නවතම පුවත්

SDIG රොෂාන් ප්‍රනාන්දු සබරගමුව හා ඌව පළාත් භාරව පත්කෙරේ

අසංක

අසංක

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා ජාතික පොලිස් කොමිෂන් සභාව මගින් සබරගමුව හා ඌව පළාත් භාරව වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කොට ඇත.

වසර 38 ට වැඩි සේවා කාලයක් සම්පුර්ණ කර ඇති රොෂාන් ප්‍රනාන්දු මහතා ක්‍රියාන්විත රාජකාරි ඇතුළු විශිෂ්ඨ සේවාවන් රැසක් තම සේවා කාලය තුල ඉටුකල පරිනත නිලධාරියෙකු වේ.

ඒ මහතා 1982 වසරේ ආධුනික උප පොලිස් පරික්‍ෂකවරයෙකු ලෙස සේවයට බැදි 1986 වසරේ පොලිස් පරික්‍ෂක තුනතුරටද, 1992 වසරේ ප්‍රධාන පොලිස් පරික්‍ෂක තනතුරටද, 1994 වසරේ සහකාර පොලිස් අධිකාරි තනතුරටද, 2000 වසරේ දි පොලිස් අධිකාරි තනතුරටද, 2005 වසරේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරටද, 2012 වසරේ නියෝජ්‍ය පොලිස්පති තනතුරටද, 2017 වසරේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරටද උසස්විම් ලබා ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරම්භක සාමාජිකයෙකු ලෙස පුහුණුව ලබා සේවය කිරිමෙන් අනතුරුව තලාතුඔය හා කටුගස්තොට පොලිස් ස්ථාන භාර ස්ථානාධිපති ලෙසද, හලාවත, පුත්තලම, කැඹිතිගොල්ලෑව, හොරණ හා මාතර දිස්ත්‍රික් භාරව මෙන්ම පොලිස් නාවික කොට්ඨාසයේ හා තඹුත්තේගම පහලගම පොලිස් විද්‍යාලයේ අධ්‍යක්‍ෂ ලෙසද සේවය කර ඇත.

හලාවත, පුත්තලම, යාපනය, ගම්පොල හා නුගේගොඩ කොට්ඨාසභාර නිලධාරි ලෙසද, මොණරාගල, බදුල්ල, කුරුණෑගල හා ප්‍රභු ආරක්‍ෂක දිසාව භාරවද රාජකාරි කර ඇත. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ උතුර, දකුණ සබරගමුව, හා මධ්‍යම පළාත් භාරව මෙන්ම ශ්‍රි ලංකාව තුල කොවිඩ් 19 ව්‍යාප්තිය වැලැක්විමේ විශේෂ තනතුරක පොලිස් මුලස්ථානයට අනුයුක්තව අවසානයට සේවය කරන ලදී.

සේවා කාලය තුල සිදු කරන ලද විශිෂ්ඨ සේවාව අගයමින් සිංගප්පුරු විශිෂ්ඨතා සම්මානයෙන් ද පිදුම් ලබා ඇති අතර, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද විශිෂ්ඨ මෙහෙය වෙනුවෙන් උතුරු මානුෂිය මෙහෙයුම් පදක්කම් ලාභියෙක්ද වේ.

පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේ දි පැවති ඇමරිකාවේ ෆෝලෝරිඩාහි බ්‍රිතාන්‍ය ඇමරිකානු විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේ දි නීතිය හා අපරාධ විද්‍යාව පිළිබද ගෞවරව උපාධියකින්ද පිදුමි ලබා ඇත.

සේවා කාලය තුල ඊශ්‍රායලය, ජපානය, සිංගප්පුරුව, නේපාලය, ඉරාණය හා චිනය යන විදේශිය රටවල පුහුණු සැසි හා වැඩමුළු සදහා ශ්‍රි ලංකා පොලිසිය නියෝජනය කර ඇත.

මිගමුව ශාන්ත මරියා විදුහලෙන් මුලික අධ්‍යාපනය ලබා වැඩිදුර අධ්‍යාපනය සදහා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත්ව පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක මෙන්ම මලළ ක්‍රිඩා නායක ලෙසද 1979 වසරේ දි සියදුම පාසල් අතර පැවැති සියලුම මලළ ක්‍රිඩා තරගාවලියන්හි ජය රාජකාරි විදුහල වෙත ලබා ගැනිමට මුලිකත්වය ගෙන කටයුතු කර ඇත. මලළ ක්‍රිඩාවේ විශිෂ්ඨතා දක්වමින් දුර පැනීමේ ඉසව්වෙන් පාසල් අවදියේ දි පිහිටු වන ලද වාර්තාව මෙතෙක් නොබිදව පැවතිම ඇගයිමට ලක්කල යුතු කරුණකි.

2020.09.22 වන දින සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී වැඩ භාර ගැනිමට නියමිතව ඇත.

wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?