සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබද විවිධ උපක්‍රම අත්හදා බලමින් පවතින බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කර සිටී.
එන්නත්කරණයට ප්‍රමුඛතාව ලබාදී පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද අධ්‍යාපන ලේකම්වරයා මාධ්‍ය වෙත පැවසීය
රූපවාහිනි නාලිකා විස්සක් හරහා දරුවන්ට නිවසේ සිට සිය අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් ඇති බවද මෙහිදී ඒ මහතා පැවසීය