නවතම පුවත්

IS සම්බන්ධ 127ක් ඉන්දියාවේදී අත්අඩංගුවට – සහරාන්ගේ අනුගාමිකයනුත් ඒ අතර

අසංක

අසංක

අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු මේ වනවිට ඉන්දියාවේ අත්අඩංගුවට ගෙන සිටී.

ඔවුන් පසුගිය වසර කිහිපයක පුරා විවිධ අවස්ථාවලදී අත්අඩංගුවට ගෙන ඇත.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පෙන්වා දෙන්නේ අදාළ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන සකීර් නායික්ගේ අනුගාමිකයින් බවයි.

ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා අදාළ සංවිධානයට සහය පල කර ඇති බවට තොරතුරු අනාවරණය වූ බව එරට වාර්තා පවසයි.

ත්‍රස්ත විරෝධී කණ්ඩායම්වල ප්‍රධානීන්ගේ හමුවකදී ඊයේ හෙළිවී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන මඟින් තමන් රැඩිකල්කරණය වූ බව පිළිගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු තමිල්නාඩු ප්‍රාන්තයේය.

පුද්ගලයින් තිස් තුන්දෙනෙකු එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව උත්තර් ප්‍රදේශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු, කේරලයෙන් පුද්ගලයින් 17 දෙනෙකු තෙලඟනා ප්‍රදේශනේ පුද්ගලයින් 17 දෙනෙකු, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කර්නාටකයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බංග්ලාදේශය පදනම් කරගත් අයිඑස් ජාලයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානයක් වන ජමෙයියතුල් මුජහිදීන් බංග්ලාදේශ් හෙවත් JMB සංවිධානය ඉන්දියාවේ කර්නාටක, මහරාෂ්ට හා කේරළ දක්වා ද පැතිර ඇතැයි වාර්තා වී ඇත.

image-35
ජාතික මුරුංගා දිනය, අප්‍රේල් 18 වැනිදා !
3-ind
ලංකාවේ පොදු ප්‍රවාහනය , ආබාධ සහිත පුද්ගලයින්ට අකැපද ?
1551784764_6990563_hirunews_gov
රජයේ සේවකයින්ට සුබ අලුත් අවුරුද්දක් !
image-33
ජපන් තැපෑලෙන් , මෙරට දරු දැරියන්ට ශිෂ්‍යත්ව !
image-32
McDonald's අවන්හල් ජාලය ශ්‍රී ලංකාවෙන් ඉවත්වන්නේ ඇයි ?
Dr
නවෝත්පාදන හරහා ජනතාව නව ලොවටගැළපෙන නව චින්තනයකින් සපිරි පුද්ගලයන්බවට පත් කිරීම IIHS දැක්මයි.
milk-powder-500x500
කිරිපිටි මිල පහළට
image-30
එමානුවෙල්ගේ මුෂ්ටි ප්‍රහාරය !
image-29
ෆින්ලන්තය සතුටෙන් , ශ්‍රී ලංකාව නොසතුටෙන් !
Maithripala-Sirisena
පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ගැන මම දන්නවා - මෛත්‍රී