නවතම පුවත්

TNA නායකත්වයත් අර්බුදයක

අසංක

අසංක


දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය පිළිබඳව මේ වනවිට යම් අර්බුදකාරී හා ගැටුම්කාරී තත්වයක් මතුවෙමින් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග නාවරණය කර සිටී .

එම සන්ධානයේ නායක ආර්. සම්පන්දන් මහතාත්, එහි ප්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චිහි නායක මාවෙයි සේනාධිරාජා මහතාත් සෞඛ්‍ය හේතු මත ඉදිරි මහ මැතිවරණය තරග නොකරන බව ප්‍රකාශ කිරීමත් සමග මෙම තත්වය මතුව ඇත.

මේ අනුව ද්‍රවිඩ සන්ධානයට නව නායකයකු පත්කළ යුතු බවට වන යෝජනාවක් පක්ෂය තුලින්ම මතුවී ඇත. මේ සඳහා එහි තරුණ මන්ත්‍රීවරුන් රැසකගේ සහය ලැබී ඇති බවද වාර්තාවේ.

එසේම ද්‍රවිඩ ඩයස්පෝරා සංවිධාන කිහිපයක්ද ද්‍රවිඩ සන්ධානයේ නායකත්ව වෙනසක් පිළිබඳව යෝජනා ඉදිරිපත් කර ඇත.

ඔවුන්සම්පන්දන් මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවියක්ද යෝජනා කර තිබේ.

කෙසේ වෙතත් සම්පන්දන් මහතා නියෝජනය කරන ත්‍රි,මලය දිසාවෙන් තරග කරන්නට නව අපේක්ෂකයකුත්, යාපන දිසාවෙන් තරගයට නව අපේක්ෂකයකුත් තෝරාගැනීමට මේ වනවිට පක්ෂය තුල සාකච්ජා ආරම්භවී ඇත.

train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්
punya kalaya 1
පුණ්‍ය කාලය ඇරඹෙයි
new year
2024 අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර
Ali
කච්චතිව් දූපත ඉන්දියාවට දෙන්න වේවිද?
ranil
ඩොලරය තවත් පහළට වැටේවිද ?
beach-colombo-sri-lanka
අපේ වෙරළ ජාත්‍යන්තර තලයට ඔසවන්නේ කොහොමද ?
Sri-Lanka
කාන්තාවන්ට තනියම ඇවිදින්න නම් ලොව හොඳම රට ශ්‍රී ලංකාවයි