ජූලි 10 දක්වා අත්‍යාවශ්‍ය සේවා පමණයි !

පවතින තත්ත්වය හමුවේ අද මධ්‍යම රාත්‍රියේ සිට ජුලී මස 10 වෙනිදා දක්වා සිපෙට්කෝ සතු ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් නිකුත් කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. මේ හේතුවෙන් සෙසු කාර්යාල සහ කටයුතු නිවසේ සිට කිරීමට රජයෙන් උපදෙස් දෙන බවයි අමාතය බන්දුල ගුණවර්ධන සඳහන් කර සිටින්නේ. වරාය, සෞඛ්‍ය සේවා, අත්‍යවශ්‍ය ආහාර බෙදාහැරීම්…

ඉන්ධන මිල ඉහළ දමයි

අද(26) අලුයම 2 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතැන් සිට නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ. 92 ඔක්ටේන් Rs. 470/= 95 ඔක්ටේන් Rs. 550/= ඔටෝ ඩීසල් Rs. 460/= සුපර් ඩීසල් Rs. 520/= මේ අතර ඉන්ධන සඳහා වැය කෙරෙන…

ඩොලර් දසදහසකට වඩා ළඟ තබා ගතහොත් නඩු !

මෙරට සිටින හෝ නේවාසික පුද්ගලයෙකුට සිය සන්තකයේ තබා ගත හැකි විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය සීමා කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කළේ ඇමරිකානු ඩොලර් පහලොස්දාහේ සිට ඩොලර් දසදහස දක්වා එම විදේශ ව්‍යාහාර මුදල් ප්‍රමාණය අඩු කර ඇති බවයි. ඒ අනුව ඊට වැඩි විදෙස් මුදල් විදේශ ව්‍යාපාර මුදල් ගිණුමක තැන්පත් කිරීමට හෝ බලපත්‍ර ලාභී වාණිජ…

රාජ්‍ය සේවකයින් පෞද්ගලික අංශයට

රාජ්‍ය සේවකයින් මෙරටදීම පෞද්ගලික අංශයේ රැකියා වෙත යොමු කරවීමට අවශ්‍ය පහසුකම් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය වී තිබෙනවා. ඊට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමට සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් කමිටුවක් ද පත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.  රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ වසර 5 ක වැටුප් රහිත නිවාඩු මත රාජ්‍ය සේවකයින්ට පෞද්ගලික අංශයේ හෝ වෙනත් රැකියාවක නියුක්ත…

විදුලිබල මණ්ඩලයේ තවත් දූෂණ , අක්‍රමිකතා රැසක් හෙළිවේ !

සේවා චක්‍රලේඛ විධිවිධානයන්ට පටහැනි ලෙස විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට දීමනා ලබාදී ඇති බව කෝප් කමිටුවේදී ඊයේ අනාවරණය විය . මේ පිළිබඳව කෝප් කමිටු සභාපතිවරයා දැක්වූ අදහස් පහත දැක්වේ .

ඉහල උද්ධමන තත්වය තවත් වසර දෙකහමාරක් පවතීවි !

පවතින ඉහල උද්ධමනකාරී තත්ත්වය තවත් වසර දෙකහමාරක පමණ කාලයක් පවතිනු ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පවසයි . මේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම්ලාභී පවුල් සදහා රජය විසින් සහන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කල යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ. පවතින උද්ධමන වේගය ඉදිරියේදී ස්ථාවර තත්ත්වයකට පත්වුවත්, වැඩිවූ භාණ්ඩ…

එන – නොඑන නැව් වගේම ඉදිරියේදී තෙල් බෙදන හැටිත් ඇමති කියයි

ඉදිරි දින 3-4 තුළ පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. ලබන 23 වෙනිදා පෙට්‍රල් රැගත් නෞකාවක් සහ 24 වෙනිදා ඩීසල් රැගත් නෞකාවක් පැමිණීමට නියමිත බව හෙතෙම අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම මස 29 වෙනිදා සහ ජුලී මස 10 වෙනිදා බොර තෙල් රැගත් නෞකාවන් දෙකක්…

කොටස් වෙළඳපොළ කඩාවැටේ – අර්ථ සාධකයටත් හානි !

ශ්‍රී ලංකාවේ විශාලතම හා වඩාත්ම පුළුල් සමාජ ආරක්ෂණ යෝජනා ක්‍රමය වන සේවක අර්ථසාධක අරමුදල (EPF) විසින් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනයන් හි ‍වෙළෙඳපොළ වටිනාකම, 2022 පළමු කාර්තුව තුළ දී දැවැන්ත ලෙස පහළ ගොස් තිබේ. 2021 දෙසැම්බර් 31 දින වන විට සේවක අර්ථසාධක අරමුදල විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කොටස් 66 ක…

රජයේ ඉස්කෝලෙ හෙට නිවාඩු

රජයේ සහ රජයේ අනුමත සියළු පාසල් සඳහා හෙට (17) දිනයේ නිවාඩු ලබාදී තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් ඇතිව තිබෙන ප්‍රවාහන දුෂ්කරතා සැළකිල්ලට ගෙන මෙම නිවාඩුව ලබාදුන් බවයි.

මැතිසබේ දිවුරුමටත් කලින් ධම්මිකගේ මන්ත්‍රීකමට නඩුවක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත්කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ, ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඇතිවූ පුරප්පාඩුව…

මන්නාරම් ව්‍යාපෘතිය ගැන කී දේ ජනපති ප්‍රතික්ෂේප කරයි – ලංවිම සභාපති සමාව අයදී

මන්නාරමේ යෝජිත සුළං විදුලි ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩ‍ලයේ සභාපතිවරයා විසින් රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටුවේදී කරන ලද ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. එම ව්‍යාපෘතිය පැවරීම සම්බන්ධයෙන් තමා කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට බලපෑමක් නොකළ බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය සෑම ව්‍යාපෘතියක්ම ඉතාමත් පාරදෘශ්‍ය සහ වගවීමෙන්…

මෙරට ළමුන්ගෙන් හරි අඩකටම මානුෂීය ආධාර අවශ්‍යයි.

ශී‍්‍ර ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ළමුන් මිලියන 1.7 කගේ හදිසි අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (unicef) ඇමෙරිකානු ඩොලර් මිලියන 25 ක ආධාර ඉල්ලා සිටී. ශී‍්‍ර ලංකාවේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සියළුම අංශ දුර්වල වෙමින් පවතී. ඒ නිසා රටේ ජීවත්වන දරුවන්ගෙන් භාගයකට ආසන්න ප‍්‍රමාණයකට කිසියම් ආකාරයක මානුෂීය ආධාර අවශ්‍යවන තත්වයක් උදාවී ඇත.…