නවතම පුවත්

IS නායකයාට මාරයා ‌පෙන්වූ අමෙරිකානු හමුදාවේ සුනඛ වීරයා ‘‌කොනෑන්‌’

අසංක

අසංක

ලොවම ත්‍රස්ත භීතියේ අණසකට යටත් කරගෙන සිටි අයිඑස් සංවිධානයේ හිටපු නායක අබුබකර් අල් බැග්ඩෑඩිට මරු කැදවීමට සමත් වූ අමෙරිකානු හමුදාවේ සුනඛ වීරයා වන ‘කොනෑන්’ ලබන සතියේදී ධවල මන්දිරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂාවෙන් පසුවන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ත්‍රස්ත නායකයා ඝාතනය වීමෙන් පසුව ඔහු පසුපස හඹාගොස් කොටුකරගැනීමට සමත් වූ කොනෑන් පිළිබද පළමු වරට හෙළිකළේ ද අමෙරිකානු ජනාධිපතිවරයාය. ඒ කොනෑන් පිළිබද කිසිවක් පැවසීම පෙන්ටගනය ප්‍රතික්ෂේප කරන පසුබිමකදීය. කිසියම් පුවත් සේවයක් විසින් කොනෑන්ට පදක්කමක් පළදවන ට්‍රම්ප්ගේ සේයාරුවක් සංස්කරණය කොට අන්තර්ජාලයට මුදාහැර තිබූ අතර ඊට ස්තූතිය පළකරමින් ට්‍රම්ප් පවසා තිබුණේ කොනෑන් තවමත් මැදපෙරදිග රැදී සිටින බවත් ලබන සතියේ කොනෑන් ධවල මන්දිරයට පැමිණෙනු ඇති බවත් ය. කේසේවෙතත් මෙලෙස කොනෑන් පිළිබද අපේක්ෂා සහගතව සිටින්නේ පසුගිය සියවසටම තමාගේම කියා සුරතලයට සුනඛයකු ඇතිනොකරන පළමු ඇමෙරිකානු ජනාධිපතිවරයා වීම ද විශේෂත්වයකි.

බැග්ඩෑඩි ඉඩ්ලිබ් ප්‍රාන්තයේ උමගක් ඔස්සේ පවුලේ කිහිපදෙනකු සමගින් රහසේ පලායමින් සිටියදී කොටුකරගත්තේ කොනෑන්ය. ඒ එම ස්ථානය ආශ්‍රිතව අමෙරිකානු කමාන්ඩෝ බළකායේ ප්‍රහාර එල්ල වන අතරතුරදීය. කෙසේවෙතත් කොනෑන්ගේ වැටලීම හමුවේ කොටුවුණු බැග්ඩෑඩි තමන් ඇද සිටි මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගෙන තිබුණි. මෙම පිපිරීමෙන් කොනෑන්ට තුවාල සිදුවුවද ජීවිතය බේරාගැනීමට හැකිව තිබුණි. ට්‍රම්ප් කොනෑන් ලෙසින් අමෙරිකානු හමුදා සුනඛ වීරයාගේ නම සදහන් කළද එය සත්‍ය නාමයක් නොව අන්වර්ථ නාමයක් විය හැකි බවට ද විදෙස් වාර්තා පවසයි. බෙල්ජියම් මැලිනොයිස් වර්ගයේ සුනඛයකු වන කොනෑන් ඇතැම් වාර්තාවල ‘ඇය’ ලෙස සදහන් වුවත් තවත් වාර්තාවල දැක්වෙන්නේ ‘ඔහු’ ලෙසය. ට්‍රම්ප් කොනෑන් ලෙස හදුන්වමින් මෙම සුනඛ හමුදා නිලධාරියාගේ ඡායාරූපය පළකළත් පෙන්ටගනය තවමත් එම තොරතුරු හෝ තහවුරු කිරීම ප්‍රතික්ෂේප කරමින් කොනෑන්ගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින්නේ තවමත් මැදපෙරදිග රැදී සිටින නිසා විය හැකි බවට ඇතැමුන්ගේ අදහසයි.

සැත්කම් ගණනාවකට ලක්වූ කොනෑන් ප්‍රතිකාර ලබමින් සිටින සුවවෙමින් සිටින බවට වාර්තා පළවේ.  කොනෑන්ට නිමක් නැති තෑගි ලොව වටා ජනතාවගෙන් ලැබෙමින් තිබුණත් කොනෑන්ගේ ඉදිරි අනාගතයම භාරගැනීමට තරම් කාරුණික පිරිස් ඉදිරිපත් වුණත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කිරීමට කොනෑන්ට හා භාරකාර නිලධාරියාට සිදුවන්නේ නිලධාරියකු ලෙස  කොනෑන්ට ද බලපාන අමෙරිකානු හමුදාවේ නීතිරීතිවලට යටත්විය යුතු නිසාය. ඉතාම සුළු ආරක්ෂිත ඩොලර් 20ට අඩු තෑගි පමණක් කොනෑන්ට අත්පත් කරගත හැකි පරිදි නීතිය ලිහිල් කර ඇති බවට ද ඇතැම්හු පෙන්වා දෙති.

කොනන් ධවල මන්දිරයට ගිය ද ඔහුට ධෛර්යමත් කෙරෙන පදක්කමක් නොලැබෙනු ඇති බව ද ඇතැම් වාර්තාවල දැක්වේ. ඊට හේතුවී ඇත්තේ එක්සත් ජනපදය වරක් හමුදා සුනඛයින්ට එවැනි ගෞරවයන් පිරිනැමූ නමුත් මිනිසුන්ගේ වීරත්වය හීන වී යන කාරණා මධ්‍යයේ මෙම ක්‍රියාව නතර කර තිබෙන නිසාය.

කෙසේවෙතත් අමෙරිකානු මෙහෙයුමකින් තම නායකයා මියගිය බවත් නව නායකයා ලෙස අබු ඊබ්‍රහීම් අල් හෂීමි අල් කුරායිහි නම් කරන බවත් හඩපටයක් මගින් අයිඑස් සංවිධානය නිවේදනය කර තිබුණි. තවත් වාර්තාවල දැක්වුණේ ඒම සංවිධානයේ ප්‍රතිපත්ති සම්පාදකයා මෙන්ම අවසන් කාලයේදී ඒදිනෙදා මෙහෙයුම් සියල්ලක් මෙහෙයවූ කෲර පුද්ගලයකු වන මහාචාර්යවරයා ලෙසින් හැදින්වෙන පුද්ගලයා මෙලෙස නායකත්වයට පත්කර ඇති බවයි. නව නායකයා ‘යුද්ධයේ ඒමීර්වරයා’ ලෙස හදුන්වමින් අයිඒස් සංවිධානය ඇමෙරිකාවට බරපතළ ලෙස තර්ජනයක් ද ඒක්කොට තිබුණි. ඔවුන් පෙන්වීමට උත්සහ දරා ඇත්තේ බැග්ඩෑගි මැරූ පළිය තම සංවිධානය ගන්නා බවත් ඉදිරි කාලය පෙරට වඩා අතිශය බිහිසුණු කාලයක් උදාවන බැවින් ඇමෙරිකාවට උද්දාමයට පත් නොවන ලෙසයි. කෙසේවෙතත් නව නායකයාගේ සැබෑ අනන්‍යතාව හෙළිකර නැති අයිඑස් සංවිධානය හැමවිටම තම සාමාජිකයන්ට අලුත් නම් පටබදින බැවින් නායකයාගේ සැබෑ තොරතුරු තවමත් රහසක්ව පවතී.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?