නවතම පුවත්

බදියුදීන් ඉන්නවා නම් ඒ ආණ්ඩුවේ අපි නෑ – ගම්මන්පිල

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පිහිටුවන ඉදිරි ආණ්ඩුවක් සඳහා කවුරුන් සම්බන්ධ කරගන්නේද, නොගන්නේද යන්න පිළිබඳ තීරණය පක්ෂ නායකයන්  සතු වුවද රිෂාඩ් බදියුදීන් වැනි පුද්ගලයන් සිටින ආණ්ඩුවක තම පාර්ශ්වය නොසිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන කාර්යාලයේදී අද (12දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එසේම අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පාර්ශ්වයේ සහාය ලබාගන්නා අපේක්ෂකයෙකුට ජනාධිපතිවරණයේදී සහාය ලබා නොදෙන බවද මන්ත්‍රීවරයා   කීය.

“අපි දැක්කා අගමැතිතුමන්ට තෙලෙන් බැද්දත් කොබෙයියා කියන රබන් පදය මතක් වෙලා තිබුණා. ඕක ඉතින් මම දෙසතියකට පමණ පෙර කිව්ව රබන් පදය. ඒ නිසා අගමැතිතුමා කියූ රබන් පදයට අපිත් කැමති ඒ රබන් පදයෙන්ම උත්තර දෙන්න. ‘රනිල් ආවාත් කොබෙයියා.  සජිත් ආවත් කොබෙයියා.  කරු ආවත් කොබෙයියා. කවුරු ආවාත් කොබෙයියා.  කොබෙයියා බොල කොබෙයියා’. එජාපයෙන් කවුරු ආවත් එකම ප්‍රතිඵලයමයි.” 

මාධ්‍ය – ඉදිරි ආණ්ඩුවක් පිහිටුවීමේදී රිෂාඩ් බදියුදීන් මන්‍ත්‍රීවරයා වැනි පුද්ගලයන් භාරගැනීමට ඔබතුමන්ලා සූදානම්ද?

මන්ත්‍රීවරයා- කාවද ගන්නේ කාවද නොගන්නේ කියන එක පක්ෂ නායකයන්ගේ වැඩක්.  නමුත් අප ඉතා පැහැදිලිවම කියලා තියෙනවා රිෂාඩ් බදියුදීන්ලා සිටින ආණ්ඩුවක අපි ඉන්නෙත් නෑ කියලා.  රිෂාඩ් බදියුදීන්ලාගේ සහාය ලබාගන්නා ජනාධිපති අපේක්ෂකයෙකුට අපි සහාය දෙන්නෙත් නෑ කියලා. අපේ ස්ථාවරය අදටත් ඒ ලෙසින්මයි

මාධ්‍ය – රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක වැනි අමාත්‍යවරුන් ගැන මොකද කියන්නේ ?

මන්ත්‍රීවරයා- ඒ අය ගන්නවද නැද්ද කියන එක නායකයන්ගේ වැඩක්. ඒ අය මොන පැත්තේ හිටියත් රටේ නීතිය ක්‍රියාත්මක කරලා ඔවුන්ට කළ වරදට දඬුවම් ලබාදෙනවා. ආණ්ඩුවේ සිටීම මුක්තියට කාරණයක් වන්නට ඉඩ තියන්නේ නැහැ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා