නවතම පුවත්

‘IS නායකයා මියගියා’- ට්‍රම්ප් තහවුරු කරයි

අසංක

අසංක

ලොව අංක එකේ ත්‍රස්තවාදියා ලෙස සැළකෙන අයිඑස් ත්‍රස්ත නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල වශයෙන් තහවුරු කරයි.

ඒ ධවල මන්දිරයේ මේ වනවිට පැවැත්වෙන විශේෂිත ප්‍රකාශය ඔස්සේයි.

වයඹදිග සිරියාවට අමෙරිකානු හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර අතරතුර ඔහු මියගිය බවට මෙහිදී ප්‍රකාශ කෙරිණ . බැග්ඩෑඩි දරුවන් තිදෙනෙකු සමග උමගකින් පලායද්දී අමෙරිකානු හමුදාවේ සුනඛයන් ඔහු වටකිරීම නිසා ඇඳගෙන සිටි මරාගෙන මැරෙන බෝම්බ සවිකළ ඇඳුම පුපුරුවා ගෙන තිබේ.  ඩීඑන්ඒ මගින් විද්‍යාත්මකව ඔහු බවට තහවුරු කිරීම සදහා ඊයේ රාත්‍රි සිට මේ දක්වා කාලය ගත් බව ද ඔහු කියාසිටියේය.

‘ලොව ලෝකයේ අංක එකේ ත්‍රස්ත නායකයා  යුක්තිය හමුවට පැමිණවීමට ඊයේ රාත්‍රියේ හැකිවුණා. අයිඑස් ත්‍රස්ත නායක අබුබකර් අල් බැග්ඩෑඩි මියගියා. අප වසර ගණනාවක් තිස්සේ ඔහු සෙව්වා. අයිඑස් ත්‍රස්තවාදය පරාජය කිරීමේ දැවැන්ත මෙහෙයුමක නිරත වූවා. රටවල් ගණනාවක සහය අපිට ලැබුණා. රුසියාව, තුර්කිය, සිරියාව ආදි රටවලට මා ස්තූතින්ත විය යුතුයි මේ අතිශය බරපතළ මෙහෙයුම සාර්ථක කරගැනීම සදහා සහය දුන්නාට. මගේ පරිපාලනය තුළ ආරක්ෂාවේ ඉහළම ප්‍රමුඛතාව දී තිබුණේ අල් බැග්ඩෑඩි අල්ලා ගැනීමට හෝ මරාදැමීමටයි. ලොව පුරා ත්‍රස්තවාදය පතුරමින් ඔහු බිහිසුණු ත්‍රස්තවාදය පැතිරුවා.’ යනුවෙන් ද ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් සදහන් කළේය.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?