නවතම පුවත්

QR එකට ඉන්ධන හෙට සිට – වසරක් යනතෙක් තෙල් සීමිතයි

අසංක

අසංක

ජාතික ඉන්ධන අවසර පත්‍රය හෙට (26) දින සිට දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, දිවයින පුරා පිහිටි සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී. ඉන්ධනහල්‌ කිහිපයකදී මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

තාක්ෂණික හෝ උපකරණවල අඩුපාඩුකම්‌ පවතින ඉන්ධනහල්‌ හිමියන්ට එම අඩුපාඩු නිවැරදි කර ගන්නා තෙක්‌ වාහනයේ අංක තහඩුවේ අවසාන ඉලක්කමට අදාළ දිනයන්හි නියමිත කර ඇති ප්‍රමාණයන්ට ඉන්ධන බෙදාහැරීම සිදු කළ හැකිය.

2022 අගෝස්තු මස 01 දින සිට ජාතික ඉන්ධන අවසරපත අනිවාර්යය වේ.

ඉන් අනතුරුව ඉන්ධන ලබාගත හැක්කේ ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදය ඔස්සේ පමණක්‌ ඉන්ධන ලබාදීම සිදුවන බැවින්‌ වාහනයේ ලියාපදිංචි අංකය සහ අනෙකුත්‌ ක්‍රමවේද අනුව ඉන්ධන ලබාදීම අගොස්තු මස 01 දින සිට අවලංගු චේ.

එබැවින් හැකි ඉක්මනින්‌ ජාතික ඉන්ධන අවසරපත්‍රය අදාළ මෘදුකාංගය ඔස්සේ ලබා ගන්නා ලෙස ඉන්ධන පාරිභෝගිකයන්ගෙන්‌ මෙන්ම සියළුම ඉන්ධනහල්‌ වෙතින්‌ ද අමාත්‍යාංශය ඉල්ලා සිටිනු ලැබේ.

මෙම ක්‍රියාවලිය සඳහා ජාතික යොවුන්‌ සේනාංකය සහ ජාතික තරුණ සේවා සභාවේ සාමාජිකයන්‌ ඉදිරි දින 10 තුළ ස්වේච්ඡාවෙන්‌ පහසුකම්‌ සැලසීම සිදු කරනු ඇත.

වාහන කිහිපයක්‌ හිමි ආයතන සඳහා තම ව්‍යාපාරික බලපත්‍රය මගින්‌ නම සියළු වාහන ලියාපදිංචි කිරීමටත්‌, රජයේ වාහන ලියාපදිංචි කිරීම සඳහා එම රජයේ ආයතනවල අංශ ප්‍රධානීන්‌ විසින්‌ නම්‌ කළ නිලධාරියෙකුට මෘදුකාංගය වෙත පිවිස දත්ත ඇතුළත්‌ කිරීමටත්‌ අවසර ලබාදෙනු ලැබේ.

විදුලිජනක යන්ත්‍ර, වගා උපකරණ සහ අනෙකුත්‌ යන්ත්‍ර වෙනුවෙන්‌ වන ඉන්ධන අවශ්‍යතාවය සඳහා ලියාපදිංචි කිරීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවස්ථාව ලබාදෙනු ලැබේ. පොලිස්‌ දෙපාර්තමේන්තුවට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට තම බල ප්‍රදේශයේ ඇති ත්‍රීරෝද රථ වෙන්‌ කර එම එක්‌ එක්‌ ත්‍රීරෝද රථ එම ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලට වෙන්‌ කර ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.

මගී ප්‍රවාහන බස්‌ රථ සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ සහ තෝරා ගත්‌ ඉන්ධනහල්‌ මඟින්‌ සිදු කිරීමට අවශ්‍ය වෙන්‌ කිරීම සිදු කිරීමට ප්‍රවාහන අමාත්‍යංශයට බලය ලබා දෙනු ලැබේ.

එමෙන්ම සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, සංචාරක, කර්මාන්ත සහ අනෙකුත්‌ ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා චන ලියාපදිංචි කිරීම්‌ එක්‌ එක්‌ අමාත්‍යාංශ මගින්‌ සිදුකිරීමට අවසර ලබා දෙන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.

මේ අතර ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද පැවසීය. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදයට හේතුවෙන් එම තත්ත්වය එලෙස පවතිනු ඇති බව හෙතෙම කියාසිටී.

පවතින තත්වය මත දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි බැවින් QR කේතය සහිත ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමය හඳුන්වා දුන් බව ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) කිසිදු කලෙක සෑම ඉන්ධන හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නොමැති බවයි. තොග අසීමිතව පැවතියත් එය ප්‍රායෝගිකව කළ නොහැක්කක් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි