නවතම පුවත්

Hackathon කලාවේ හරිත විප්ලවය LetmeHACKeco 2020

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

IT field එකේ බොහොමයක් දෙනා ලොකු උනන්දුවකින් සහභාගී වෙන Hackathon අතරේ වෙනස්ම හැඩයකින් සහ අරමුණකින් යුතුව සංවිධානය වූ Hackathon එකක් තමයි LetmeHack කියන්නේ. සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිඝණක විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන LetmeHack Hackathon එක ප්‍රථම වතාවට 2018 වසරේ අති සාර්ථකව පැවැත්වුණා. දෙවන වතාවටත් 2020 එනම් මේ වසරේදීත් සාර්ථකව පැවැත්වීමට දැනටමත් කටයුතු සුදානම් වනවා.

LetmeHack Hackathon විශේෂත්වය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැවැත්වුණු product-oriented hackathon එක තමයි LetmeHack කියන්නේ. තවත් විස්තර කලොත් , සාමාන්යෙන් Hackathon එකකදී සිදු වෙන්නේ සහභාගී වෙන සෑම කණ්ඩායමක්ම තමන්ගේ idea එකකට අදාලව product එකක් නිපදවීම හෝ එසේ නිපදවිය හැකි බවට අදාළ ඉදිරිපත් කිරීමක් සිදු කිරීමයි. නමුත් LetmeHack හිදී සහභාගී වන සියලුම කණ්ඩායම් එකම idea එකකට අදාළ එකම product එකක් නිපදවන අතර සංවිධායක මණ්ඩලය මගින් ලබාදෙන platform එකක මේ product එක implement කිරීම සිදු කරනවා. සාම්ප්‍රධායික hackathon කලාවෙන් මිදී මේ විදියට වඩාත් ප්‍රයෝජනවත් outcome එකක් ලබාදෙන ප්‍රථම hackathon එක ලෙසින් LetmeHack විශේෂ වනවා.

LetmeHack 2020 තවත් විශේෂයි

LetmeHack V2.0 ලෙසින් මෙම වසරේදී පැවැත්වෙන Hackathon එක තවත් විශේෂිත මුහුණුවරක් ගන්නවා. ඒ තමයි ඔවුන්ගේ තේමාව ලෙස හරිත සංකල්පය (Green Concept ) යොදා ගැනීම. මේ වනවිට ලොව පුරාම ඉතාම කතාබහට ලක්වෙන concept එකක් තමයි Green Concept එක. තාක්ෂණයේ දියුණුව සිදුවිය යුත්තේ ලෝකය වඩාත් සුවදායි තැනක් කිරීමට මිසක් එය විනාශ කිරීමට නෙමෙයි.ඉතින් දවසින් දවස දියුණු වන තාක්ෂණය පරිසරයත් සමග බද්ධ වී ඉදිරියට ගියොත් එය වඩාත් හිතකර සහ සාර්ථක තාක්ෂණයක් වේවි. මේ අරමුණ ඇතිව සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිඝනක විද්‍යා සංගමය විසින් LetmeHack 2020, හරිත වර්ණයෙන් බලගන්වන්නටයි සුදානම් වෙන්නේ.

Letmehack අතීතය

LetmeHack ප්‍රථම වතාවට පැවැත්වුනේ 2018 වසරේදී , ලංකාවේ ප්‍රථම product hackathon එක ලෙසින්.එහි අරමුණ වුනේ open source product එකක් implement කිරීමයි. Alumina platform එකක් තමයි final product එක වුනේ. ලියාපදිංචි වුනු බොහොමයක් කණ්ඩායම් අතරින් අවසන් ලෙස තෝරාගනු ලැබූ කණ්ඩායම් 15ක සහභාගිත්වයෙන් යුතුව සම්ප්‍රධායිකත්වයෙන් මිදී පැවැත්වුණු event එකක් විදියට LetmeHack v1.0 අති සාර්ථකව නිමා වුනා.
University of Colombo School of Computing හි “Team Void” ප්‍රථම ස්ථානයද පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ “Team DeltaX” දෙවන ස්ථානයද මොරටුව විශ්වවිද්‍යාලයේ “Team Scorpions” තෙවන ස්ථානයද හිමි කරගනු ලැබුවා.

මෙවරත් Letmehack V2.0 අති සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. ඉතාමත් නුදුරේදීම ලියාපදිංචි වීමට ඔබට අවස්ථාව ලැබේවි. ලංකාව පුරා විසිරුණු සියලුම දෙනාට සබරගමුව විශ්වවිද්‍යාලයේ පරිඝනක විද්‍යා සංගමය විසින් Letmehack 2020 හි විශේෂත්වය අත්විඳගන්නට ඉතාම සතුටින් ආරාධනා කර සිටිනවා.

Official Website: LetmeHack.lk

Official Facebook Page : https://www.facebook.com/Letmehack.lk/

IMF
IMF වෙතින් කරුණු 16ක ක්‍රියාකාරී සැලැස්මක් !
image-27
ලොව ප්‍රථම රථ වාහන ප්‍රවාහන LNG නෞකාව හම්බන්තොටට!
image-24
බානගල උපතිස්ස නා හිමියෝ තයිලන්තයේ පිඬුසිඟා වඩිති.
image-23
නුවරඑළියටම ප්‍රදීපයක් වූ  රේණුකා හේරත් 
production & services1
පෙබරවාරියේ මෙරට නිෂ්පාදන හා සේවා ඉහළට
small-dog-biting
වැඩිම ජලභීතිකා මරණ ගම්පහින් වාර්තා වෙයි
image-22
IIHSආයතනය ‘අපි පිළිගැනීමෙන් ඉහළයි’ තේමාව දියත් කරමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කරයි
image-21
මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක්IIHSවෙතින්
image-20
සිසුන්ට අධ්‍යාපන ණය පහසුකම් සැපයීමට IIHSසහ DFCC බැංකුව එක් වේ
image-19
වියතුන් තැනූ "මෝඩ බැම්ම"ක් නිසා දුක්විඳින මාතර මිනිස්සු