම් ගල් අගුරු නොලැබුණහොත් ලබන වසරේ ජූලි මාසය වන විට ඉතිහාසයේ දීර්ඝතම විදුලි කප්පාදුවට මුහුණපෑමට සිදුවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අගවනවා.

මොකක්ද මේ Climate Financing ?

ශ්‍රී ලංකාව ඉදිරියේ දී දේශගුණික මූල්‍යයන ක්‍රම වෙත යොමු වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි. අද (28) දින පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය. මාලදිවයින, මුරුසිය, මැඩගස්කරය වැනි දූපත් රාජ්‍යයන් සමඟ එක්ව ඒ වෙනුවෙන් හඬ නගන බවත්, ඉදිරියේ දී ඒ හරහා ශ්‍රී ලංකාවට යම් විදේශ විනිමයක් ලබා…

සංවර්ධන කටයුතු “PPP” ක්‍රමයට !

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු නැවැත්වීමෙන් විශාල පිරිසකගේ රැකියා අහිමි වීම හේතුවෙන් ඉදිරියේදී සංවර්ධන කටයුතු රාජ්‍ය සහ පෞද්ගලික අංශවල හවුල්කාරිත්වයෙන්(private public partnership) ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, නාගරික සංවර්ධන හා නිවාස කටයුතු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක…

සාපෙළ ප්‍රතිඵල ඇවිත්

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද(25) නිකුත් කර තිබේ. ඒ අනුව http://doenets.lk  හෝ http://results.exams.gov.lk යන වෙබ් අඩවි මගින් සාපෙළ ප්‍රතිඵල නැරඹිය හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයා දැනු‍ම් දෙයි.

මුදල් අච්චු ගැසීම අඩුවේ !

මෙරට මහ බැංකුව විසින් පසුගිය වසරට සාපේක්ෂව මුදල් අච්චු ගැසීම මෙම වසරේදී විශාල වශයෙන් අඩු කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි. පසුගිය වසර තුළදී රුපියල් බිලියන 341ක් අච්චු ගසා ඇති අතර 2022 වසරේ ජනවාරි – ඔක්තෝබර් කාලයේදී අච්චු ගසා ඇත්තේ රුපියල් බිලියන 47කි. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසුවේ මුදල්…

භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ලිහිල් වෙයි

භාණ්ඩ වර්ග ගණනාවක් සඳහා පනවා තිබූ ආනයන සීමා ලිහිල් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ. එමගින් ඇඟලුම් රෙදි වර්ග, බෑග්, රූපලාවන්‍ය නිෂ්පාදන, වායු සමීකරණ, අධි ශීතකරණ සහ රෙදි සෝදන යන්ත්‍ර, ටයිල්, සෙරමික් උපාංග, ව්‍යායාම් උපකරණ ඇතුළු භාණ්ඩ ගණනාවක ආනයන සීමා ලිහිල් කර ඇත. අදාළ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

IMF මන්ද පමා ?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළඹීමට නියමිත එකඟතාවය ලබන වසරේ මාර්තු දක්වා පමා වෙතැයි ඇතැම් පාර්ශ්ව කරන ප්‍රකාශ පදනම් විරහිත බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විස්තීරණ මූල්‍ය පහසුකම ලබාගැනීමට අදාළ එකඟතාවය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත අදාළ යෝජනාව ලබන මස වනවිට ඉදිරිපත් කිරීම මහ බැංකුවේ…

ශ්‍රී ලංකා රුපියලට ලෝකයේම හිමිවූ තැන මෙන්න

ලොව ඉහළම මුදල් අවදානමක් ඇති මුදල් ඒකක 07 අතරට ශ්‍රී ලංකා රුපියල අයත් වන බව නොමුරා මූල්‍ය සමාගම අනතුරු අඟවා තිබෙනවා. නොමුරා මූල්‍ය සමාගම යනු ජපානයේ ඉහළම තැරැව්කාර සහ ආයෝජන බැංකුව වේ. ශ්‍රී ලංකා 44 අමතරව ඊජිප්තුව, රුමේනියාව, තුර්කිය, චෙක් ජනරජය, පාකිස්තානය සහ හංගේරියාව යන රටවල එම මුදල් ඒකකවල අර්බුදයක් හට ගැනීමේ ඉහළ අවදානමක් ඇති…

පුද්ගලීකකරණය පිලිබඳව ජනපතිගේ ස්ථාවරය මෙන්න !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23) අයවැය තෙවන වර කියවීමේ විවාදයට එක්විය. එහිදී රජයේ ආයතන පෞද්ගලීකරණය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කළේය. “විපක්ෂ නායක තුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න. ලාභ ලබන ඒවා විකුණන්න එපා.. කුණු කොල්ලයට කියලා. මේ රටේ පුද්ගලීකරණය කරන එක පටන් ගත්තේ ඉතින් ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ. මමයි ඒක ආරම්භ කළේ..…

ලාංකීය දේශපාලන කරළියේ, ඉන්දීය භූමිකාව

රාජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිරගතව සිටි අවසාන හය දෙනා ඉකුත් සෙනසුරාදා (12) ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් මගින් නිදහස් කරනු ලැබූහ. 1999 දී ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් අනුව එම වසරේ සිට මෙම ඝාතනය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටියේ හත් දෙනකු පමණි. ඉන් එක් පුද්ගලයකු ඉකුත් මැයි මාසයේ දී නිදහස් කරනු ලැබූ අතර ඉකුත් සෙනසුරාදා නිදහස් කරනු ලැබුවේ ඉතිරි හය…

නව අයවැයෙන් , රට “ගොඩයාවිද” ?

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ සහන අයවැය ලේඛනය. තමන්ට ලැබෙන සහන කවරේද යන කාරණය මත ජනතාව අයවැය පිළිබඳ උනන්දු විය. ප්‍රමාණවත් ආදායමක් නොතිබුණද බලයේ සිටි ආණ්ඩු අයවැය මගින් සහන ලබා දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එහෙත් ඊට සාපේක්ෂව රාජ්‍ය ආදායම් ඉහළ නොගියේය. එබැවින් ණය ලබා ගෙන රට දුවවන ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ අතර…

ශ්‍රී ලංකාවේ සංචාරයට උනන්දුව වැඩිවෙයි , ‘එමිරේට්ස්’ ගමන් වාර වැඩි කරයි !

ශී‍්‍ර ලංකාවට සංචාර සඳහා ඉල්ලූම වැඩිවීම හමුවේ 2022 දෙසැම්බර් 01 වනදා සිට ඩුබායි සිට කොළඹ අතර දෛනික සෘජු ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි කරන බව එමිරේට්ස් සමාගම නිවේදනය කර තිබේ. මේ අනුව, EK648/EK649 ලෙස අමතර ගුවන් ගමනක් ක‍්‍රියාත්මක කරන අතර ඒ සමඟ මෙම නගර දෙක අතර දෛනික ගුවන් ගමන් සංඛ්‍යාව තුනක් දක්වා වැඩි වන බවත් මෙයට…