නවතම පුවත්

හෙට සමුළුවේදී ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා – මහින්ද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‍හෙට එනම් (11) වැනි දා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පොදු ජන පෙරමුණේ මහ සමුළුවේදී පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයා නම් කරන බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ ඊයේ (09) විපක්ෂ නායක කාර්්‍යාලයේදී මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රීලනිප පළාත් පාලන නියෝජිතයන් මුණගැසුනු අවස්ථාවේදීය.මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ‍තමන්ගේ ජනාධිපතිවරණ සටනේදී මහනුවර පළාත් පාලන නියෝජිතයන් විශාල සහයක් දැක්වූ බවත් එය තමන්ට හොදින් මතක බවත්ය.

එලෙසම හෙට දිනයේ නිශ්චිතවම පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවද ඒ මහතා ප්‍රකාශ කලා. මෙම සමුළුවේ විශේෂත්වය වන්නේ හෙට දිනයේ සමුළුවට සහාභාගි වන්නේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාළන නියෝජිතයන් පමණක් වීමයි. මීට පෙර ප්‍රකාශ කර තිබුණෙ හෙට දිනයේ ජනාධිපති අපේක්ෂකයා නම් නොකරන බවත් එහිදී සිදුවන්නේ මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් පොදු ජන පෙරමුණෙ නායකත්වය ලබාදීම පමණක් බවයි.

නමුත් ඊයේ දිනයේදී මහින්ද රාජපක්ෂ මහතා ස්ථීරවම හෙට දිනයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන බව ප්‍රකාශ කල පළමු අවස්ථාවද මෙය වේ.

the colombo express අප වෙබ් අඩවියට වාර්තා වන ආකාරයට හෙට දිනයේදි ජනාධිපති අපෙක්ෂකයා ලෙස නම් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි