නවතම පුවත්

මාවනැල්ලේ බුදුපිළිම විනාශ කළ අන්තවාදී කල්ලිය රකින්නේ ආණ්ඩුකාරවරයෙක්!

අසංක

අසංක

මාවනැල්ලේ ගම්මාන කිහිපයක බුදු පිළිම විනාශ කිරීමත් සමග අනාවරණය වූ අන්තවාදී ආගමික කල්ලියේ මහමොළකරුවන් වන අයියා මලෝ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉඩනොදෙමින් පොලීසියට බලපෑම් කර ඇත්තේ ආණ්ඩුකාරවරයෙකි.

එම ආණ්ඩුකාරවරයා බලපෑම් කර ඇත්තේ මාවනැල්ලේ සහකාර පොලිස් අධිකාරිවරයාට ය.

පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් මාවනැල්ල සහකාර පොලිස් අධිකාරිවරයාට දුරකතන ඇමතුමක් දෙමින් අදාළ ආණ්ඩුකාරවරයාට දුරකතන ඇමතුමක් ගන්නා ලෙස දැනුම් දීමටකට අනුව ආණ්ඩුකාරවරයාට ඇමතුමක් ගත් විට එම බලපෑම කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේ ය.

මොහොමඩ් තාහීර් සහ මොහොමඩ් සිද්දික් යන එම අයියා මලෝ දෙදෙනා කොළඹ සැගවී සිටින බවට ඔවුන්ට රැකවරණය ලැබෙන්නේ අදාළ ආණ්ඩුකාරවරයාගෙන් බවටත් තොරතුරු බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.

අබ්දුල් ජමාල් ශ්‍රී ලංකා නමැති සංවිධානයේ කැඩී ගොස් වෙනම අන්තවාදී කණ්ඩායමක් සකස් කරගෙන මොවුන්ට පිටරටකින් මුදල් ලැබෙන බවට ද පරීක්ෂණවලින් තොරතුරු හෙළිවී ඇත.

මෙම අන්තවාදී කල්ලියේ දේශන ඇතුළත් සීඩීපට 360ක් ද පොලීසියට හමුවී තිබේ.

මොවුන් වනාතවිල්ලුවේ ගොවිපළකදී අනාගත ඉලක්කයක් වෙනුවෙන් වෙඩි පුහුණුව සහ බෝම්බ පිපිරවීම සම්බන්ධයෙන් පුහුණුව ලබාතිබෙන බව ද හෙළිකරගෙන ඇත.

එම ගොවිපළ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබෙන බවත් එහි තරුණයින් 13 දෙනකුගේ කණ්ඩායමක් දැනටමත් පුහුණුව ලබාතිබෙන බවටත් හෙළිවී තිබේ.

එම ගොවිපළේ තිබී පුපුරණ ද්‍රව්‍ය කිලෝ 100ක ප්‍රමාණයක් සහ වායු රයිෆල් 4ක් ඇතුළු යුද පුහුණුවට යොදාගන්නා උපකරණ රැසක් පොලීසිය පසුගියදා සොයාගන්නා ලදී.

මාවනැල්ලේ දේශපාලනඥයකුගේ නිවසකින් බේරුවල ව්‍යාපාරිකයකුගේ නිවසකින් මෑතකදී සොයාගත් අවිආයුධ සහ මෙම අන්තවාදී කල්ලි අතර සම්බන්ධයක් තිබේදැයි සැකයක් ඇතිව තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා