පොලිස් ‍ලොක්කෝ කිහිපදෙනකුට හදිසි මාරු

වහාම ක්‍රියාත්මක වන පරිදි උසස්‌ පොලිස්‌ නිලධාරීන්‌ කිහිපදෙනකු වෙත මාරුවීම්‌ ලබාදී තිබේ. ඒ, රාජ්‍ය සේවා කොමිෂන්‌ සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශලේකම්වරයාගේ අනුමැතිය පරිදි ය. ඒ අනුව කෑගල්ල කොට්ඨාස භාර නිලධාරී තනතුරේ වැඩ බැලූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අයි.ඩබ්ලිව්‌. බී. ජී. ආර්‌. කන්දෙවත්ත මහතා එම කොට්ඨාසයේ කොට්ඨාස භාර නිලධාරීයා ලෙස ස්ථාන මාරුකර තිබේ. ඇමති…

අගමැති මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුව දිගටම – යෝජනාවක් සම්මතයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුව පවත්වාගෙන යාමේ යෝජනාවක් අද පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ඒකමතිකව සම්මත වී තිබේ. රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආණ්ඩුව ඊට ශක්තිමත්ව මුහුණදිය යුතු බවත් ඒ සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවටත් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු…

මුඛාවරණ ඉවත්කිරීමේ තීරණය “රිවර්ස්” කරයි !

මුහුණු ආවරණය ඉවත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. මේ දිනවල පැවැත්වෙන මහජන ඒකරාශීවීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති නිවේදනයක දැක්‍ වේ. එළිමහන් ස්ථාන හා පොදු ස්ථානවලදී පෙර පරිදි මුහුණු ආවරණ පැළඳිය යුතු බව එහි සඳහන්ය.

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් තවත් ආධාර !

ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් අමෙරිකානු ඩොලර් මිලියන 500 ක මූල්‍ය උපකාරයක් ලබාදීමට ඉන්දියාව එකඟතාව පළ කර ඇති බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පිරීස් පවසයි . බංග්ලාදේශයට ගෙවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 450 ගෙවීම කල්දැමීමට එරට රජයද කැමැත්ත පළ කර ඇති බව අමාත්‍යවරයා . රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත , ජාත්‍යන්තර මුල්‍ය අරමුදල…

ඖෂධ හිඟයි ,ලෙඩ වෙන්න එපා! – සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි.

රට තුළ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගෙන දෛනික කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටී වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයට පත් නොවන අයුරින් කටයුතු කිරිම මෙම අවස්ථාවේදී වඩාත් වැදගත් වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ , බරපතල රෝගාබාධවලින් පෙලෙන්නන්ට හිඟයකින් තොරව ඖෂධ ලබාදීම…

අධිවේගී මාර්ග නිසා ආර්ථිකයට හානි වුනාද ?

මෙරට ආර්ථිකයට දරාගැනීමට නොහැකි තරමට , අධිවේගී මාර්ග ඉදිකිරීම, වත්මන් ආර්ථික අර්බුදයට එක් හේතුවක් වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ . ලේකම්වරයෙකු මෙන්ම අමාත්‍ය මණ්ඩල ලේකම් වරයෙකු ද ලෙස කටයුතු කළ එස් අමරසේකර පවසයි වර්තමානයේ රට තුළ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ තමන් 2006 වසරේදී එවකට සිටි බලධාරීන් දැනුවත් කල බවද අමරසේකර මහතා මාධ්‍ය වෙත පැවසීය…