‘දේශපාලුවන්ගේ’ රැකවරණ මැද ජනතාව හූරාකන ජාවාරම්කාරයෝ !

නිෂ්පාදකයින්ගේ අත්තනෝමතික මිල ඉහල නැංවීම් හරහා පීඩාවට පත්ව සිටින පාරිභෝගික ජනතාවට යම් සහනයක් සැලසීමට , , සිමෙන්ති හා වානේ සඳහා නැවත පාලන මිලක් ක්‍රියාත්මක කරලීම පිළිබඳව පාරිභෝගික කටයුතු අධිකාරියේ අවධානය යොමුව ඇත . මේ ආකාරයේ පාලන මිලක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වානේ හා සිමෙන්ති කම්හල් හිමියන් , පසුගිය වසර පුරාවට කිසිදු සීමාවකින් තොරව අවස්ථා කිහිපයකදීම තම…

දුලාංජලී හදිසියේ රටෙන් පිටවේ !

විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සොයුරිය වන දුලාංජලී ප්‍රේමදාස මහත්මිය අද දින උදෑසන , සිය දරු දෙදෙනාද සමග හදිසියේ රටින් පිටව ගොස් ඇති බව වාර්තාවේ . මේ අනුව ඇය අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ එල් 505 දරණ ගුවන්යානයෙන් , එංගලන්තයේ ලංඩන් නුවර බලා පිටත්ව ගොස් ඇත . රනිල්…

සිංහල ජාතිය පැවත එන්නේ නිවුන්නුන්ගෙන්ද ?

සිංහල ජාතිය සහ ලංකාද්වීපය නිවුන්නුන්ගෙන් පැවත එන ජාතියක් හා දේශයක් බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතා ප්‍රකාශ කර සිටී . ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය  22 දින  සවස 2:22ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී ප්‍රවීණ මාධ්‍යවේදී සරත් ලාල් කුමාර විසින් රචිත “නිවුන්නු” කෘතිය ජනගත කල අවස්ථාවේ ප්‍රධාන දෙසුම පවත්වමිනි . “සිංහබාහු, සිංහ සීවලී විතරක් නෙවෙයි,…

“ජෝර්ජ් ක්ලූනිත්” තෙල් ගන්නේ ලංකාවෙන් !

ලෝ ප්‍රකට , ඇමෙරිකානු හොලිවුඩ් නළු ජෝර්ජ් ක්ලූනි ( George Clooney ) මහතා ඕස්ට්‍රේලියාවේ සිට එංගලන්තය බලා තම පෞද්ගලික ගුවන් යානයෙන් ගමන් කරමින් සිටින අතරතුර , කටුනායක ගුවන් තොටුපළ වෙත ඉකුත් 19 දා,  විනාඩි 45 ක කාලයක් සදහා පැමිණ තිබේ . ඔහු සිය පෞද්ගලික ගුවන් යානය වන බොම්බැඩියර් එක්ස්ප්‍රස් ග්ලෝබල් (Bombardier Express Global ) වර්ගයේ…

“නිවුන්නු” හෙට ජනගත කෙරේ !

ප්‍රවීණ  ගත් කතුවර සරත් ලාල් කුමාර මහතා විසින් රචිත ” නිවුන්නු ” කෘතිය , නිවුන්නු සියයකගේ සහභාගීත්වයෙන් හෙට එනම් 2022 .02 .22 දින පස්වරු 02.22ට , කොළඹ 07 , ආනන්ද කුමාරස්වාමි මාවතේ , මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරේ . කෘතිය ජනගත කිරීමේ උත්සවය , , ශ්‍රී ලංකා නිවුන් සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර එහිදී ප්‍රධාන…

ශ්‍රීලාල් නානායක්කාරගේ “පෙම්බරී, මා- රම්බරී” 18 දා දොරට වඩී !

ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු , ග්‍රන්ථ කර්තෘවරයෙකු , කවියෙකු , තිරකතා රචකයෙකු  මෙන්ම මෙරට ජනප්‍රියතම  චිත්‍ර කථා නිර්මාණකරුවෙකු වන,  ශ්‍රීලාල් නනායක්කාරයන්ගේ  නවතම නවකථාව “පෙම්බරී,මා-රම්බරී” නමින් එළඹෙන 18 දා පස්වරු 3.30ට  කඩවත, දළුපිටිය  “ඇල්ෆා” අධ්‍යාපන ආයතනයේදී දොරට වඩී. ශ්‍රීලාල් නනායක්කරයන්ගේ, අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය කර ඇති මෙම නවකතාව , ඔහුගේ කුළුඳුල් නවකතා ග්‍රන්ථයද වේ.…

බොලිවුඩය ජයගත් “අපේ දෙන්නාගේ” අලුත්ම නැටුම , සමාජ මාධ්‍ය කළඹයි !

ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික කළා ශිල්පිනියන් දෙදෙනෙකු වන යොහානි ද සිල්වා හා ජැක්ලින් ෆර්නැන්ඩස් එක්ව කල නර්තනයක් අඩංගු කුඩා වීඩියෝවක් , මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ඉතාමත් ඉහල ප්‍රතිචාර ලබමින් ,  වේගයෙන් පැතිරයමින් ඇත . මෙම වීඩියෝව මුලින්ම ජැකලින් , තම ඉන්ස්ටග්රෑම් ගිණුමේ පලකර තිබු අතර මේ වනවිට ඊට ඉන්දීය රසික රසිකාවියන්ගෙන් උණුසුම්  ප්‍රතිචාරයක් ලැබී…

‘මේ සම්මානය අයිති මට නෙවෙයි , මගේ රටටයි’ – නිරංජනී ශන්මුගරාජා

නයිජීරියාවේ යොනගෝවා නුවරදී පළමුවරට සංවිධානය වූ BAYELSA අන්තර්ජාතික සිනමා උළෙලේදී (Bayelsa IFF) එහි විශිෂ්ඨතම  සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකික සිනමාවේදී  සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ  “සුනාමි” චිත්‍රපටය සමත්වී ඇත. ඒ අනුව එම  උළෙලේ “හොඳම නිළිය” උදෙසා වූ සම්මානය නිරංජනී ශන්මුගරාජාත්   ,”හොඳම අධ්‍යක්ෂක” උදෙසා වූ සම්මානය සෝමරත්න දිසානායකත්  දිනාගෙන ඇත . රටවල් 86 කට  අයත් චිත්‍රපට…

ගුවන් තොටේදී යොහානිට උණුසුම් පිළිගැනීමක් !

   සංගීත ප්‍රසංග මාලාවකට සහභාගී වීම සඳහා ඉන්දියාවේ සංචාරයකට එක්වූ , , ජනප්‍රිය ගායන ශිල්පිනී   යොහානි ද සිල්වා මෙනවිය දිවයිනට ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියාය ඊයේ (12) රාත්‍රී 11.25ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 144 දරන ගුවන් යානයෙන් ඇය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියාය. ගුවන් තොටුපොළ වෙත පැමිණි යොහානි ට උණුසුම් පිළිගැනීමක්…

සල්මාන් ඛාන්, යොහානි සමග යුග ගීයක් ගයයි !

‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා රටවල් රැසක ජනාදරයට පත්වූ යොහානි ද සිල්වා ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් සමග සජීවි රූපවාහිනි වැඩසටහනක් සඳහා සහභාගී වී ඇත ඉන්දීය ප්‍රේක්ෂකයින් අතර ඉතා ජනප්‍රිය වැඩසටහනක් වන “Bigg Boss15” නමින් හැඳින්වෙන එම වැඩසටහනේ දී යොහානි සමඟ සල්මන් ඛාන් ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ඉන්දීය…

යොහානිට රාජ්‍ය සම්මානයක් !

“මැණිකේ මගේ” ගීතයෙන් ලෝකයේම කතාබහට ලක්ව සිටින ජනප්‍රිය යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට රාජ්‍ය සම්මානයක් ලබාදී ගෞරවය පුද කිරීමට කටයුතු කරන බව ජාතික උරුම, ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවැසීය. අගමැතිවරයා ඒ සඳහා මැදිහත්ව සිටින බවද හෙතෙම සඳහන් කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට…

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික තානාපතිනිය, “යොහානි “

ගායන ශිල්පිනී යොහානි ද සිල්වා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නවතම සංස්කෘතික තානාපතිනිය වී ඇති බව ඉන්දියාව පවසයි. යොහානි ද සිල්වා පසුගියදා ඉන්දියාවේ එන්ඩීටීවී(NDTV) ඇතුළු රූපවාහිනි නාළිකාවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන්  ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කොළඹ ඉන්දීය මහකොමසාරිස් මේ බව පවසා ඇත. එම පණිවිඩවල මෙසේද සඳහන් වේ. “නවතම සංස්කෘතික තානාපතිනි යොහානි ද සිල්වා ඉන්දියාවේ…