නවතම පුවත්

MCC ගිවිසුම ගැන මංගල-මහින්දට අභියෝග කරයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC) ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හෝජනතාවට හානියක් වේනම් ඒ පිළිබඳව ජනතාවට කරුණු හෙළි කරන්නැයි විපක්ෂ නායක ඇතුළු පොදු පෙරමුණේ නායකයන්හට අභියෝග කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් ද මෙම මිලේනියම් ගිවිසුමට විරුද්ධ යැයි අද වනවිට සමාජමාධ්‍ය තුළ ප්‍රචාරය වන බවත් කාදිනල්තුමන් මිලේනියම් ගිවිසුමට විරුද්ධයැයි යන පුවත ව්‍යාජ ප්‍රචාරයක් යැයි අගරදගුරු නිවසෙන් නිවේදනය කර තිබේන බවත් අමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත.

ඇමරිකාව සමඟ මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා (MCC) ගිවිසුම අත්සන් කිරීමෙන් රටට හානියක් සිදුවන බවට චෝදනා කරන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එයින් රටට සිදුවන අයහපතක් පිළිබඳව කිසිදු සඳහනක් නොකර හුදු ඇමරිකන් භීෂණයක් මවා පෑමට උත්සාහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවික්‍රම මහතා මෙම නිවේදනයේ සඳහන් කර ඇත.

මෙයට පෙර මැතිවරණ සමයකදීද, ඇමරිකන් භීතියක් මවා සීගිරිය, සිංහරාජය හා ගාලු කොටුව ඇමරිකාවට විකිණීමට සූදානමක් වන බවට එදා විපක්ෂය විසින් බොරු ප්‍රචාරයක් ගෙන ගිය බවත් එම ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බව ජනතාවට වැටහී ඇතැයි විශ්වාස කරන බවද ඔහු පවසයි.

ජනපතිවරණයෙන් පරාජය වීම වැළැක්වීම සඳහා ආගමික සිද්ධස්ථානද උපයෝගී කරගනිමින් සත්‍ය විකෘති කර දේශපාලන වාසි ගැනිමේ පහත් මට්ටමට මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා වැටී ඇති බව මෙමඟින් මනාව පැහැදිලි වන බවද එහිස සඳහන් වේ.

ජනාධිපතිවරණයක් ආසන්නව තිබියදී ජනාධිපතිවරණයේ පරාජය පෙනි පෙනී එය දරාගැනීමට නොහැකිව මෙවන් නිවේදන නිකුත් කිරීම පිළිබඳව බෙහෙවින් කනගාටුවට පත්වන අතර, මෙමඟින්ද විපක්ෂය බලාපොරොත්තුවනුයේ ජනතාව රැවටීමට ලක්කර කෙසේ හෝ තම අපේක්ෂකයාගේ ජය තහවුරු කර ගැනීම බවද ඔහු පවසයි.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි