මොරටුව කුරුස හන්දිය හරහා පරණ ගාලු පාර වෙතට යන මාර්ගයේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පිළිගැනීම සඳහා නිර්මාණය කර ඇති තොරණ සම්බන්ධයෙන් ශ්රී ලංකා යතුරුපැදිකරුවන්ගේ සම්මේලනයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා විසින් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ එම තොරණ නිසා මං තීරු දෙකම විශාල ලෙස අවහිර වන ආකාරයෙන් ඉදි කර ඇතැයි චෝදනා කරමිනි.
ඒම පැමිණිල්ල පහත දැක්වේ.