නවතම පුවත්

කොළඹ කුණු කඳු යළි ගොඩගැහෙයි

අසංක

අසංක

කොළඹ මහ නගර සීමාව තුළ කසළ බැහැර කිරීමේ කටයුතු මේ වනවිට යළිත් අඩාල වී ඇති බවට තොරතුරු වාර්තාවේ

කොළඹ මහ නගර සීමාවේ රැස්වන කසළ කෙරවලපිටිය අංගනයට බැහැර කිරීම අත්හිටුවීමට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය තීරණය කිරීමත් සමග මෙම තත්වය මතුව ඇත.

කෙරවලපිටිය අංගනයේ ධාරිතාව ඉක්මවා තිබීම හේතුවෙන්අමාත්‍යංශය මේ තීරණය ගනු ලැබීය .

එසේම ඊට විසඳුමක් ලෙස පුත්තලම, අරුවක්කාරු ප්‍රදේශයේ නව අංගනයට කසළ බැහැර කිරීම ආරම්භ කරන බවද අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

නමුත් තවමත් පුත්තලමට කසළ රැගෙන යාම විධිමත් ලෙස ආරම්භ නොවීම නිසා කොළඹ මහ නගර සීමාවේ කසළ බැහැර කිරීම මේ වන විට මෙලෙස අඩාල වී තිබේ.

කොළඹ නගරයේ ස්ථාන ගණනාවක අද පෙරවරුවේ පවා කසළ ගොඩ ගසා ඇති අයුරු දක්නට ලැබිණි.

කොළඹ මහ නගර සභාව පවසන පරිදි දිනකට ‍කොළඹ මහ නගර සීමාවේ රැස් වන කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 550කි.

දින 3ක් පුරා රැස් වූ කසළ මෙට්‍රික් ටොන් 1650ක් පමණ මේ වන විට නගරයේ තැන තැන එක් රැස් කර තිබේ.

මහ නගර සභාවේ සේවකයින් පවසන්නේ, කසළ බැහැර කිරීමට නිශ්චිත ස්ථානයක් නොමැති වීම නිසා ඒවා රැස් කිරීම අඩාල වී ඇති බව ය.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා සඳහන් කලේ අද සවස වනවිට මෙම කසළ තොග අරුවක්කාලු වෙත ගෙන යාමට ආයතනය පොරොන්දු වුනු බවයි ”

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා