නවතම පුවත්

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගන්න වරෙන්තු

අසංක

අසංක

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බස්නාහිර පළාත්බද පළමු ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද වරෙන්තු නිකුත් කර තිබේ.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් නීතිපතිවරයා පවරා ඇති නඩුවේ පළමු විත්තිකරුට මෙලෙස වරෙන්තු නිකුත් කළේ නීතිපතිවරයා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙනි.

සම්පත් අබේකොන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල එම නියෝගය කළේ ය.

මෙම නඩුවේ විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා වෙත යැවීම සඳහා අවශ්‍ය සිතාසි වාර්තා සකස් කොට ලබන දෙසැම්බර් 4 වන දා අධිකරණයට භාර දෙන ලෙස එහිදී වැඩිදුරටත් නියෝග කර ඇත.

පළමු විත්තිකාර අර්ජුන මහේන්ද්‍රන්ගේ වරෙන්තු වාර්තා ද එදිනම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කෙරිණ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා