රට පුරා වාර්ෂිකව අවම කෝටි 6000ක් හෙරොයින් මත්කුඩුවලට පිළිස්සෙයි

රට පුරා හෙරොයින් මත්කුඩු භාවිත කරන පුද්ගලයන් ලෙස නම් ගම් සහිතව තහවුරු කරගත් 68000කට ආසන්න පිරිසක් වාර්ෂිකව ඒ සදහා රුපියල් කෝටි 6000ක් වැය කරන බවට හෙළිවී තිබේ.

බහුතරයක් දරුවන් පාසල අතහැරීමට හේතුව දුප්පත්කම බව හෙළිවෙයි

දම්පත් රණසිංහ/ ප්‍රබෝධා හෙට්ටිආරච්චි පාසල් වයසේ දරුවන් පාසල් අධ්‍යාපනය අත්හැර දමන ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආර්ථික අපහසුතා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය විසින් කරන ලද සමීක්ෂණයකදී මේ බව හෙළිවී තිබේ. 2017 වසරේදී මෙම සමීක්ෂණයට අදාළ වාර්තාව නිකුත් කර ඇත. ඒ අනුව 2664 දෙනකු අතුරින් 1547 දෙනකුම ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් අධ්‍යාපනය අතහැර දැමූ බවට…

විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම පහළට

පැතුම් වික්‍රමරත්න විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන මුදල් ප්‍රමාණය පසුගිය වසර අවසානයේදී සියයට 13කින් කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. ඒ අනුව 2018දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ , එක්සත් ජනපද ඩොලර් මිලියන 584 ක් දක්වාඅඩුවී තිබු බව ශ්‍රී ලංකා මහබැංකුව නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ. එසේම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සමස්තයක් ලෙස 2017 වසරේ දී…

ස්වීඩනයේ වනාන්තර දෙගුණ වෙයි – ලොව දැවැන්තම දැව නිෂ්පාදකයන් අතරටත්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි ස්වීඩනයේ වන ඝනත්වය දෙගුණයක් වී තිබේ. ඒ ගෙවී ගිය වසර 100 සළකා බැලීමෙනි. ‘තුරුසෙවණේ බිම්කඩ’ ලෙස ස්වීඩනය හැදින්වෙන්නේ ද මේ නිසාය. වසර 100ක පමණ කාලයක සිට ස්වීඩනය විසින් කපන සෑම ගස් සංඛ්‍යාවක් සදහාම දෙගුණයක් ගස් සිටුවීමේ ප්‍රතිපත්තිය එරට සියල්ලන්ම අනුගමනය කිරීම නිසා මේ වනවිට ස්වීඩනයේ මුළු භූමි ප්‍රමාණයෙන් 70%ක්ම ගස්වලින් පිරී ඇත. මෙම…

ලංකාවේ 79%ක්ම අඩුආදායම්ලාභීන්

ප්‍රබෝධා හෙට්ටිආරච්චි ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 79.9%ක් අඩු ආදායමක් ලබන ජනතාව බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ. ඒම සමීක්ෂණයට අනුව මෙරට 15.3%ක් මධ්‍ය ආදායම් ලබන්නන් බවත් 3.4%ක් ඉහළ මධ්‍ය ආදායම් ලබන්නන් බවත් හෙළිවී ඇත. මෙරට සිටින ඉහළ ආදායම් ලබන්නන්ගේ ප්‍රතිශතය 0.5%ක් පමණ වන අතර දිළින්දන් ඒහි දෙගුණයක් වන 1.2%ක් පමණ වන බව ද මෙහිදී අනාවරණය වී තිබේ.…

මෙරට රජයේ පාසල් 77%කම ළමුන් 500කටත් අඩුයි

දම්පත් රණසිංහ අපේ රටේ  රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන සිසුන් ලක්ෂ හතලිහකට අධික පිරිසක් සිටිති. ඔවුන් අධ්‍යාපනය ලබන්නේ පාසල් 10,194 ක. එම  පාසල් අතරින් පාසල් 7,851 ක අධ්‍යාපනය ලබන්නේ 500 කට අඩු සිසුන් පිරිසකි. සිසුන් 500 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබන පාසල් සංඛ්‍යාව 2343 කි. මේ අනුව පෙනී යන්නේ සමස්ත රජයේ  පාසල් 77% කම අධ්‍යාපනය ලබන්නේ…

ලංකාවේ බාගයකටම ලිංගික දැනුමක් නෑ

ශ්‍රී ලාංකිකයන්ගෙන් 50%කට තම ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය පිළිබඳ ඇත්තේ සීමිත දැනුමක් බව ජගත් සංවිධානය සිදුකල සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. විශේෂයෙන්ම විවාහක කාන්තාවන් අතරින් 35%ක් උපත් පාලන ක්‍ර‍ම භාවිතා නොකරන බවත් එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ඒ අනුව පවුල් සැලසුම යනු ශ්‍රී ලංකාවේ තවමත් මත භේදාත්මක ප්‍ර‍ශ්නයක්ව ඇති බවද මෙම සමීක්ෂණ වාර්තාවේ දැක්වෙන බව එක්සත් ජාතීන්ගේ…