රටේ පවුල් තුනෙන් එකක දරුවන්ට මානසික ගැටළු !

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක සිටින දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව සේව් ද චිල්ඩ්රන් ජාත්‍යන්තර ආයතනය පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි පවුල් 2300 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සමීක්ෂණයක දත්ත අනාවරණ කරමින්. එම සමීක්ෂණයට එක්වූ මව්පියන් පවසා…

අපනයන අදායම ඉහළට !

ඉකුත් ජූනි මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 1.2 ක ආදායමක් උපයා තිබෙනවා. ශ්‍රී ලංකා රේගුවේ දත්තවලට අනුව එය සියයට 20 ක වැඩිවීමක්. මෙම වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇගළුම් හා රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාරපාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයුම් ඉහළ යාමයි. කෙසේවෙතත් ජූලි මාසයේ උද්ධමනය සියයට 60…

ලංකාවට එන නැව ගැන , චීනයෙන් ඉන්දියාවට සැර පිළිතුරක් !

සිය නීත්‍යානුකූල නාවික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශව මැදිහත්වීම් සිදුනොකරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා. හම්බන්තොට වරායට ලගාවීමට නියමිත චීන නෞකාවක් සම්බන්ධයෙන් ඉන්දියාව අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශය මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව චීනය පවසන්නේ අදාළ පාර්ශවයන් චීනයේ සාගර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම් නිවැරදිව නරඹා වාර්තා…

ලංකාවට එන චීන නැවක් ගැන ඉන්දියාව ‘නොසතුටෙන්’ !

හම්බන්තොට වරායට ලගාවීමට නියමිත චීන නෞකාවක් සම්බන්ධයෙන් මේවනවිට මතභේදකාරී තත්ත්වයක් මතුවී තිබෙනවා. ඒ, එම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමු වීමත් සමගයි. අදාළ නෞකාව හම්බන්තොට වරායට ලගාවීම සම්බන්ධයෙන් සිය රට දැඩි අවධානයකින් පසුවන බවයි ඉන්දියාව පවසන්නේ. එමෙන්ම සිය රටේ ආරක්ෂක තත්ත්වය මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ආරක්ෂා කරන බව ද ඉන්දියාව අවධාරණය කර තිබෙනවා. මතභේදයට තුඩුදී ඇති…