ස්වීඩනයේ, ස්විස්ටර්ලන්තයේ හොරෙන් ඉන්න ලාංකිකයන්ට වැඩ වරදී

Picture of අසංක

අසංක

නීති විරෝධී අකාරයෙන් ස්වීඩනයේ හා ස්විස්ටර්ලන්තයේ රැදී සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට එම රජයන් තීරණය කර ඇත.

මේ වනවිටත් නිසි ලෙස සරණාගත භාවය නොලැබුණු ශ්‍රී ලාංකිකයින් රැසක් නීති විරෝධී ලෙස එම රටවල වාසය කරන අතර එය මේ වනවිට එම රටවලට විශාල සමාජ ගැටලුවක්ව ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

ඒ අනුව මෙම සරණාගතයින්ට යලි සරණාගත හාවය ඉල්ලුම් කිරීමට අවසන් අවස්තාවක් ලැබෙන අතර , එය සාර්ථක නොවුනහොත් ඔවුන් රටින් පිටුවහල් කිරීමට වුව සිදුවෙනු ඇති බව ස්වීඩන් රජයේ ප්‍රකාශකයකු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

ශ්‍රී ලාංකිකයිනට පමණක් නොව එරට අනවසරයෙන් රැදී සිටින සියලුම සරණාගතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ස්විස්ටර්ලන්ත රජයද පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කර තිබිණ .