කතකට මත්වෙන බීමක් දී බසයේදී ‌කොල්ලකාලා

Picture of අසංක

අසංක

කුරුණෑගල සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් පුද්ගලික බස් රථයක ගමන් ගත් මගී කතකට යාබද අසුනේ සිටි අයකු විසින් මත්පෙති දැමූ බීම වර්ගයක් පානය කිරීමට දී ඇය සතු දෙලක්ෂයක් පමණ වටිනා මුදල් හා රන් භාණ් සොයාරගෙන තිබේ.

බසයේ ගමන් ගත් මගීන් විසින් සැකකරු අල්ලාගෙන පොලීසියට ඉදිරිපත් කර ඇත.

බීම පානයෙන් සිහි මුර්ජාවී සිටි කාන්තාව රෝහල්ගත කර ඇත.

මෙලෙස සිහිමුර්ජා වී ඇත්තේ චීනවරාය පදිංචි 43 හැවිරිදි කාන්තාවකි.

සැකකරු 45 හැවිරිදි මැදිරිගිරිය පදිංචිකරුවෙකි.

සොරාගත් භාණ්ඩ සැකකරුව සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු  කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.