පුංචි ඡන්දයේදී පුරවැසියන් 1000කට අපේක්ෂකයන් 4ක්

මෙවර පළාත් පාලන මැතිවරණය සදහා මෙරට පුරවැසියන් 1000කට අපේක්ෂකයන් 04 දෙනෙක් සිටිති. මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරන ආකාරයට අනුව මෙවර පළාත් පාලන මැතිවරණයට අපේෂකයන් 80720 දෙනෙක් ඉදිරිපත්ව සිටිති. ලියාපදිංචි දේශපාලන පක්ෂ 80කින් සහ ස්වාධින කණ්ඩායම් 329ක් මෙම අපේක්ෂකයින් ඉදිරිපත්ව සිටිති. ඒ අනුව බැලීමේදී රටේ සමස්ත ජනගහනයට සාපේක්ෂව සැසදීමේදි මෙවර මෙරට පුද්ගලයින් 1000කට අපේක්ෂකයින් 04 දෙනෙක් සිටිති.

බොරැල්ලේ වකුගඩු ජාවාරමේ තැරැව්කරුවෙක් අත්අඩංගුවට

විශාල වශයෙන් මුදල් ලබාදෙන බවට දිළිදු ජනතාව රවටමින් බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලක් කේන්ද්‍රකරගෙන සිදුව ඇති වකුගඩු ජාවාරම ගැන විමර්ශන පවත්වන කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊට සම්බන්ධ තැරැව්කරුවෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාවේ පදිංචිකරුවෙක් වන මොහොමඩ් සාකීර් නැමැත්තාව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි. මෙම සැකකරුත් සමඟ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන්…

“2019 දී බදු ගෙවන ලිපිගොනු ලක්ෂ 16යි.. 2021 වෙද්දී ලක්ෂ 4ට බැස්සා”

රටේ අදායම් තත්ත්වය ස්ථාවර වී ආර්ථික ප්‍රගතියක් උදාවුවහොත් මේ වසරේ තුන්වන කාර්තුවේදී සහනයක් ලෙස සියලු රජ්‍ය සේවකයින්ට වැඩිපුර දීමනාවක් ලබාදීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. අනුරාධපුර රාජධානී සමයේ ණය ලබා නොගෙන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟු ආකාරය ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ජනාධිපතිවරයා 2024 වසර වන විට අපේක්ෂා කරන ආර්ථික ප්‍රගතියත් සමග වැටුප්…

මැතිවරණය පැවැත්විය හැකිද ? මහබැංකු අධිපති කරුණු දක්වයි !

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අවශ්‍ය ණය මුදල ලබන මාසය තුළ ලබාගැනීමට හැකිවනු ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විශ්වාසය පළ කරනවා. මහ බැංකුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මෙම අදහස් පළ කළා. මෙවන් අවස්ථාවක මැතිවරණයක් පැවැත්වීම සුදුසු ද ? මේ, ඊට ප්‍රතිචාර දැක්වූ මහ බැංකු අධිපතිවරයා. මැතිවරණ පැවැත්වුණත්, නැතත්…

“13”වෙනි සංශෝධනය ප්‍රායෝගිකද ?

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මම එකඟ නොවෙමි. එය 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේම පූර්ණ කොටසකි. නීතියකි. එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය හඳුන්වා දුන්නේය. 1981 වර්ෂයේ පැවැත් වූ සංවර්ධන සභා ඡන්දවල දී ඇති වූ කලකෝලාහල සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ඒවායෙහි ප්‍රමාණවත් නියෝජනයක් නොලැබීම යන හේතු මත 1987 දී ඉන්දු-ලංකා ගිවිසුම ඇති කර ගන්නා ලද…

ඡන්දෙ තියන්න කොමිසම සල්ලි ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව අද (24) දින මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට ලිඛිත ඉල්ලීමක් කිරීමට නියමිතව ඇත. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ඇතුළු කොමිෂන් සභාවේ නියෝජිතයෝ මෙම ඉල්ලීම ඉදිරිපත් කරති. මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදානමක් පවතින බවට තහවුරු නොවූ තොරතුරු මීට පෙර වාර්තා වී තිබිණි. කෙසේ…

උද්ධමනය පහළ ගිහින්

මෙරට තුළ උද්ධමනය ගෙවුණු නොවැම්බර් මාසයට සාපේක්ෂව දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ. ජනලේඛන හා සංඛයාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති 2022 ‍දෙසැම්බරයේ මෙරට ආර්ථිකය පිළිබඳ දත්තවලට අනුව මේ බව අනාවරණය වේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) මත පදනම් වූ මතුපිට උද්ධමනය නොවැම්බර් මාසයේ 65.0% ට සාපේක්ෂව 2022 දෙසැම්බර් මාසයේදී 59.2% දක්වා අඩු වී ඇත. ආහාර උද්ධමනය…

ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයත් කැමතියි !

ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීනය සමඟ පැවැත්වෙන සාකච්ඡා මේ වන විට අවසාන අදියරට පැමිණ ඇති බවත්, ඉදිරි දින කිහිපය ඇතුළත චීනයේ සහතිකය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලැබෙන ඇති බවට බලාපොරොත්තු වන බවටත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා පවසයි. අද (20) පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අනාවරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය භාණ්ඩාගාර…

දීර්ඝ විදුලි කප්පාදු හා ඉන්ධන පෝලිම් යළිත් ?

ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් පැහැර හැරිය හොත් හා ගාස්තු සංශෝධනයක් නොකළ හොත් විදුලි කප්පාදුව අනිවාර්යෙන්ම දීර්ඝ කිරීමට සිදුවන බව රජය පවසනවා. එමෙන්ම විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් ලබාගත් ඉන්ධනවලට මුදල් නොගෙවීම හරහාද නැවත වරක් රටපුරා ඉන්ධන පෝලිම් නිර්මාණය වනු ඇති බවයි රජය පෙන්වා දෙන්නේ. ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය ජනවාරි 15වනදා වනවිට විවිධ ආයතන…

ණය ප්‍රතිව්‍යුහගතකරණයට ඉන්දියාව සූදානම් !

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඉන්දීය සිය අනුමැතිය ප්‍රකාශ කොට ඇති බව බ්ලුම්බර්ග් වෙබ් අඩවිය ප්‍රකාශ කර සිටිනවා. එම වෙබ් අඩවිය සඳහන් කළේ ඉන්දීය රජය විසින් මේ සමබන්ධයෙන් වන සිය නිල නිවෙදනය හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බවයි. ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් සමීපව කටයුතු කරනු ලබන ඉන්දියාවේ රාජ්‍ය නිලධාරියෙකු උපුටා දක්වමින් බ්ලුම්බර්ග්…

රැකියා වියුක්තිය ඉහළට !

2022 තෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකාවේ සේවා වියුක්ති අනුපාතිකය 5% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ. 2022 දෙවන කාර්තුවේ දී මෙම අගය 4.6% ක් ලෙසින් වාර්තා විය. මේ අතර 2022 දෙවන කාර්තුවේ දී 50.1% ක් ලෙසින් වාර්තා වී තිබුණු මෙරට ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතික 2022 තෙවන කාර්තුව…

අත හෙලිකොප්ටරෙන් පනියි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ දිස්ත්‍රික්ක 17කට තනිව තරග කිරීමට තීරණය කර ඇති බව ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා පවසයි. ඒ අනුව ඉතිරි මැතිවරණ කොට්ඨාශවලින් ද ඇතැම් ස්ථානවලට ශ්‍රිලනිප ය අත ලකුණින් තරග කිරීමට නියමිතව ඇතැයි හෙතම සඳහන් කළේය. ශ්‍රීලනිප සභාපති සහ 06වැනි විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රිලනිප දේශපාලන මණ්ඩලයේ අති…