නවතම පුවත්

ගාන්ධි – මෝදී සටන උණුසුම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ මහ මැතිවරණය ලබන 2024 වසරේ මැයි මාසයේ පැවැත්වීමට නියමිත අතර එහි දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ජනවරම ඉල්ලා සිටින්නේ තුන් වැනි වතාවටයි.

රාහුල් ගාන්ධි ප්‍රමුඛ ඉන්දීය කොංග්‍රස් පක්ෂය එහි දී INDIA විපක්ෂ සන්ධානය සමඟ අගමැති මෝදිට අභියෝග කිරීමට නියමිත ව ඇත.

මැතිවරණය ආසන්න වෙද්දී ඉන්දීය විපක්ෂයේ මන්ත්‍රීවරුන් 100කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුව දින සති ගණන්වලට තහනම් කිරීම දැන් එරට දේශපාලන ක්ෂේත්‍රයේ ඉමහත් ආන්දෝලනයකට ලක් වී තිබේ.

ඉන්දීය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව මඟින් මොවුන්ට පාර්ලිමේන්තුව තහනම් කර ඇත්තේ, පාර්ලිමේන්තුවේ ආරක්ෂාව අවදානමට ලක්වීම ගැන විරෝධය පළ කිරීම හේතුවෙනි.

අවසර නොලත් පුද්ගලයන් දෙදෙනෙකු හදිසියේ ඉන්දීය පාර්ලිමේන්තුවට කඩා වැදී කලබලයක් සිදු කළේ පසුගිය 13 වැනිදාය.

එය ඉතිහාසයට එක් වූයේ එරට පාර්ලිමේන්තු ඉතිහාසයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු වූ බරපතළම සිද්ධියක් ලෙසයි.

මෙම සිදුවීම එරට විපක්ෂයේ දැඩි විරෝධයට ලක් විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා සිටිමින් ඔවුහු පාර්ලිමේන්තුවේ විවිධ විරෝධතා සිදු කළහ.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ලෙස ඔවුහු අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂාට බලකර සිටියහ.

මෙම සිදුවීම මුල්කරගෙන පහළ මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රිවරුන් පිරිසකට පාර්ලිමේන්තුව තහනම් කර තිබේ.

ඒ අනුව පසුගිය සඳුදා දිනයේ දී මන්ත්‍රිවරුන් 78 දෙනෙකුට පාර්ලිමේන්තුව තහනම් වූ අතර, එය ඉතිහාසයට එක්වන්නේ එක් අවස්ථාවක දී තහනමට මුහුණ දුන් වැඩිම මන්ත්‍රීවරුන් ගණන ලෙසයි.

ඊට විපක්ෂයේ ප්‍රබල විරෝධයක් එල්ල විය.

කෙසේ නමුත් ඒ කිසිත් නොතකමින් තවත් මන්ත්‍රිවරුන් 49 දෙනෙකුට පාර්ලිමේන්තුව තහනම් කිරීමට කටයුතු කෙරිණි.

ඒ අනුව දෙදිනක් තුළ තහනමට ලක්වූ මන්ත්‍රිවරුන් ගණන 127කි.

ඔවුන්ගේ අතිශය බහුතරය ඉන්දීය කොංග්‍රසය, ට්‍රිනමෝලි පක්ෂය වැනි පක්ෂ කිහිපයකින් සමන්විත ඉන්දියා සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විම විශේෂත්වයකි.

එය සැලකෙන්නේ, භාරතීය ජනතා පක්ෂයේ අධිකාරියට එරෙහි ව සටන් කරන ප්‍රධාන පක්ෂ සන්ධානය ලෙසයි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් බහුතරයකට දැනට ක්‍රියාත්මක පාර්ලිමේන්තු සැසි වාරය අවසන් වන තෙක් එනම් සිකුරාදා තෙක් පාර්ලිමේන්තු තහනම ක්‍රියාත්මක වේ.

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ තීරණය අනුව ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු තහනම් තවත් දීර්ඝ වනු ඇතැයි ද වාර්තා පළ වේ.

මෙවර සභාවාරය තුළ විපක්ෂ මන්ත්‍රිවරු රැසක් මීට පෙරත් තහනමට ලක් විය.

ඒ අනුව දැනට මෙවර සභාවාරයේ දී තහනමට ලක්වූ මන්ත්‍රීවරු ගණන 141කි.

විපක්ෂය චෝදනා කරන්නේ, මෙමගින් අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය කඩකරන බවටයි.

කෙසේ නමුත් භාරතීය ජනතා පක්ෂය චෝදනා කරන්නේ, මේ සිදුවීම මාලාවේ දී විපක්ෂ නායකවරයා සිතමතාම පාර්ලිමේන්තු ක්‍රියාදාමයට බාධාකර ඇතැයි නිරීක්ෂණය වූ බවයි.

එමෙන්ම මෙම සිද්ධීන් මුල්කරගෙන රජය සහ විපක්ෂය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය තවත් තීව්‍ර වනු ඇතැයි ද විචාරකයන් පුරෝකතනය කරයි.

මේ අතර අගමැති මෝදි, තවද අදාළ සිදුවීම් මාලාව ගැන විමර්ශනයක් පැවැත්වීමට එකඟ වී තිබේ.

කෙසේ නමුත් ඒ පිළිබඳ විපක්ෂය ඉල්ලා සිටින විවාදය ලබාදීමට ඔහු එකඟ වී නොමැති බව වාර්තා වේ.

කෙසේ වෙතත් පවතින අපරාධ නීතිය ප්‍රතිස්ථාපනය කරන නව කෙටුම්පතක් පාර්ලිමේන්තුවට හඳුන්වාදීමට නියමිතව පවතින පසුබිමක මෙම සිදුවීම වාර්තා වීම විශේෂත්වයකි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි