අවිස්සාවේල්ල තල්දූව හන්දියෙන් වමට ඇති ගුරුගල්ල අමිතිරිගල හරහා කැලණි මිටියාවත ඔස්සේ ඇදී යන මාර්ගයේ අමිතිරිගලට පැමිණිවිට ගුරුගල්ල කැලණි ගග යාබදව පිහිටා තිබෙන මැදගොඩ පත්තනි දේවාලයේ වසර 400 ආසන්න ඉතිහාසයක් සහිත ඓතිහාසික ඉඹුල් ගස කඩා වැටීමට ආසන්න බව අපිට වාර්තා උනා. ඒ අනුව අප මැදගොඩ පත්තිනි දේවාලය වෙත ගොස් මේ සම්බන්ධයෙන් සොයා බලන්න තීරණය කල අතර පසුගියදා අපි මැදගොඩ පත්තිනි දේවාලය ගමන් කලා. ඒ අනුව අපට දැකගන්නට ලැබුණේ වට අඩි 30 කට ආසන්න ශ්‍රී ලංකාවේ මේ දුර්ලභ මේ විශාල ඉඹුල් ගස මේ වන විට කඩා වැටීමට ආසන්නව ඇති බවයි. මේ තත්වයට වහාම නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් සියවස් ගණනාවක් මුලුල්ලේ අපට උරුමව තිබූ විශාල වෘක්ෂය අපට අහිමිව යා හැකිය.
මේ සම්බන්ධයෙන් අප කල විමර්ශණයේදී මැදගොඩ පත්තනි දේවාලයේ භාරකාරධූරය අජිත් බණ්ඩාර මහතා පැවසුවේ මෙම ඓතිහාසික වෘක්ෂය රැකගැනීම වගකියුතු බලධාරීන් සහ සියළුම දෙනාගේ සහය අපේක්ෂා කරන බවයි. ඒ පිලිබදව ආයාචනා කරන බවයි.
පසුගිය කාලය පුරාම වෘක්ෂලතා හා වන සම්පත් රැකගැනීමේ අවශ්‍යතාවය මතු කලද මේ ඓතිහාසික වසර 400 කට වඩා පැරණි වෘක්ෂය රැකගැනීම පිලිබදව පරිසරවේදීන් කණ්ඩායම් වගකියුතු සංවිධාන ද මේ ගැන අවධානය යොමු නොවීම කණගාටුදායක කරුණුකි. මෙවැනි අවස්ථාවක අපේ වගකීම වනුයේ අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ මැදගොඩ පත්තිනි දේවාල භූමියේ ඇති මේ ඉඹුල් ගස රැකගැනීම සදහා දායකත්වය සැපයීමයි.
මෙය රැකගැනීම සදහා පරිසරවේදීන් රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන සහ ඊට කැමැත්තක් දක්වන පිරිස් මේ සදහා සහභාගීවීම ඉතා වැදගත්වේ.