නවතම පුවත්

වතුකරයේ හර්තාල් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වතුකරය පුරා වතු කම්කරුවන් කළු කොඩි ප්‍රදර්ශනය කර කළු පටි පැළද වැඩ වර්ජනයක නියැලෙමින් ප්‍රධාන නගර වලට පිවිසි උද්ඝෝෂණවල නියැලිණ.

රටේ පවතින ජිවන වියදම අනුව වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රු 1700 දක්වා වැඩි කිරිමට කටයුතු කරන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වතු සමාගම්වලට ලබාදුන් උපදෙස් මෙතෙක් ක්‍රියාත්මක් නොකිරිමට විරෝධය පාමින් වතු කම්කරුවන් (21) දින වැඩ වර්ජනය කරමින් උද්ඝෝෂණයේ නිරත විය.

ලංකා කම්කරු කොන්ග්‍රසය විසින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය වතුකරය පුරා දියත් කර ඇති අතර , එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට දමිල ප්‍රගතිශිලි සන්ධානය ඇතුළු වතුකරය නියෝජනය කරන සියළුම වෘත්තිය සමිති පුර්ණ සහයෝගය ලබා දි ඇත.

වතු කම්කරුවන්ගේ වෘත්තිය සමිති ක්‍රියමාර්ගයට සහය දක්වා හැටන් , කොටගල, බගවන්තලාව , දික්ඔය , මස්කෙලිය යන නගර වලද කළු කොඩි ඔසවා වෙලදසැල් වසා දැමිමට එම නගර වල වෙලද සංගම් කටයුතු කර තිබුණි.

කළු පටි පැළද උද්ඝෝෂණයේ නිරතව සිටින වතු කම්කරුවන් කියා සිටින්නේ වතු සමාගම් විශාල ලාභයක් උපයාගෙන වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිමට මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

තේ වතු සමාගම් පාඩු ලබන බව පවසා ඔවුන් විශාල ලාභයක් උපයාගෙන තමන්ට දිනකට රු දහසක සොච්චම් වැටුපක් ලබාදෙන බවත්, දැනට රටේ පවතින ජිවන වියදම අනුව එම වැටුප තමන්ට ජිවත් විමට ප්‍රමාණවත් නොවන බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

දැනට වතු කම්කරුවෙකුට ගෙවන දෛනික වැටුප වන රු 1000 ට තවත් රු 400 ක් මුලිකට වැටුපට එකතු කිරිමටත් තවත් රු 300 ක මුදලක් කොන්දේසි සහිතව වතු කම්කරුවන්ට ගෙවිමට වතු සමාගම් විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇතත් , එම යෝජනාව පිලිගත නොහැකි බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටින්නේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්