නවතම පුවත්

IS නායකයා මියගිය බවට සැකයක් – ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයකට සැරසෙයි

අසංක

අසංක

ඉස්ලාමීය රාජ්‍ය හෙවත් ISIS ත්‍රස්ත සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි ඉලක්ක කර සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයට එල්ල කළ අමෙරිකානු හමුදා ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි අමෙරිකාව විශ්වාසය පළකරයි.

අද පස්වරු 1 ට ධවල මන්දිරයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.

එහෙත් ප්‍රහාරය සාර්ථක වූයේද යන්න පිළිබඳ හෝ ත්‍රස්ත නායකයා මියගියේද යන්න පිළිබඳ තවමත් තහවුරු වී නැතැයි නිල නොවන අමෙරිකානු හමුදා ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

අමෙරිකානු ඒකාබද්ධ හමුදා ඉඩ්ලිබ් වෙත ප්‍රහාර එල්ල කිරීමේදී අයිඑස් නායකයා ඇදගෙන සිටි මරාගෙන මැරෙන ඇදුම පුපුරුවා ගත් බවට ඔවුන් සැකපළ කරයි.

ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ DNA ප්‍රතිඵල එනතුරු ට්‍රම්ප් කල් ගන්නා බවයි.

මීට පෙරද IS නායකයා වෙත ප්‍රහාර එල්ල කොට ඔහු මියගිය බවට අවස්ථා ගණනාවක් වාර්තා පළවිය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි