කුඩු එක්ක එජාප ප්‍රා. මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

හෙරොයින් මත්කුඩු සමග අද අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂයේ කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ලබන 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව පදිංචි 28 හැවිරිදි විමුක්ති ඒ්කනායක නමැති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකි.

ආනමඩුව-පුත්තලම මාර්ගයේ ‌‌තෝනිගල ගල්වංගුව අසලදී ඔහු අත්අඩංගුවට ‌ගෙන තිබුණේ අද දහවල් 11.20ට පමණය.

ඔහු සතුව තිබී ‌‌හෙරොයින් මිලිග්‍රෑම් 700ක් ද ‌‌පොලිස් භාරයට ‌ගෙන තිබේ.