ශ්‍රී ලංකාවේ නිවාස 12% කට පිරිසිදු වතුර පොදක් බොන්න නෑ

පානීය ජලය ලබාගන්නා මූලාශ්‍රය සලකා බැලීමේදී ශ්‍රී ලංකාවේ ගෘහයන්ගෙන් 11.5%කට සුරක්ෂිත පානීය ජලය ලබාගත නොහැකි බව හඳුනාගෙන තිබේ. ඒ ජනලේඛන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේදී සිදුකරන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයේදී අනාවරණය වූ තොරතුරු මතය. කෙසේවෙතත් එහිදී තවදුරටත් දැනගන්නට ලැබී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෘහයන්ගෙන් 88.5%කට සුරක්ෂිත පානීය ජලය ලබාගත හැකි බවය. එහිදී නාගරික…

උගත් නූගත් කා අතරත් රැකියා නැති කතුන් වැඩියි

මෙරට තුළ කාන්තාවන්ගේ සේවා වියුක්ති අනුපාතය පිරිමින්ගේ සේවා වියුක්ති අනුපාතයට වඩා සෑම විටම වැඩි බව අනාවරණය වී තිබේ. මේ බව හෙළිවී ඇත්තේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගිය 2021 වසරේදී කරන ලද ශ්‍රී ලංකා ශ්‍රමබල සමීක්ෂණයට අනුවයි. සාපේක්ෂව ඉහළ අධ්‍යාපන මට්ටම්වල පුද්ගලයින් අතර ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වැඩි සේවා වියුක්ති අනුපාතයක් දක්නට ලැබෙන බව ද…

2022 අල්ලපු මත්ද්‍රව්‍ය වරදකරුවන් ගණන ලක්ෂය පනියි

පොලිසිය පසුගිය 2022 වසරතුළ කළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පමණක් සැකකරුවන් එක්ලක්ෂ හාරදහස් හාරසිය හතලිස් එක් දෙනෙක් (104,441)

රටේ නිෂ්පාදනයට විවාහක – අවිවාහක කතුන්ගේ දායකත්වය ගැන අනාවරණයක්

දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීමේදී විවාහක අවිවාහක බව සලකා බලන විට, නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා දිනකට වැඩිම කාලයක් යොදවනු ලබන්නේ කිසිදිනෙක විවාහ නොවූ කාන්තාවන් බවට අනාවරණය වී තිබේ. කෙසේවෙතත් එම ගණනය කිරීමේදී නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වැඩිම සහභාගීත්වයක් දක්වන්නේ විවාහක කාන්තාවන් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙහිදී වැඩිහිටි කාන්තාවන් යනුවෙන් සළකනු ලබන්නේ වයස අවුරුදු 10 හා…

ශ්‍රී ලංකාවේ දුප්පත්කම උඩුදුවන හැටි

ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 16%ක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණය වී තිබේ. මින් අදහස් වන්නේ සෑම පුද්ගලයන් සය දෙනෙකුගෙන් එක් අයෙක් බහුමාන දරිද්‍රතාවයෙන් පෙළෙන බවයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2019 වසරේ කරන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණ තොරතුරු වලට අනූව මේ බව අනාවරණය වී ඇත. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඉතිහාසයේ ප්‍රථම වරට නිල…

නොමැරී ජීවත්වෙන්න එක්අයකුට මාසෙකට රු.12500ක්

කාල බිලී නොමැරී පුද්ගලයෙකුට රුපියල් 2500කින් මාසයක් ජීවත්වීමට හැකියැයි කීවේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාය. හැබැයි ඒ අද ඊයේ නොව. වසර දහ පහළොවකට ඉහතදීය. එදා රුපියල් 2500න් මාසයක් නොමැරී ජීවත්වීමට කන්න බොන්න බන්දුල ඇමතිවරයාගේ න්‍යායට අනුව ජීවත්විය හැකි වූවත් අද නම් රුපියල් 2500 එක දවසකටවත් ජීවත්වන්නට එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් නොවනු ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2012/13 නිල…

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ මගින් ආර්ථිකය නැංවිය හැකිද ?

විදෙස් ශ්‍රමිකයින් මෙරටට එවන වැටුප් මුදල් , එසේත් නැතිනම් ප්‍රේෂණ ප්‍රමාණය අඩුවෙමින් පැවතීම පිළිබඳව රට තුල මේ වනවිට විශාල කතාබහක් මතුව ඇත . විශේෂයෙන්ම මෙම ශ්‍රමිකයින් පිළිගත් හා නිල බැංකු පද්ධති හරහා මෙරටට මුදල් එවීමට මැලිකමක් දැක්වීම ගැනද මහබැංකුවේ පවා දැඩි අවධානය යොමුව ඇත රටේ ඩොලර් හිඟයටද මෙම තත්වය ඍජුවම බලපෑ ඇති බවට විවිධ ආර්ථික…

රටේ පවුල් තුනෙන් එකක දරුවන්ට මානසික ගැටළු !

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක සිටින දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව සේව් ද චිල්ඩ්රන් ජාත්‍යන්තර ආයතනය පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි පවුල් 2300 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සමීක්ෂණයක දත්ත අනාවරණ කරමින්. එම සමීක්ෂණයට එක්වූ මව්පියන් පවසා…

ශ්‍රී ලංකාවේ 14%ක් දුප්පතුන් – නිවෙස් 60%ක් ණයගැතියන්

අපේ රටේ ගෘහයන්ගෙන් 59.7%ක් ණයගැතියන් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්මේන්තුව කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. එනම් එම ගෘහයන් අනාගතයේ යම් දිනක ගෙවා පියවිය යුතු කුමන ආකාරයේ හෝ වගකීමක් ඇති අයයි. මේ බව හෙළිවී ඇත්තේ එම දෙපාර්තමේන්තුව විසින් කරන ලද 2019 වසරේදී කරන ලද ගෘහ ආදායම් හා වියදම් සමීක්ෂණයෙනි. එම සමීක්ෂණයට අනුව වැඩිම ණයගැති ගෘහ…

ගෙදර වැඩ නිසා මෙරට කාන්තාවන්ගෙන් 60%කටම ආර්ථික අතින් ක්‍රියාශීලී වෙන්න බැරිවෙලා

මෙරට තුළ වෙසෙන ස්ත්‍රීන් හා පුරුෂයන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට හේතු අනාවරණය කරගැනීමට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද නවතම සමීක්ෂණයකින් හැකියාව ලැබී තිබේ. ඒ 2020 වසරේදී කරන ලද ශ්‍රම බල සමීක්ෂණය ඔස්සේ ය. මෙම සමීක්ෂණයට අනුව තමන් ආර්ථික වශයෙන් ක්‍රියාශීලී නොවීමට ප්‍රධාන හේතූන් දෙක ලෙස පුරුෂ පාර්ශවයත් ස්ත්‍රී පාර්ශ්වයත් දක්වා ඇත්තේ වෙනස් කරුණු…

මෙරට වැටුප් ලබන්නන්ගෙන් 60%කටම කොවිඩ් පළමු රැල්ලේදී පඩි කපලා

ශ්‍රී ලංකාවට බලපෑ ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන් කොවිඩ්-19 පළමු රැල්ල තුළදී මෙරට වැටුප් ලබන සේවකයන්ගෙන් 60%ක් මෙම කාලය තුළ වැටුප් නොලැබීම හෝ සාමාන්‍ය වැටුපට වඩා අඩු වැටුපක් ලද බවට සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. මේ බව තහවුරු වී ඇත්තේ කොවිඩ්-19 වසංගතයේ පළමු රැල්ල හේතුවෙන් ශ්‍රී ලංකාවේ සේවා නියුක්තිය මත ඇතිවූ බලපෑම පිළිබඳ ජන හා සංඛ්‍යලේඛන දෙපාර්තමේන්තුව…

උච්චමුනෙයි දූපත ගැන ඇත්ත දැනගමු !

කල්පිටිය, උච්චමුනෙයි දූපත විදෙස් රටකට විකුණා ඇති බවට පසුගිය දිනක සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) කරුණු පැහැදිලි කර සිටී. නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ඉඩම් විදේශීය ආයෝජකයින්ට විකුණා ඇති බවට විවිධ මාධ්‍ය හෙළිදරව් කිරීම් සහ වාර්තා ප්‍රසිද්ධියේ සාවද්‍ය තොරතුරුවලට තුඩු දෙයි. එබැවින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය…