නවතම පුවත්

ඉතියෝපියාව දිනක් ඇතුලත පැළ මිලියන 353ක් සිටුවා වාර්තා තබයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

වනාන්තර විනාශයට නැවතීමේ තිත තබමින්. පරිසරය රැකගැනීම වෙනුවෙන් දිනක් තුළ පැළ මිලියන 350ක් සිටුවමින් ලෝක වාර්තාවක් තැබීමට ඉතියෝපියාව සමත් වී තිබේ.

නිරන්තරයෙන් නියඟයට මුහුණදෙන රටක් ලෙස ඉතියෝපියාව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත්තේ, එරට අගමැති අබි අහමඩ්ගේ නායකත්වයෙනි.

වනාන්තර විනාශයේ සහ දේශගුණ විපර්යාසවල බලපෑම මැඬපැවැත්වීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇති අතර, රජයේ සේවකයන්ට පැළ සිටුවීමේ ව්‍යාපෘතියට සහභාගී වීම සඳහා ඉඩ සලසමින් ඇතැම් මහජන කාර්යාල වසා දැමීමටත් බලධාරීන් කටයුතු කර තිබුණි.

20 වැනි ශතවර්ෂයේ මුල භාගයේදී ඉතියෝපියාවේ වන ගහණය සම්පූර්ණ භූමියෙන් 35%ක් වුවත්, වර්ෂ 2000 පසු කරන විට එය 4%ක් දක්වා අඩුවී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ඒ අනුව, ‘හරිත උරුමයකට මුලපිරීම’ යන මැයෙන් ආරම්භ කළ අගමැති අබි අහමඩ්ගේ රුක් රෝපණ ව්‍යාපෘතිය රටපුරා ස්ථාන දහසකදී ක්‍රියාවට නංවා තිබුණේ, රට පුරා දේශීය පැළ කෝටි 400 ක් සිටුවීම ව්‍යාපෘතියේ අරමුණු කර ගනිමිනි.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි