නවතම පුවත්

‘ජනපතිට නව කෘෂිකර්මය ගැන දැනුමක් නෑ’-නවීන්

අසංක

අසංක

මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරීමට නම් එය නවීන විද්‍යාව සමග මුසුවිය යුතු බවත් , වත්මන් ජාන්ධිපතිවරයාට එම නවීන කෘෂිකර්මාන්තය පිළිබඳව අවබෝධයක් නොමැතිවීම කනගාටුවට කරුණක් වන බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අවධාරණය කර සිටී .

ඒ මහතා මේ බව සඳහන් කලේ මෙරට ‘කොළඹ තේ වෙළඳුන්ගේ’ (Colombo tea traders association ) සංගමයේ 125 වෙනි සංවත්සර උළෙල හා මහසභා රැස්වීමට එක්වෙමිනි .

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ , තේ පර්යේෂණ ක්ෂේත්‍රයට පවා රජය වෙන් කරන මුදල් ප්‍රමාණවත් නොවන බවයි. කෘෂිකර්මාන්තය නැංවීමට නම් නවීන විද්‍යාත්මක ක්‍රම අනුව වගා කටයුතු සිදුකිරීම වැදගත් බවත් ,අමාත්‍යවරයා පැවසීය . කාලගුණික විපර්යාස , ඵලදාවේ පහල වැටීම් ආදී අභියෝගයන්ටද නවීන විද්‍යාත්මක පර්යේෂණ හරහා පිළිතුරු සොයා ගත හැකි බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය .

සුළු හා මධ්‍යපරිමාන ව්‍යවසායකයින්ටද සහන ලබාදෙමින් මෙරට තී කර්මාන්තය නැංවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය .

මෙහිදී තී වෙළඳුන්ගේ සංගමයේ සංවත්සරය නිමිත්තෙන් සම්පාදනය කරන ලද ග්‍රන්ථයක්ද එළිදක්වනු ලැබීය .

සංගමයේ නව සභාපතිවරයා ලෙස ජයන්ත කරුණාරත්න මහතා මෙම මහසභා රැස්වීමේදී තේරී පත්විණ .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා