සුළං සැරයි- මුහුදු යන්න එපා

Picture of අසංක

අසංක

අධික සුළං සහිත කාලගුණය හේතුවෙන් අද (11) හා හෙට (12) දිනයන්හි ආරබි හා බෙංගාල බොක්ක මුහුදේ ධීවර කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ දැනුම් දී සිටී .

වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 -65 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
, හෙට දහවල් වනතෙක්ම එම තත්ත්වය පැවතිය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.