නවතම පුවත්

LPL මෙරට විකාශනය වසන්තම් රූපවාහිනිය ඔස්සේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්) තරගාවලියේ මෙරට විකාශන අයිතිය රාජ්‍ය ආයතනයක් වන ස්වාධීන රූපවාහිනී ජාලයට හිමිවි ඇත. අයි.ටී.එන් එම මාධ්‍ය ජාලයට සම්බන්ධ ‘වසන්තම්’ රූපවාහිනි සේවය ඔස්සේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සියලු තරග විකාශය කරනු ඇත. මීට අමතරව ලක්හඬ සහ වසන්තම් යන ගුවන් විදුලි නාලිකා ඔස්සේද මෙම තරග සම්බන්ධ සජීවී විස්තර ශ්‍රවණය කිරීමට ක්‍රිඩා ලෝලීන්ට අවස්ථාව හිමිවන නමුත් ගුවන් විදුලි විකාශන අයිතිය ‘සුවිශේෂී නොවන’ පදනමක් යටතේ නිකුත් කර ඇති බව තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා කියා සිටියේය.

ජාත්‍යන්තර ක්‍රීඩා විකාශනයේ දැවැන්තයින් වන ඉන්දියාවේ සෝනී ස්පෝට්ස් සමාගමත්, එක්සත් රාජධානියේ ස්කයි ස්පෝර්ට්ස් සමාගමත්, පාකිස්තානයේ විකාශන අයිතිය ජියෝ සහ පී.ටී.වී ස්පෝට්ස් සමාගම් විසින් ජාත්‍යන්තර විකාශන අයිතිය හිමිකර ගෙන ඇත.

“ධනාත්මක සමාජ පරිවර්තනයක් සිදු කළ හැකි සාධක අතුරින් ක්‍රීඩාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක්. ඒ අතුරින් ක්‍රිකට් ක්‍රීඩාවට හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දේශීය විකාශන අයිතිය හිමිකර ගැනීම හරහා මෙරට ක්‍රිකට්ලෝලීන්ට අමතක නොවන තරග අත්දැකීමක් ලබාදීමට මෙය කදිම අවස්ථාවක” යයි අයි.ටී.එන් නාලිකාවේ සභාපති සුදත් රෝහණ මහතා සදහන් කළේය.

“ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙහි ජාත්‍යන්තර විකාශන අයිතිය හිමි කර ගැනීමට හැකි වීම පිලිබඳව සතුටට පත් වෙනවා. සීමිත ඕවර තරග සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මට්ටමින් දක්වා ඇති කුසලතා හේතුවෙන් මෙම තරගාවලිය උණුසුම් මුහුණුවරක් ගන්නා බව මට විශ්වාසයි. එමෙන්ම දේශීය ක්‍රීඩකයින්ගේ හැකියාවන් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයින් වෙත ගෙන යෑමට ද මෙය කදිම අවස්ථාවක් වෙනවා” යැයි ස්කයි ස්පෝට්ස් හි අධ්‍යක්ෂ බ්‍රයන් හෙන්ඩර්සන් මහතා පැවසීය.

“කොරෝනා වසංගතය හමුවේ දැඩි මානසික ආතතියකින් සිටින දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩා ලෝලින්ට මෙම තරගාවලිය විශාල මානසික සුවයක් ගෙන එන බවට සැකයක් නැහැ. එබැවින් අභියෝග මධ්‍යයේ වූවද මෙම තරගාවලිය පැවැත්වීමට තරග සංවිධායකයින් පියවර ගැනීම පිලිබඳව ඔවුන්ට ස්තූතිය පළ කළ යුතු අතරම මෙම තරගාවලිය සජීවී අයුරින් ජාත්‍යන්තර ක්‍රිකට් ලෝලීන් වෙත ගෙන යෑමට හැකි වීම අපට විශාල සතුටක්” යැයි පී.ටී.වී (පාකිස්තානු රූපවාහිනී සේවය) ස්පෝට්ස් නාලිකා ප්‍රධානී ආචාර්ය නියුමාන් නියාස් මහතා පැවසීය.

“අපගේ ජාත්‍යන්තර විකාශන සමාගම් වන ස්කයි, සෝනි, ජියෝ සහ පී.ටී.වී සමාගම් වලට මාගේ සුභ පැතුම් එක් කරන අතර තරගාවලියේ සාර්ථකත්වය සඳහා මෙම විකාශන සමාගම් වලින් ලැබෙන දායකත්වය අති විශාලයි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජාත්‍යන්තර සන්නාමයක් බවට පත් කිරීමට මෙම විකාශන සමාගම් වෙතින් ලැබෙන දායකත්වයට මෙරට ක්‍රිකට් ලෝලීන් නිසැක වශයෙන්ම ස්තූති කරනවා” යයි මෙම තරගාවලියේ සංවිධායකයින් වන අයි.පී.ජී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් මෝහන් මහතා සදහන් කළේය.

ලංකා ප්‍රිමියර් ලීග් හි විකාශන අයිතිය හිමිකර ගත් ස්කයි ස්පෝට්ස්, සෝනි ස්පෝට්ස්, ජියෝ සහ පී.ටී.වී ස්පෝට්ස් වෙත මගේ සුභාශිංශන පිරිනමනවා. මෙම ජාත්‍යන්තර විකාශන සමාගම් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජාත්‍යන්තර ක්‍රීඩා ලෝලින් වෙතට ගෙන යෑම තුළින් තරගාවලිය පිළිබඳව ඇති දෙස් විදෙස් ආකර්ෂණ වර්ධනය කිරීමට ඉවහල් වනු ඇති බව මට විශ්වාසයි” යනුවෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති සහ තරගාවලි අධ්‍යක්ෂ රවීන් වික්‍රමරත්න මහතා කියා සිටියේය.

 

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි